X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 22 වන ඉරිදා


අනුන්ගේ මඟුල් ගෙදරට අනවසරයෙන් ඇවිත් බඩපුරා ගුටිකාලා

තරුතුනේ සංචාරක හෝටලයක පැවැති මංගල සාදයකට අනාරාධිතව සහභාගීවී හොඳට කා බී අවසානයේදී ගුටි බැට කෑ තරුණයන් 6 දෙනකු පිළීබඳ පුවතක් දඹුල්ල කන්දලම කැප් ඇළ ප‍්‍රදේශයෙන් වාර්තා විය. කොළඹ ව්‍යාපාරිකයකුගේ විවාහ මංගල උත්සවයක් මහත් ඉහළින් මෙහි පැවැත්වුණු අතර මෙහි රසමසවුලූවලින් මෙන්ම සුපිරි මත් වතුරවලින් ද පරිපූර්ණව සාදය පැවැත්විණි. මේ දෙස බලා සිටි සංචාරක හෝටලය අවට පදිංචි තරුණයෝ 6 දෙනෙක් ද හොඳ හැටි ඇඳ පැළඳගෙන ඥාතීන් ලෙස හෝටලයට ගොස් මංගල සාදය භුක්ති විඳින්නට වූහ. මනාල හා මනාලි පාර්ශවයේ අය මොවුන් එකිනෙකාගේ ඥාතීන් වෙන්නට ඇති බව සිතූහ. එහෙත් ඔවුන් ගමේ පිරිසක් බව සොයා ගැනීමෙන් පසුව අතුරුපසට හොඳහැටි ගුටි මුරයක් කෑමට සිදුවිය.



අදහස් (0)

අනුන්ගේ මඟුල් ගෙදරට අනවසරයෙන් ඇවිත් බඩපුරා ගුටිකාලා

ආචාර්ය සෑම් අයියා Tuesday, 05 June 2012 06:44 PM

තමන්ගේ මංගල උත්සවයවත් ළඟම නෑයන්ට හා යහළුවන්ට ආරාධනා නොකර හොරෙන් මගුල් කාපු අය තමා හොරා කෑම සාධාරණීකරණය කරන්නට උත්සාහ කරන්නේ ... දැන් එනවා අනුන්ගේ බඩගින්න ගැන කතා කරන්න... මඟුල නොතිබුනානම් බඩගින්නේ මැරෙයිද දන්නේ නෑ ???????

:       0       0

ලසිත් Sunday, 03 June 2012 08:56 AM

හරියට කන්න බොන්න නැති එක සමාජමය ප්‍රශ්නයක්.ඒත් ඔය වගේ මගුල් උත්සවවලදී මොන තරම් කෑම බීම අහක යනවද? ආසාවටවත් කන්න නැති එකට පිළිතුර කාගෙවත් දෙයක් වංචනිකව ලබාගන්න එක නෙවෙයි.ඒකට සැබෑ හේතුව තේරුම්ගෙන උත්තර හොයන එක.

:       0       0

බීටී Tuesday, 05 June 2012 02:49 AM

ප්‍රශ්නය බඩගින්නවත් ආගන්තතූක සත්කාරය නොදන්න කමවත් නෙමෙයි.මගේ හැගීමනමි ප්ලේට් 6ක ගණන.

:       0       0

සුභාශිනි Tuesday, 05 June 2012 05:53 AM

ගම්වල මිනිස්සු ආගන්තුක සත්කාර කරන්නේ මහා ඉහලින් , තමාගේ කෑම වේල කුසගින්නේ ඉන්න මිනිස්සුන්ට දීල බඩගින්නේ ඉන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා ගම්වල , එත් නාගරික මිනිස්සුන්ගේ හිත අව්වට කරවෙලා ගිහින්ද කොහේදෝ , මනුස්සකම ගෑවිලාවත් නැ. ලක්ශ ගණන් වියදම් කරලා මගුල් ගන්නේ ඒකෙනුත් හම්බ කරන්න හිතාගෙන , නැත්තම් අහිංසක මිනිස්සු කුසගින්නට හෝ වේවා , තරුණ කමට හෝ වේවා කරපු එකම වැරැද්ද කෑම වේලක් කාපු එකනේ.මෙහෙමත් මිනිස්සු .

:       0       0

සඳමාලි Tuesday, 05 June 2012 09:32 AM

බඩගින්නට කන්න ආවහම ගහන එක කැතයි..

:       0       0

සදමාලි Tuesday, 05 June 2012 08:52 AM

බඩගින්නට කන්න ආවම ගහන එක මහ කැත වැඩක්

:       0       0

සරත් Tuesday, 05 June 2012 11:52 AM

කෑවට පස්සේ ගහලා මොකටද?

:       0       0

ප්‍රසාද් Tuesday, 05 June 2012 12:17 PM

බඩගින්නට කෑවට ගහන එක හරිද?

:       0       0

ලහිරැ Tuesday, 05 June 2012 06:05 PM

බඩු මිල ඉහල යන හින්ද වේන්නැති.. ඉතිරි කෑම ටික පරිස්සම්කරල තියාගන්න....

:       0       0

ආචාර්ය සෑම් අයියා Tuesday, 05 June 2012 06:37 PM

මොන මට්ටමක මිනිසුන් වුවත්, ඔවුන් මංගලෝත්සවයකට ආරාධනා කල ගණනක් සිටිනවා... හෝටලයෙන් උයන්නේ සීමා සහිත පිරිසකට.... මෙහෙම හොරා කෑවොත්, අන්තිමට කන්න එන අරාධිතයන්ට මොනවද කන්න දෙන්නේ?????

:       0       0

ප්‍රසාද් Saturday, 02 June 2012 12:21 PM

ගහපු එක මඟුල් ගෙදරටම කැලලක් ,, ලංකාවේ මිනිස්සු වැඩි කොටසක් දුෂ්ඨ වෙලා........

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 05 June 2012 08:22 PM

සුභාෂිණී, සඳමාලි, ඔයාලා දෙන්නා දකින්න ඇති පහුගිය කමෙන්ටු වලදී මට ඉවක් බවක් නැතිව ඇතැම් පුද්ගලයින් අත්තනෝමතිකව පහර දුන්නා. එත් මම නිර්භීතව හා මධ්‍යස්ථව ඒවා සියල්ල ඉවසුවා.මට නොයෙකුත් අවලාද කටකතා හැදුවා.එත් ඒවා සියල්ල අවසානයේදී අසාර්ථක වුනා.සාර්ථක පුද්ගලයින් පසුපස කටකතා ඉතාවේගවත්ව පැමිණේ.ඕනෑම සාර්ථක පුද්ගලයෙකු පිළිබඳව මෙය එක ලෙස අදාළය.ඒනිසා කටකතා පිළිබඳ අනවශ්‍ය අවධානයක් යොමු කිරීම අවශ්‍යමදෙයක් නොවේ.ඕනෑමකෙනෙකු සම්බන්ධයෙන් තවත්අයෙකුට ඕනෑමදෙයක් කිව හැකිය.එය ප්‍රජාතන්ත්‍රවාදී සමාජඅයිතියකි.එහෙත් තමගේ ප්‍රජාතන්ත්‍රවාදය අනෙකාගේ නාසයේ ඇඟන් කෙළවර විය යුතු බවට කියමකක් තිබේ. ඊට පාදකව ඇත්තේ වෙනත් මිනිසෙකුගේ නහයේ වදින පරිදි බස්තමක් වනමින් මහ පාරේ ගිය මිනිසෙකුගේ රසවත් කතා පුවතකි. එවිට අනෙකාගේ මානව හිමිකම් මේනිසා කඩවේදැයි සොයාබැලීමට තරම් විවේක බුද්ධියක් කටකතා ශ්‍රවණය කරන අ‍නෙක් අයට තිබිය යුතුය. නැතහොත් කෙතරම්හොඳ පුද්ගලයෙකු වුවද ක්ෂණයකින් සමාජය ඉදිරියේ නරක අයෙකු කිරීමට දුර්ජනයෙකුට ගත වනුයේ ඉතා සුළු කාලයකි.තොරතුරු සන්නිවේදනයට පිළිගත් ක්ෂණික තාක්ෂණික ක්‍රමවේද රාශියක් පැවතියද අප සමාජයේ තවමත් විශ්වාසදායක ආරංචි මාර්ග ලෙස කට කතා වලට හිමිව ඇතිතැන තාක්ෂණයට නැත.සමහරු සිතා මතාව යමෙකුව අපහසුතාවයට ලක් කිරීම සඳහා ව්‍යාජ කටකතා නිර්මාණය කරති.ඒසඳහා පුංචිපහේ ඇත්තක්ද දමා ගැනීම මෙබඳු කට කතා නිර්මාණකරුවන්ගේ සිරිතයි.එවිට ඒ පුංචිඇත්ත අසන සෙස්සන් සිතනුයේ මුළු කට කතාවම සත්‍යයකැයි කියාය.මෙබඳු දේවලට ඕනෑතරම් නිදසුන් සමාජයෙන් ඉදිරිපත් කළ හැක. නමුදු එවැන්නකින් සිදුවනුයේ තවතවත් එබඳු මඩ පිරුණු කටකතා වලට අත්තටු ලැබීමක් වන හෙයින් ඒවාට නිදසුන් සැපයීමද අයෝග්යුසේ පෙනේ. අද සමහරු නවීනතාක්ෂණය භාවිතාකරනුයේද අනුන්ට විවිධ හිරිහැර සිදු කිරීම සඳහාමය. අනුන්ගේ දියුණුව නුරුස්නා අය බහුලව එසේ කරති. අත ඇති ජංගම දුරකථනය ලොව සැනෙකින් විශ්ව ගම්මානයක් බවට පත්කරවයි.ඒ තාක්ෂණය නිවැරදිව ප්‍රවේශම් සහිතව භාවිතා කරනුයේද සුළුතර පිරිසකි. අන්තර්ජාල භාවිතයද එසේමය. බහුලව එය අද භාවිතාවනුයේ තොරතුරු සන්නිවේදන ක්‍රියාවළිය වේගවත් කරගැනීම උදෙසා පමණක්මනොවේ.එනිසා ඉන් ලැබිය හැකි අති විශාල තාක්ෂණික ප්‍රයෝජන රාශියක්ලැබීමේ මංමාවත් මෙරට වැසියන්ට සීමා වී තිබේ. අද මෙරට වැසියන්ට සෑමදෙයකටම පොලිසියක් ඕනෑවී තිබේ. පොලිසිය අවශ්‍ය වනුයේ වැරදි කරන හෙයිනි. තාක්ෂණය නිවැරදිව භාවිතා කිරීමට නොදැනීම නිසා තාක්ෂණයද පොලිසියභාරයේ තැබීමට අවශ්‍ය වී තිබේ. මෙහි පොලිසිය යැයි ව්‍යවහාර කරන ලද්දේ නීති රීති මඟින් බැඳ දැමීමේ ක්‍රියාවළියක අවශ්‍යතාවයයි. හරකෙකු බැඳීමට කඹයක අවශ්‍යයතාව මතුවන්නාක් මෙන් බුද්ධිමත්ව ක්‍රියා නොකරනු ලබන්නාත් සමාජ සුරක්ෂිතතාව සඳහා කිසියම් නීතියකින් බැඳ දැමීමට අවශ්‍ය වේ. නමුදු උසස් ආකල්ප සහිතව ස්වයං විනයකින් ක්‍රියා කරන්නාට එබඳු වාරණ, තහංචි, සීමාවල අවශ්‍යතාවක්ද නොමැත.

:       0       0

ලක් Wednesday, 06 June 2012 03:06 AM

ඇයි හිතන්න බැරි දානයක් දුන්නා කියලා

:       0       0

කලු මකරා Wednesday, 06 June 2012 03:34 PM

පව් වැඩේ අප්පා​..........

:       0       0

අංජුල(පැල්මඩුල්ල) Wednesday, 06 June 2012 04:31 PM

‍ඒ නම් මහ පට්ට කුනෙක්.

:       0       0

රම්සි Wednesday, 06 June 2012 07:24 PM

හෝටලේ තරුයි කොල්ලන්ට පෙනිච්ච තරුයි එක්ක ඇත්ත තරු ගාණ කීයද දැන්?

:       0       0

රොමා Thursday, 07 June 2012 03:38 PM

මඟුල් ගෙදර උදවිය අන්දයිද...

:       0       0

දිල්ශාන්රොක්ස්.... Friday, 08 June 2012 03:17 PM

ඕකට තමයි කියන්නේ ඉල්ලන් කෑම කියලා.....

:       0       0

දිල්ෂාන් Wednesday, 20 June 2012 10:05 PM

ඇයි සජී ඔයා හිතුවද දඹුල්ලේ මිනිස්සු කන්නේ නෑ කියලා

:       0       0

සෝමේ Thursday, 31 May 2012 01:31 PM

අනේ පව් මෙයාල බඩගින්නේ ඉන්න ඇත්තේ.

:       0       0

කරෝලිස් Thursday, 31 May 2012 11:17 AM

අනේ අපිට ගහන්න එපා කියල කිව්වා ....ඒත් ගැහුවා..

:       0       0

ප්‍රිමාල් Thursday, 31 May 2012 11:51 AM

පිඟන් කෝප්පටික සෝදවා ගත්තනම් හරි. හරි ෂෝක්......

:       0       0

ෆාරූ Thursday, 31 May 2012 12:01 PM

ඔය වගේ වැඩ අනන්තවත් වෙනවා. ඕක ගනන්ගත යුතු දෙයක් නෙමෙයි...

:       0       0

සජී Thursday, 31 May 2012 12:02 PM

දඹුල්ල කිව්වොත් ගන්නදෙයක් නෑ...ඔය පැත්තේ අය ඔහොම්මමයි.

:       0       0

ෆාරු Thursday, 31 May 2012 12:40 PM

මෙන්නෝ ................අපේ ගමට බනිනවෝ...................

:       0       0

පවිත්‍රා Thursday, 31 May 2012 12:43 PM

හරි ඉතින් කන්නනේ ගියේ .මොනවහරි කෑව .එච්චරයි....

:       0       0

ගිනිකසයා Thursday, 31 May 2012 01:35 PM

කෑමත් කෑව, ගුටිත් කෑව, මඟුලුත් කෑව !!!!!

:       0       0

සමන් Thursday, 31 May 2012 02:01 PM

මේ ගොල්ලෝ දුවන්න දන්නේ නැද්ද ?

:       0       0

අමිල කටුනායක Thursday, 31 May 2012 01:23 PM

කොහොමද කෑම ..අති විශිෂ්ඨයිද ?

:       0       0

පීරිස් Thursday, 31 May 2012 11:13 AM

කූඹින්ට අහු වුණොත් ඉදලා හමාරයි රජෝ.

:       0       0

පී.ඩී Thursday, 31 May 2012 01:37 PM

ඕක ඉතින් කොලු කමට කර වැඩක් වෙන්න ඇති. ඔච්චර ගණන්ගන්න එපා..

:       0       0

කුමා Thursday, 31 May 2012 03:39 PM

විලි ලැජ්ජයි හොරෙන් කෑවා කියල ගහන සිරිතක් තියනවද,

:       0       0

පුියන්ත Thursday, 31 May 2012 04:05 PM

බඩ ගින්න නිවා ගන්නට කන්න ටිකක් දුන්නට පවක් වෙන නැ .ගම් වල ඉපදුන අපි මගුලක් උනහම ගමේ හැමෝටම පුළුවන් විදිහට කන්න ටිකක් දෙනවා .ලොකු මිනිස්සු රට කනවිට උඩ බලන ඉන්න අපේ මිනිස්සු ,බඩගින්නට හොරෙන් කැවහම.ඒක ලොකුවට උලුප්පල පෙන්වනවා .සතෙකුට උනත් කන්නදීල නොගහන සිංහල ජාතියට අද වලපල්ලට යන ඉක්මනද මේ ??

:       0       0

විජය කටුනායක Thursday, 31 May 2012 11:13 PM

ඔය මංගල්‍යය නොගෙන හිටියනම් මේ වගේ දෙයක් වෙන්නෙ නෑනෙ...

:       0       0

නසාර් Friday, 01 June 2012 08:20 PM

දුප්පත් මිනිහෙකුට කෑමවේලක් දෙන්න පුරුදුවෙන්න. පින්සිද්ධ වෙනවා...

:       0       0

ඩොක්ටර් Saturday, 02 June 2012 01:18 AM

මනමාලිට ඕක ෂේප් කරල දාන්න තිබුණ නේද....

:       0       0

රුවන් Saturday, 02 June 2012 01:42 AM

ඔය වගේ දේකට ගහපු එකනම් කැතයි..

:       0       0

මිනෝලි Saturday, 02 June 2012 10:34 AM

ශ්‍රී ලංකාව ආගන්තුක සත්කාර අතින් පිරිපුන් රටක් . කෑම කෑව කියල ගහන එක නින්දිත වැඩක් ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site