කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
සිය සහෝදර සේවකයාට ඇටවූ උගුලේ එම කාර්යාලයේම සේවිකාවක පැටළුණ අපූරු පුවතක් දකුණේ කාර්යාලයකින් අසන්නට ලැබේ.
ඔහු කාර්යාලයක අයකැමිය. නිල කාමරයක් තිබුණේ ආරක්ෂාකාරීව ගනුදෙනු කිරීමටය. ඔහු ගැහැනු පරානවලට ඇලුම් කළ අයෙක්ද විය.
සේවිකාවන්ට අනවශ්‍ය විහිළුතහළු කර ඇස් රතු කරගත් අවස්ථාද ඇති තරම්ය. ඒ එකකින්වත් ඔහු පාඩමක් ඉගෙන නොගත්තේය.
වෙනදා ඔහුගේ භාර්යාව අවශ්‍යතා සඳහා නගරයට යාම්ඊම් කළේ මගී ප්‍රවාහන බස් රථයෙනි. පවතින ඉන්ධන අර්බුදය හමුවේ මගී ප්‍රවාහන බස් රථ ධාවනය නොකරන නිසා නගරයට එන ඇය සිය සැමියාගේ යතුරුපැදියෙන් නිවෙසට යාමට කාර්යාලයට ඒමට පුරුදුව සිටියාය.
එදා ඇය නගරයේ ගැවසෙනු දුටු සේවිකාවන් පිරිසක් ඔහුට හොඳ පාඩමක් ඉගැන්වීමට කතිකා කර ගත්හ. ඒ අනුව පිරිසේ සිටි රූමත්ම කාන්තාව ඔහුගේ භාර්යාව ඔහු සිටින කාමරයට එනතෙක් රැකසිට ඊට කලින් එම කාමරයට රිංගා ඔහු ළඟට කිට්ටුවී අල්ලාප සල්ලාපයේ යෙදී සිටියාය. කිසිත් නොදත් ඔහු මේ රූමතිය සමග කතා බහ කළේ දැඩි ආශාවකිනි.
මේ රූමතිය ඔහුගේ ඇඟට තට්ටු දමමින් කතාකරනවාත් සමග ඔහුගේ භාර්යාවද එතැනට කඩපාත්වූවාය. මේ දර්ශනයෙන් ඇයට ආරූඩයක් වැසුනාක් මෙන් වූවාය. ඒ දෙස හොරෙන් බලා සිටි ඇත්තන් සිතුවේ භාර්යාව පැනපු ගමන්ම සැමියාට කුඩය කැඩෙන තෙක්ම පහර දෙනු ඇතැයි සිතාය. එහෙත් සිදුවූයේ අනෙකකි. භාර්යාව රූමතියට කුඩය කැඩෙන තෙක්ම පහරදුන්නේ බැඳපු මිනිහකුටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැති හැතිරියක් කියමිනි.
කාමරයෙන් දුවන තෙක්ම රූමතියට ඇය පහර දුන්නේ සැඟවී ඒ දෙස බලා සිටි පිරිසද හොල්මන් කරමිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අනංගයකුට ඇටවූ උගුල ආපසු කැරකී ඇවිත්