X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


අනුන්ට උදව් කළාට අපූරු තෑග්ගක් ලැබිලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
කැළි කසළ ගොඩේ තිබූ ජාතික හැඳුනුම්පත අහුලා නියම අයිතිකරු සොයාගෙන ගොස්  එය අතටම දුන්නු නගර සභා කැළි කසළ අංශයේ සේවකයාට එරෙහිව පොලීසියට පැමිණිලි කළ පුද්ගලයකු පිළිබඳ අපූරු පුවතක් අපේ ගම් පළාතෙන් වාර්තාවේ.


   සුපුරුදු පරිදි එදත් උදේ ඔහු නගරයේ කැළි කසළ ඉවත් කිරීමේ කාර්යයේ නිරතව සිටියේය. එක් කැළි කසළ ගොඩක් ට්‍රැක්ටරයට පැටවීමට යාමේදී ඔහුට එහි විශාල ලෙස ජරාව බැඳී තිබුණු ජාතික හැඳුනුම්පතක් දක්නට ලැබිණ. හේ වහාම එය අතට ගත්තේය. මේ ජාතික හැඳුනුම්පත ශුද්ධ කර එය නියම අයිතිකරු සොයා දීමේ සද්භාවයක් ඔහුට ඇතිවිය. ඒ ඔහු නගරයේ කුණු ඇද්දත් සද්කාර්යයන් කිරීමට තිබූ ලැදියාව නිසාමය. මේ ඒ වේලාව නොවන නිසා ඔහු කැත නොසිතාම සිය කලිසම් සාක්කුවේ ඔබා ගත්තේය.


 සේවයෙන් ලද කෙටි නිදහසින් ඔහු මේ ජාතික හැඳුනුම්පත සිය කලිසම්  සාක්කුවෙන් එළියට ගෙන හොඳින් ශුද්ධ පවිත්‍ර කළේය. දවසේ වැඩ නිමාවෙන් පසු ඔහු ගියේ සිය නිවස කරා නොව මේ ජාතික හැඳුනුම්පත අයිතිකරු සොයාය. ඒ කිලෝමීටර් ගණනක් පා පැදිය පදවාගෙනය.


  නියම අයිතිකරුට නැතිවූ මේ තමාගේ ජාතික හැඳුනුම්පත ලැබූවිට ඔහුගේ සන්තෝෂය මේ කම්කරුවාගේ හිතේ මැවී පෙනුනේ තමාට කරනා ස්තූතියද මේ අතර කම්කරුවාගේ සිතට පැමිණියේ නිරාසයෙන්‍ම ය.


   මේ තුටු සිතින් ඔහු නියම අයිතිකරු සොයා ගොස් ඔහුගේ අතටම හැඳුනුම්පත ලබා දුන්නත් තමා අපේක්ෂාවෙන් සිටි කිසිවක් මේ පුද්ගලයාගෙන් දක්නට හෝ අසන්නට නොලැබිණ. ඒ වෙනුවට ඔහුගේ ප්‍රශ්න වැලකට මුහුණදීමට සිදුවිය. තමුසේ මගේ ජාතික හැඳුනුම්පත හොරකම් කළා නේද? කොහෙන්ද මිනිහෝ මේක අහුලා ගන්න තිබුණේ. ගෙදර තිබුණු හැදුනුම්පත කොහොමද ඕයි ටවුමේ කුණු ගොඩට යන්නේ. මගේ හැඳුනුම්පත හොරකම් කරලා මගෙන් ගාණක් කඩා ගන්නද තමුසේ හිතන්නේ, මම මේක ලෙහෙසියෙන් අත් හරින්නේ නැහැ. මම මේක නීතියට ගෙනියනවා යයි කියමින් මේ පුද්ගලයා මුළු නිවසම දෙවනත් කරමින් කෑගසමින් සිටියේය.


      වඳින්න ගිය දේවාලය හිසේ කඩාගෙන වැටී ඇති බව තේරුම් ගත් ඔහු එතනින් හිමීට ලිස්සා ගියේ තව දුරටත් මෙතන සිටියහොත් නොකළ හොරකමකටත් ගුටි බැට කෑමට සිදුවෙතැයි අනුමාන කළ නිසාවෙනි.


      ජාතික හැඳුනුම්පතක් සොරකම් කිරීමේ චෝදනාවට මේ කම්කරුවා පොලීසියට කැඳවා තිබිණ. දෙපාර්ශ්වයේම කරුණු කාරණා අසා සිටි පොලිස් පරීක්ෂකතුමාට කාරණය හොඳින් තේරුම් ගියේ ඔහුද මේ කම්කරුවා ගැන හොඳට දැනගෙන සිටි නිසාය. මේ අහිංසක කම්කරුවා කළේ හොඳ වැඩක්. අන්තිමට කළ හොඳ වැඩටත් හොඳ හොරකමක් කළා යයි බොරු චෝදනාවකට පොලීසියට එන්න වුණා. ඔබතුමා මේ අහිංසකයා කළ උදව්වට හරිනම් තෑග්ගක් දෙන්න ඕනෑ. නමුත් කරේ මහ අමනුස්ස වැඩක් යයි කියමින් ඔහු කළ වරද පිළිගන්වන්න පොලිස් පරීක්ෂකවරයා කෙතරම් මහන්සි ගත්තත් ඔහු මේ වෙනුවෙන් තමාට ඉහළ නීති කාරණාවකට යාමට අවශ්‍ය යයි කියමින් සමථයකට එළඹීම ප්‍රතික්ෂේප කරමින් සිටියේලු‍.



අදහස් (4)

අනුන්ට උදව් කළාට අපූරු තෑග්ගක් ලැබිලා

beau Friday, 19 March 2021 10:33 AM

ඕක තමයි අපේ අයගේ හැටි. හැම කෙනෙක්ම මනින්නේ තමන්ගේ මිම්මෙන්.

:       0       11

kapila Friday, 19 March 2021 01:41 PM

අද සමාජයේ මිනිසුන්ගේ ඇති ආකල්ප සමග, අන් කෙනෙකුගේ ජාතික හැඳුනුම්පතක් ලැබුණොත් එය තැපැල් පෙට්ටියකට දැමීම නුවනට හුරු බවයි මගේ අදහස.

:       0       13

fairoos Sunday, 21 March 2021 07:31 AM

මෙන්න මේ වගේ මිනිස්සු හින්දා තමයි හදිසියකටවත් උදව්වකට එන්නේ නැත්තේ

:       0       1

Athula Monday, 22 March 2021 11:52 PM

අයිතිකරු හොර ගමනක් ගිහිං හැඳුනුම්පත නැතිකරගෙන, ලැජ්ජාව වහගන්න අහිංසකයෙක් අල්ලගෙන වගේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site