X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


අනතුරට ලක් වූ පාපැදිකරුගේ ගමන් මල්ලේ ගල් ඉබ්බෝ

දකුණු පළාතේ උප නගරයක් අසල මහ මග වූ රිය ගැටුමකි. රාජ්‍ය සංස්ථාවකට අයත් ජීප් රථයක ගැටී තිබුණේ පාපැදිකරුවෙකි. වඩු කර්මාන්තයේ නිරතව සිටි මේ පාපැදිකරු බොහෝ දෙනකු දන්නා හඳුනන මැදිවියේ වූ සැදැහැවත් කෙනෙකි.
මේ නිසාම එතැනට එක්වූ තරුණ පිරිස පාපැදිකරු ඔසවාගෙන විත් පසෙක තබා ජීප් රථයේ වූවන්ට දැඩි සේ චෝදනා කොට පොලිසියට ද දුරකථන ඇමතුමක් දුන්හ.
බයිසිකලයට තරමක අලාභ සිදුව තිබූ අතර පසෙකට විසිවී තිබුණු ඔහුගේ බෑගය ගෙන ඒමට ගිය තරුණයකුට තරු පෙනුණේ ඒ තුළ සිට ගල් ඉබ්බන් දෙදෙනකු එළියට එන ආකාරය දුටු හෙයිනි.
පොලිසිය පැමිණ පරීක්ෂණ පවත්වන අතර ගෙන ආ ඉබ්බන් ගැන විමසන විට ඔහු කීවේ තම මිදුලට ආ මේ ඉබ්බන් දෙදෙනා වතුර ඇළකට දැමීමට බෑගයේ දමාගෙන ආ බවක්ලූ.



අදහස් (0)

අනතුරට ලක් වූ පාපැදිකරුගේ ගමන් මල්ලේ ගල් ඉබ්බෝ

සමීර _ සල්මියා Thursday, 23 May 2013 03:55 PM

මේ වගේ පින්කම් කරන්නේ වාසි බලාපොරොත්තුවෙන් නම් ඔහුට පව මෙලොවදීම පලදුන්නා වෙනවා.(දිට්ටධම්මවීදනීය කර්මය.)මෙය සැදැහැ සිතින් කලා නම් ලාබෙට පහසුවට පින්කම් කරන්න අපහසු බව ඔහු ඉගෙනගනී. (නි)

:       0       0

කුමාර Monday, 27 May 2013 02:59 PM

ලදු කැලෑ මඩ වගුර‍‍ වැනි තැන් වලට මිනිස්සු යනවා කැලෑ ඉනි කපන්න, පන් උගුල්ලන්න ඔවැනි තැන්වල වැසිකිලි නැහැ. මලපහ කරන්නෙත් ඒ අසලමයි. ඉබ්බෝ මිනිස් මල බුදින වග දන්න මිනිස්සු අඩුයි කාරණාව ඇත්ත වුවත් ලියන්නත් අප්‍රසන්නයි. ඒ අනුව මිනිස්සුන්ට කට තිබුණත් හිතන්න මොළය නැහැ.(නදී)

:       0       0

විසාකා ද මෑල් Monday, 27 May 2013 09:57 AM

ඔය කියන මනුස්සයව මම දන්නවා. මිනිහ ඉබි සුප් බොන්න දෙවියා. ඉන්ජෙක්ෂන් ගහන්න බැරි තරමට හම හයියයි ඉබි සුප් බීලම (නි)

:       0       0

සේරම් පැරිස් Sunday, 26 May 2013 03:21 PM

මේ මනුස්සයා දීලා තිබෙන පිළිතුර දෙකෙන්ම පේනවා වඩුවා ගල් ඉබ්බෙක් කියලා. වතුර වලකට දාන්න ඉබ්බෝ මල්ලක් ගෙන ගිහින්. හක් හක් හක් දෙපත්තෙන්ම හිනා මට.(නදී)

:       0       0

මර්සි ලංකා Sunday, 26 May 2013 03:19 PM

පසු ගිය දිනක ලංකාදීප පත්තරේ තිබුන එංගලන්තයේ ඉබ්බෙක් අවුරුදු සිය ගානක් ජීවත් වෙලා මිය ගිය සිද්දියක්. අනේ අපේ ඉබ්බෝ ඒ තරම් පින් කරලා නැහැ.(නදී)

:       0       0

ලීල් ගුණවර්ධන Sunday, 26 May 2013 01:06 AM

ඉබ්බා දියේ හිටියත් අරගෙන දෙකට කපනවා දොරක එල්ලා තිබුනත් දෙකට කපනවා. ඒක තමා ඉබ්බාගේ ඉරණම.(නදී)

:       0       0

හේරත් Sunday, 26 May 2013 12:54 AM

පහන් මල්ලියේ මම අහල තිබුණු කතාව ඉවර උනේ ඉබ්බා බිම වැටෙන්න ඔන්න මෙන්න කියල කිව්වලු "චෙරියෝ මචන් සී යු කියලලු. කොයි එකද ඇත්ත.(නදී)

:       0       0

හේරත් Sunday, 26 May 2013 12:46 AM

ඉබ්බා කිව්වලු ස්තුතියි පොලිස් දැන් අපි නිදහස් කියලා.(නදී)

:       0       0

සංකල්ප Saturday, 25 May 2013 11:42 AM

බයිසිකළේ හොරකම් කරනවා වලක්වන්න දාපු පිටත්තල ඉබ්බෝ කොහොමද ගල් ඉබ්බෝ උනේ? පව් දෙය්යනේ මොනවද මේ ඉබ්බෝ කියන්නේ.(අ)

:       0       0

නාරද Friday, 24 May 2013 07:32 AM

ඉබි මස් කන කට්ටියට එන්නත් දෙනවිට කටු කැඩෙනවලු. ඒ අය අඩු වයසෙන් යනවලු. (නි)

:       0       0

සරත් Thursday, 23 May 2013 09:19 PM

වරුණ කිව්වාවගේ හරියටම කියන්න බැහැ එයාගේ හිත තමා.(නදී)

:       0       0

සංජීව Thursday, 23 May 2013 04:38 PM

ඉබ්බා දියේ දැම්මහම ඈන්නෑවේ කිව්වලු... ලනුවක් තිබුනේ නැද්ද ළඟ පාතක.. (නි)

:       0       0

දිසානායක Thursday, 23 May 2013 04:35 PM

පහන්, පරණ කතාවට වඩා අලුත් දෙයක් කියලා මාව හිනැස්සුවට ඔයාට තෑන්ක්ස් (නි)

:       0       0

ගාමිණී-සිරි Thursday, 23 May 2013 04:08 PM

ඉස්සර කාලේ ඉබ්බෝ කියා ඇමතුවේ. දැන් කාලේ කොලු ගැටව් කියන්නේ " පැඩ් ලොක් "කියලා. කව්ද දන්නේ වඩු මල්ලී මාමගේ ගෙදර ඉස්සරහටත් ,පිටිපස්සටත් සවි කරන්න රැගෙන ගියාද කියලා!!(නි)

:       0       0

චන්දා Thursday, 23 May 2013 03:06 AM

ඉබ්බන් දෙන්නා දියට දැම්මාම ඇන්නෑවේ කිව්වාලු (නි)

:       0       0

ආනන්ද ආර් Thursday, 23 May 2013 03:07 PM

මේ ඉබ්බෝ දෙන්නගෙන් පොලිසිය ප්‍රශ්න කරලා තියෙනවා.ඉබ්බෝ දෙන්නාම පාපොච්චාරණය කරලා තියෙනවා. කවුද කිව්වලු මේ මනුස්සයා මේ මල්ලත් අරගෙන ඕස්ට්‍රේලියාවට යනවා කියලා. ඉබ්බෝ දෙන්නත් ඔස්ට්‍රේලියාවට යන්න විදියක් හොය හොයා තමයි ඉඳලා තියෙන්නේ. මේ ලැබිච්චි චාන්ස් එකට ඈන්නාවේ කියල ඉබ්බෝ දෙන්නා මේ මල්ලට රිංගා ගත්තාලු. අවාසනාවට මෙහෙම දෙයක් වුනේ නැත්නම් අපි දැන් ඕස්ට්‍රේලියාවේ කියලා එක ඉබ්බෙක් කඳුළු සලමින් කිව්වලු. (නි)

:       0       0

අසේල Thursday, 23 May 2013 12:38 PM

කල කම් පලදේ

:       0       0

අරුණ Thursday, 23 May 2013 11:07 AM

රජ ඉබ්බෝ... ඕක තමයි කියන්නේ ඉබ්බන්ගේ පණ හයියයි කියලා (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 23 May 2013 10:52 AM

ඉබ්බගේ මස් වලට කියන්නේ දිය කුකුළු මස් කියලා. මේවට කෙළ හළන අය අපේ රටේ ඕනෑතරම්. එහෙම කෙනෙකුට දෙන්න අරගෙන ගියාද දන්නෙ නැහැ (නි)

:       0       0

සමන් Thursday, 23 May 2013 10:28 AM

ඒ මනුස්සයා කියපු කතාව ඇත්ත වෙන්නත් පුළුවන්. (තමන් තමන්ටම ගහ ගන්න මේජර්ල ඉන්න, තමන් තමන්වම ගස් බැඳ ගන්න මිනිස්සු ඉන්න රටක මේ කතා මොනවද) (නි)

:       0       0

පහන් Thursday, 23 May 2013 10:05 AM

මේ ඊයේ පෙරේද දවසක වතුර හිදුනු වලක ඉබ්බෙක් හිටියලු. මාලුකන්න කොක්කු දෙන්නෙකුත් ආවලු. ඉබ්බා කිව්වලු අනේ යාලුවනේ මාව වතුර තියන විලකට ගෙනියන්න කියලා. ඒ පාර කොක්කු කිව්වලු අපෝ අපෝ අපිටනම් බැහැ ඔයාලගේ මුත්ත කෙනෙක් එහෙම ගෙනිහිල්ල කට වරද්දගෙන වැටිලා මරුන අපිටනම් බැහැ ආයේ ඒවගේ වැඩ කරන්න කියලා. ඒ පාර ඉබ්බ කිව්වලු මම එහෙම අපේ මුත්තා වගේ මෝඩ නැහැ මම කටවහගෙන ඉන්නම් මාව ගෙනියන්න කියලා. එහෙනම් හා කියල කොක්කු දෙන්නා කෝටුවක් ගෙනල්ලා ඉබ්බව අරන් අහසට නැග්ගලු දැන් යනවලු. අර ඉස්සර කොල්ලෝ හිටපු වෙලේ දැන් කොල්ලෝ කිරිකට් ගහනවලු. මේක දැකපු කොල්ලෝ"' මෙන්න කොක්කු දෙන්නෙක් ඉබ්බෙකුට මුට්ටිය අල්ලනවෝ කියලා කෑගැහුවලු කොක්ක්කු දෙන්නට මල පැන්නලු එපාර කොක්කු දෙන්න කිව්වලු කොක්කු කවදද බොලව් ඉබ්බන්ට මුට්ටිය ඇල්ලුවේ කියලා. මෙන්න දැන් කොටුව කටේ තියාගෙන ඉබ්බා වටෙනවලු. කොක්කු දෙන්නා ඉක්මනට පහලට පියාබල කොන්දෙක කටවල් වලින් අල්ල ගත්තලු. ඉබ්බා කිව්වලු "'තෑන්ක් යූ මචන් කියලා.(නදී)

:       0       0

හේරත් Thursday, 23 May 2013 09:19 AM

වෙසක් සතියේ, අනේ ඉබ්බෝ ටික! (නි)

:       0       0

කපිල Thursday, 23 May 2013 09:15 AM

මම ඔය කියන කෙනා දන්නවා.. එයා බොහොම හොද කෙනෙක් (නි)

:       0       0

චතූ Thursday, 23 May 2013 09:07 AM

හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස් කියන්ෙන ඕවට තමයි (නි)

:       0       0

සිල්වා ප Thursday, 23 May 2013 08:23 AM

ඉබාගාතේ ප්‍රාදේශිය රැස්වීමකට යනගමන් වෙන්නැති.(නදී)

:       0       0

වරුණ Thursday, 23 May 2013 07:35 AM

හැබැයි ඕකේ දෙපැත්තක් තියනවා. මිදුලට ආවානම් පාරේ අරගෙන යන්නේ නැහැනේ මරන්න ඕනා නම් ගෙදරම ඒක කරන්න තිබුනා. ඒත් ඇත්ත මොකක්ද බොරුව මොකද්ද කියලා සොයලා බැලියි යුතුයි. බොරුවට චෝදනා කරන්නත් නරකයි නේ?(නදී)

:       0       0

යොහාන් Thursday, 23 May 2013 07:30 AM

ඇයි ළඟපාත දිය අගලක් නැද්ද ඔය ඉබ්බෝ ටික දාන්න? (නි)

:       0       0

අබු ධබි Thursday, 23 May 2013 03:16 AM

ඔය තරුණයා කියලා තියෙන්නේ බොරුද කොහෙද? දෙවියන් දීපු දඩුවමක් ඕක (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site