පදම ඉක්මවා අඩියක් ගසා මුර රස්සාවේ යෙදී සිටි තරුණයකු මැදියම් රැයේ වැඩබිමට ඇතුළු වූ සොරෙකු පසුපස පන්නන්නට ගොස් වැඩ බිමේ තිබූ මඩ වළකට වැටී අතපය ලෙලි ගසාගෙන රෝහල් ගතවන්නටත් අන්තිමේදී රස්සාවට සමුදෙන්නටත් සිදුවීමේ පුවතක් වියලුවෙන් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
එය ඉන්ධන ටැංකි සවි කිරීම සඳහා තැන් තැන්වල විශාල වළවල් හාරන ලද ඛණිජ තෙල් සංස්ථාවට අයත් වැඩ බිමකි.
පිළිගත් ආරක්ෂක සේවාවකින් තරුණ මුරකරුවෙකුද ආරක්ෂාවට යොදවා තිබිණි.
රෑ සේවා මුරයේදී ගමේ බඩු ගෙන්වා ගෙන තම මිතුරන්ද සමඟ අඩියක් ගැසීමට තරුණ මුරකරු කටයුතු කළේ එහි සියලු දෙනාටම ඇති තරම් නිදහසද තිබූ හෙයිනි.
පසුගිය දිනෙකද මිතුරු පිරිස එහි පැමිණියේ අවශ්‍ය කළමනා සියල්ලද රැස් කරගෙනය.
මැදියම් රැය ආසන්න වන තුරුම පැවැති සාදය අවසන් වූයේ වැඩබිමේ එපිටින් ඇසුණු කම්බියක් ඇදීමේ හඬක් නිසාය.
එසැනින් ක්‍රියාත්මක වූ තරුණ මුරකරු අඩ අඳුරේම ඒ දෙසට දුවද්දී වැඩ බිමේ කම්බි ගොඩ අසල සිටි අයෙකු දිවයනු දැක ගන්නට ලැබිණි.
“හොරෙක් හොරෙක්” යයි කියමින් ඔහුද ඒ පසුපස දුවන්නට වූ අතර මඳ වේලාවක් ගත වෙද්දී එය “බුදු අම්මෝ” යනුවෙන් මහත් විලාපයකට පෙරළිනි.
පසුපසින් ගිය මිතුරු පිරිසට විදුලි පන්දම් එළියෙන් දැකගන්නට ලැබුණේ තෙල් ටැංකි දැමීම සඳහා අඩි ගාණක් කපන ලද මඩවළක වැටී මඩ නාගෙන දඟලන තම මිතුරාය.
වළට වැටීමෙන් ඇඟ පත ලෙලි ගොස් තිබූ ඔහු මහත් පරිශ්‍රමයක් දරා ගොඩට ගෙන මහ රෑම රෝහල් ගත කළ අතර දින ගණනාවක් ප්‍රතිකාර ගන්නටද සිදුවිය.
සිද්ධිය සැලවී එහි පැමිණි ආරක්ෂ සේවය භාර ප්‍රධානියා සියලු තතු සොයා බලා ඔහුගේ වැටුපද ලබා දී ඔහුට සමුදී ඇත්තේ ඒ පිළිබඳ පොලිසියට පැමිණිල්ලක් කරමිනි.
(වියලුව වාර්තාකරු)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අඩියක් ගසා මුර වැඬේට ගිහින් අතපය ලෙලිගසාගෙන රස්සාවත් නැතිවෙලා
බමුණු ආරච්චි Tuesday, 13 September 2016 05:26 AM
බීලා හිටියත් ජොබ් එක හරියට කරලා තිබෙනවා. (නි)
ජනත් Tuesday, 13 September 2016 05:40 AM
බිම නිසා රාජකාරියට කිසිම බාධාවක් වෙලා නැහැනේ. ඒ නිසා රැකියාවෙන් ඉවත්කිරීම ගැන තව ටිකක් සලකා බැලුවොත් හොදයි නේද? පොඩි දඩුවමක් කරලා රැකියාව දුන්නොත් තම පවුලට යැපෙන්න පුළුවන්. මහා රෑ ඔයවගේ තැනක මුර කරනවා කියන්නේ ලොකු දෙයක්.(හේ)
අමාලි Tuesday, 13 September 2016 08:36 AM
එ්ක ඇත්ත. පොඩි අඩියක් ගැහුවට කොල්ලා ජොබ් එක හරියට කරලා තියෙනවා (නි)
අබරන් Tuesday, 13 September 2016 09:51 AM
හොඳ සිහියෙන් හිටියා නම් හොරා පස්සේ දුවන්නේ නැහැ. බීල හිටපු නිසයි මිනිහ වැඩ පෙන්නන්ට ගිහින් තියෙන්නේ. (ර)
සුජීව - ලෙබනන් Tuesday, 13 September 2016 10:02 AM
අමාලිත් හොදට අඩි ගැන දන්නවා වගේ... (ර)
පිටබැද්දර ජයා Wednesday, 14 September 2016 12:01 PM
බීපු නිසානේ වලේ වැටුනේ , ඒ විතරක් නෙවෙයිනේ දැන් රස්සාවටත් තට්ටු කරගත්තනෙ , අඩියක් ගහන්න ඕනේ නම් නිවාඩුපාඩුවේ වෙල් එලියක වැවු ඉවුරකට සෙට් වෙන්න තිබුණනේ , එතකොටනේ ආස්වාදයේ උපරිමයටම යන්න තිබුණේ කොහෙද ඉතින් .... දැන් රස්සාවත් නැහැ අත පයත් තුවාල කරගෙන ඒ මදිවට විස්තරේ පත්තරෙත් ගිහින් , උඹ නාඩන් උඹ නාඩන් උමබට ඕව හොඳ පාඩම් කියල තමයි කියන්න තියෙන්නේ (අ)
සමන් Thursday, 15 September 2016 09:04 AM
රැකියාව නැති කළ එක තමයි වැරැදි (හේ)