X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


අනියම් පෙම්වතිය සොයාගොස් වෙන නිවෙසකට තට්ටුකර පොලිසි යන්නත් වෙලා

අනියම් පෙමක පැටළුණු තරුණයාට සිය අනියම් කාන්තාව රාත‍්‍රියේදී එන්නට කියූ නිවෙස පැටළී වෙනත් නිවසකට ගොස් එහි සිටි පුද්ගලයන් බය වී ‘‘සොරු පැන්නායි කියා කෑ ගසා’’ ගම්මුන් එකතුව ඔහු පොලිසිය වෙත අල්ලා දුන් පුවතක් වාර්තා විය.

සිද්ධිය දැන ගත් ආකාරයට මෙසේය.

අනියම් ඇසුරක් පැවත්වූ මෙම පුද්ගලයා මැදි වයසේ පුද්ගලයෙකි. කාලයක සිට පැවති මෙම කාන්තා හුටපටය කාටත් රහසේ පවත්වාගෙන ගිය ඔහු ළඟදී දිනක තම අනියම් කාන්තාවගේ නිවසට මධ්‍යම රාත‍්‍රියේ පැමිණෙන බව ඇයට පවසා ඇති අතර ඊට කාන්තාවද සිය කැමැත්ත ලබා දී ඇත. සුරාපානය කරන ලද තරණයා කාන්තාව සොයා රාත‍්‍රියේ යන්නට තිීරණය කර ඇත. ඔහුට පැමිණෙන්නට කියූ පාර බොක්කුවක් තිබෙන ස්ථානයකින් වම් පැත්තට ඇති පාරකි. රාත‍්‍රී 12 පසුවී සුරා මතින් මත් වූ ඔහු ඒ මඳ සිහියෙන් වෙනත් පාරක ගොස් බොක්කුවක් අසළින් හැරී නිවෙසකට තට්ටු කර ඇත.

එම නිවසේ පිරිස කළබල වී ‘‘සොරුන් පැන්නායි කියා කෑ ගසන විට’’ ගම්මුන් වහාම ක‍්‍රියාත්මක වී පොලූ මුගුරු රැුගෙන සියලූ පාරවල් හරස් කර සොරා කොටු කර ගෙන ඇත්තේ ඔහුගේ යතුරුපැදිය අසලදීය. පසුව සිදු වූ දෙය ගම්මුන්ට පැහැදිලි කර ඇති මෙම පුද්ගලයා ගම්මුන් එක්ව පොලිසිය වෙත භාරදුන් පසුව පොලිසිය ද ඔහු පොලිස් ජීප් රථයට නවාගෙන ඇත්තේ ‘‘උඹ හොය හොයා තමයි හිටියේ’’ යැයි කියමින් බව ගමේ අය පවසති.



අදහස් (0)

අනියම් පෙම්වතිය සොයාගොස් වෙන නිවෙසකට තට්ටුකර පොලිසි යන්නත් වෙලා

චතුරි Wednesday, 09 March 2016 04:04 PM

මේ මනුස්සය. වරදක් කරලා. නැහැ නේ වැරදීමකින් වෙන ගෙදරකට තට්ටුවක් දැම්ම කියලා. බය වෙන්න ඕනද . තට්ටු කරන්නත් ලයිසන්. ගන්න වේවිද ඉදිරියට(කෞ)

:       0       0

පද්මිණී Sunday, 13 March 2016 06:32 AM

බේබද්දෙක් තම අනියම් සැමියා කරගත් කාන්තාව නම් හොඳට එයාව සුද්ද කරන්නයි ඕක කරන්න ඇත්තේ. (නි)

:       0       0

විමල් Saturday, 12 March 2016 06:06 AM

දෙක තුන වදිනකොට ගිරවා වගේ ඔක්කොම කියන්න ඇති. පෙම්වතියගෙ නමත් කිවුවද දන්නේ නැහැ (නි)

:       0       0

සමන් Friday, 11 March 2016 03:16 AM

ඔය වගේ දේවල් වලට ගෙදරට යන එක භයානකයි. (නි)

:       0       0

මෙලනි Thursday, 10 March 2016 08:13 PM

මෙතන අදහස් දමා ඇති එක් කෙනෙකුට නම් කාන්තාවක් හොඳ පාඩමක් උගන්වා ඇති හැඩයි (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ Thursday, 10 March 2016 12:41 PM

මනෝරී....කතාවක් අහල තිබුනද ...අබ කාපු මිනිහගේ මොලේ දනවා කියල.......තව කෙනෙක් බලන් ඉඳල තියෙන්නේ දොරට තට්ටුව දානකම්. එ්කනේ ලයිසන් හොයන්නේ....(බ)

:       0       0

ජයනි Thursday, 10 March 2016 12:27 PM

හොද වැඩක් කරලා තියෙන්නේ කවුරු වුනත්.(හේ)

:       0       0

ඉන්දු Thursday, 10 March 2016 10:01 AM

පිටබැද්දර ජයාට නම් මොකක් හරි ලොකු අසාධාරණයක් වෙලා වගෙයි... (ර)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 10 March 2016 04:35 AM

තහනම් ගස් වල ගෙඩි කන්න ගියාම ලැබෙන ප්‍රතිපල ඕවා තමයි. (බ)

:       0       0

සරත් Wednesday, 09 March 2016 11:10 PM

ඇයි සිල්පද දෙකක් එකට කඩන්න ගියේ? (නි)

:       0       0

ටිකිරි Wednesday, 09 March 2016 07:12 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

අමර Wednesday, 09 March 2016 04:23 PM

යන්න ඉස්සෙල්ල මට කියන්න තිබුණනේ (බ)

:       0       0

මනෝරි Wednesday, 09 March 2016 06:24 AM

ඕවා සිහිබුද්ධියෙන් කරන්න ඕනෑ. ආවට ගියාට බැහැ. (නි)

:       0       0

ජෙහාන් Wednesday, 09 March 2016 02:34 PM

අනේ ජයෝ තනි අතින් අත්පුඩි ගැහුවා දැන් ඇති නේද ? වෙලාවකට හිතෙන්නේ ඔබතුමා ගෙදර බුදුන් එක්කත් ජන්මාන්තර වෛරයක් තියනවාදෝ කියලා. (කෞ)

:       0       0

අජිත් Wednesday, 09 March 2016 02:25 PM

ඉතින් අර කසාද බැදපු මනුස්සය ඊටපස්සේ මොකද දන්නේ නැහැ කලේ?(කෞ)

:       0       0

චාරු Wednesday, 09 March 2016 02:23 PM

එතකොට රාත්‍රියේ අනාචාරයේ බවලතෙකු සොයා ගිහින් තියෙන්නේ පිටබැද්දර තියරියේ හැටියට බොහොම විනීත කෙනෙක්. (කෞ)

:       0       0

මංජු Wednesday, 09 March 2016 10:23 AM

අනේ අපොයි.(හේ)

:       0       0

ජානකි Wednesday, 09 March 2016 10:13 AM

ඔය වගේ මිනිස්සුන්ට හොඳම වැඩේ.(හේ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 09 March 2016 08:23 AM

අනේ මන්දා කියලත් බැහැ. නොකියත් බැහැ. අවිනීත ගැහැණියක් නිසා දුකට වැටුන පළමු මිනිසා නොවන නිසා මින් මතුවටත් හොඳ කල්ක්‍රියාවෙන් සිටීමට වගබලා ගන්න. මැදියමේ තමන්ගේ ගෙදරට අනියම් මිනිසෙකු ගෙන්වා ගන්න ගැහැණියක් ගැන මොන කතාද? (නි)

:       0       0

අබය Wednesday, 09 March 2016 07:47 AM

අනේ අනේ මනෝරි ...! (නි)

:       0       0

ක්‍රිෂාන්ත ප්‍රනාන්දු Wednesday, 09 March 2016 07:18 AM

පුංචි මනෝරි දන්නා දේවල්....!!! (බ)

:       0       0

නුවන් විජේවර්ධන Wednesday, 09 March 2016 07:08 AM

මේක සැළසුමේ අවුලක්. ගමන් මාර්ගය සහ ගමනාන්තය ගැන හරියට කියල නැහැ. සුරා මත නිසා මෙහෙයුම අසාර්ථකයි.(බ)

:       0       0

දුමින්ද Wednesday, 09 March 2016 06:59 AM

අසාර්ථක ක්‍රීඩකයෙක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site