(මෝදර - සී. ඉග්නේෂස් ඇන්තනී)
මවක් සහ දියණියක් එකිනෙකාට හොරෙන් එක් තරුණයෙකු සමග පෙම් සම්බන්ධතාවයක පැටලී ඇසුරු කරන අතරතුරදී තරුණයා දියණියගේ නිරුවත් ඡායාරූප මවගේ ජංගම දුරකථනයට එවීමත් සමග ඇතිවූ වේදනාවට නිසි විසඳුමක් ලබාගැනීමට ගොස් පොලිසියේදී දුව මවට ඉගැන්වූ පාඩමක් පිළිබඳව වාර්තා වූයේ සියනෑ කෝරලේ එක්තරා ගමකිනි.
සිද්ධිය මෙසේය.
මව රූමත් ගුරුවරියකි. ඇය තම සැමියාගෙන් වෙන්වී දුවත් සමග වෙනත් නිවසක පදිංචි වී වාසය කළාය. ගුරුවරිය පාසල් යන අතර මගතොටදී දුටු උස මහත තරුණයකු සමග හිතවත් වූවාය. හිතවත්කම දුරගියේය. නිතර නිතර දුරකථනයෙන් අදහස් හුවමාරු කරගත් ඔවුහු ඡායාරූප ගනිමින් එවා හුවමාරු කරගත්හ.
එලෙස කාලය ගෙවී යද්දී ඇගේ දියණියත් රූමත් ලෙස හැදී වැඩිණි. ඇය අම්මාගේ දුරකථනය පරිහරණය කරන්නට විය. එම දුරකථනය පරිහරණය කිරීමේදී නෙත ගැටුණේ අම්මා උස මහත තරුණයෙකු සමග එකට සිට ගත් ඡායාරූපවලටය.
කාලයක් ගතවන විට හැඩිදැඩි තරුණයාගේ ඡායාරූප වලට මුලාවී දුවද ඔහු සමග මිත්‍ර වූවාය. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය ද වර්ධනය වන්නට විය. අම්මට හොරෙන් දුව තරුණයා සමග ගමන් බිමන් ගියාය.
ටිකෙන් ටික මේ දෙදෙනාගේ සම්බන්ධය මවට දැනුණි. එහෙත් මව දුවට කිසිවක් නොකීවත් තරුණයාගේ දින චර්යාව නම් මවට රිස්සුවේ නැත.
දිනක් තරුණයා මවගේ ජංගම දුරකථනයට නොයෙක් නොයෙක් ඡායාරූප රැසක් එවා තිබුණි. එම ඡායාරූප දුටු ගුරුවරිය තුෂ්ණිම්භූත වූවාය. හිතට කේන්තියක් ද ආවාය. මෙය පොලිසියට පෙන්විය යුතුයැයි ඇයට සිතුණි. ගුරුවරිය දියණියත් සමග ජංගම දුරකථනය ගෙන පොලිසියට ගියේ යම්කිසි විසඳුමක් බලාපොරොත්තුවෙන්ය.
පොලිස් නිලධාරියෙක් ඔවුන් පැමිණි කාරණය ඇසීය. ගුරුවරිය තරුණයාගේ තොරතුරු පවසා බලන්න මහත්තයෝ දුවගේ නිරුවත් ඡායාරූප මට එවලා තියෙනවා. කියමින් ජංගම දුරකතනය පොලිස් නිලධාරියා අත තැබීය. පොලිස් නිලධාරියා එය ක්‍රියාත්මක කළ අතර ඉන් ඡායාරූප දිස්විණි. මවට හීන් දාඩිය දැමීය. ඇයට වාරු නැතිවිය.
අම්ම කෙලින් සිටුවා ගත් දියණිය එහිදී කියා සිටියේ අම්මේ අම්මා මීට වැඩිය මා ගැන සිතුවා නම් හොඳයි නේද කියාය. ගුරුවරියක වූ අම්මා කඳුළු සලමින් පොලිසියෙන් පිටවී ගියාය. පොලිසියේ වෙනත් දොරකින් දුව පිටවී ගියේ සිත සන්තෝසයෙන් පුරවාගෙනය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අනියම් පෙම්වතා එවූ පින්තූර දැක්කාම ගුරුවරියට එළොව පොල් පෙනිලා