අමතක වීමකින් බැංකු කාඩ්පත රැගෙන ඒමට නොහැකි වීමෙන් වෙනත් අයකුගේ ගිණුමට මුදල් ගෙන්වාගෙන මුදලුත් හිතවත්කමත් දෙකම නැති කරගත් කාන්තාවක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා නගරයකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
ඇය එම ප්‍රදේශයේ ආයතනයක සේවය කරන්නීය. විවාහක දෙදරු මවක් වන ඇය සැමියාගේ රැකියාවට අමතරව තමාද රැකියාවක් කිරීමට තීරණය කර ඇත්තේ පවතින අගහිඟකම් හේතුවෙනි. සැමියාද දුර පළාතක රැකියාව කරන අතර මසකට වරක් නිවසට පැමිණේ.
මෙදින ඇයට හදිසි මුදල් අවශ්‍යතාවක් පැනනැගුණ අතර ඇය සැමියා අමතා තම මුදල් අවශ්‍යතාව පවසා ඇති අතර ඔහු පවසා ඇත්තේ එදින දහවල් වන විට ඇය ඉල්ලා සිටි රුපියල් තිස්දහසක මුදල ඇයගේ ගිණුමට බැර කළ හැකි බවය. ඇය එම අවස්ථාවේ තම බැංකු කාඩ්පත සොයා ඇති අතර එය හෝ පාස්පොත ඇය ගෙදර දමාවිත් බව මතක් වී වෙනත් විකල්පයක් ගැන කල්පනා කරන විට තම ආයතනයේ හිතවත් පුද්ගලයකු ඉදිරිපත් වී ‘‘ඕක හිතන්න දෙයක් නැහැ දැන් ගෙදර ගිහින් අරන් එන්න වෙලාවකුත් නැහැනෙ. මගේ ගිණුම් අංකය මහත්තයට දෙන්න යැයි පවසා තිබේ. ඔහු අමුතු ගතිගුණ ඇති පුද්ගලයකු වුවද අවස්ථාවේ හැටියට ඔහු ඉටු දෙවියයකු සේ ඇයට පෙනුණි. ඇය වහාම ඔහුගේ ගිණුම් අංකය සැමියාගෙ දුරකථනය වෙත කෙටි පණිවිඩයක් මගින් යවා තිබේ.
දහවල් වෙද්දී ඇයගේ දැනුම් දීමෙන් අනතුරුව කාර්යාලයේ මිතුරා බැංකුව වෙත ගොස් ගිය පයින්ම ආපසු පැමිණ ඔහු පැවසූ කාරණයෙන් ඇයට දවල් තරු පෙනුණි. ‘‘මාර වැඩේනේ අනේ වෙලා තියෙන්නේ මම බැංකුවෙන් ණයක් ගත්තා ඒකේ වාරික කිහිපයක් ඇරියස් වෙලා ඔයාගෙ මහත්තයා දාපු සල්ලි ඔක්කොම ණයට කපාගෙන මගේ අතෙත් දැන් සල්ලි නැහැ පඩියට ටික ටික දෙන්න බලන්නම් ” යැයි ඔහු පවසද්දි කලින් දුටු ඉටු දෙවියා වෙනුවට ඔහු තුළින් ආලවකයා දැක හොඳ හැටි බැන වැදුනාය.
පසුව ඇයට සිදු වුණ සිද්ධිය දැන ඇයගේ හදිසි අවශ්‍යතාවය ඉටුකර ගැනීම සඳහා ආයතන ප්‍රධානියා ඇයට මුදල් ලබා දී ඇත්තේ ඇයගේ වැටුපෙන් අඩුකර ගැනීමට ඇය පොරොන්දු කරවාගෙනය.
කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අනුන්ගෙ පානෙන් එළිය බලන්න ගිය කන්තෝරු හිතවතිය මර උගුලක