X Advertisement
IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


අනියම් පෙමක රහස හෙළිවී විත්තියත් පැමිණිල්ලත් කූඩුවේ

(උණවටුන ඩී.ජී. සුගතපාල)
 ගාල්ල පොලිසියේ  විවිධ පැමිණිලි අංශයේ ප්‍රධාන පොලිස් පරික්ෂක සනත් සුජීව මහතා පැමිණිල්ලක් විභාගයට ගත්තේය. පැමිණිලිකරු වූයේ හැට හැවිරිදි විශ්‍රාමික හමුදා සෙබළෙකි. විත්තිකරු වූයේ 48හැවිරිදි පුද්ගලයෙකි. දෙපාර්ශවයම එකම ප්‍රදේශයේ පදිංචිකරුවෝය.


පැමිණිලිකරු තම බිරිඳ සමග පැමිණ සිටි අතර වගඋත්තරකරු පනස් හැවිරිදි තම සොහොයුරිය සමග පැමිණ සිටියේය. පැමිණිල්ල විභාග කරමින් සිටියදී පැමිණිලිකරු රහසක් අනාවරණය කළේය. “විත්තිකරු‍ගේ මේ අක්කත් එක්ක අවුරුදු පහක් තිස්සේ මගේ සම්බන්ධයක් තියෙනවා.’’


‘‘ඔව් මමත් ඒක දන්නවා’’ ඔහුගේ බිරිඳ කීවාය. එහෙත් එය අක්කා සහ මල්ලී ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එය බොරුවක් බවය. ඇයද විවාහක දරුවන් සිටින මවක් නිසා මෙසේ දැන් බොරු කියන බවත් ඇය සමග සිටින ඡායාරූප පවා තමන් සතුව තිබෙන බවත් පැමිණිලිකරු කියා සිටියේය.


මෙහිදී ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පැමිණිලිකරුගේ බිරිඳ අමතා කියා සිටියේ ඔබගෙන් ලැබෙනවාට වඩා සැලකිලි ඇයගෙන් ලැබෙන නිසා එසේ යන්නට ඇති බවය.


දැන් දැන් දෙපාර්ශ්වයම එකිනෙකාට බරපතළ ලෙස චෝදනා කරන්නට පටන් ගත්තේය. පැමිණිලිකරු දිගින් දිගටම කියා සිටියේ ඇය සමග තමාගේ අනියම් සම්බන්ධයක් තිබෙන අතර එයට උරණවී ඇයගේ මල්ලී විසින් තමාට පහරදුන් බවය. මෙහිදී විත්තිකරුද කියා සිටියේ පැමිණිලිකරු ද තමාට පහරදුන් බවය.


කෙසේ වෙතත් අවසානයේ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පැමිණිලිකරුත් විත්තිකරුත් දෙදෙනාම අත්අඩංගුවට ගනු ලැබූහ.

 



අදහස් (0)

අනියම් පෙමක රහස හෙළිවී විත්තියත් පැමිණිල්ලත් කූඩුවේ

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site