කාර්යාලයේ වැඩකරන අයකුගේ නැන්දා හදිසියේ මියගොස් ඇතිබව දැන්වීම නිසා ඔහුගේ හිතවතුන් ශෝක ප‍්‍රකාශ හා බැනර් රැගෙන සවස අවමඟුල් උත්සවය තිබෙන තැනට ගියවිට එය හිතවතා අපේ‍්‍රල් පළමුවනදා ඔවුනට කළ විහිළුවක් බව දැනගෙන ගිය පිරිස ආපසු හැරී කාර්යාලයට පැමිණි සිද්ධියක් කොළඹට ආසන්න රජයේ කාර්යාලයකින් අසන්නට ලැබුණි. සිද්ධිය සැකෙවින් මෙසේය.
සේවකයා තම නැන්දා ලෙඩින් පසුවෙන බව ඔහුගේ කාර්යාලයේ අයට කියා තිබී ඇත. මේ අතරේ ඔහු අපේ‍්‍රල් පළමුවැනිදා සේවයට නොපැමිණි නිසා මිතුරෙක් ඒ ගැන විමසූවිට මචං අද මට එන්න වෙන්නේ නෑ. අපේ නැන්දා මියගියා අනෙක් අයටත් කියපන් පුළුවන්නම් වරෙල්ලා කියා ඇත.
මෙය ඇසූ මිතුරා ඒ බව කාර්යාලයේ අනෙක් අයට ද කීය. ඔහුගේ පණිවිඩය විශ්වාස කළ සෙසු මිතුරන් දුකට පත්ව අවමඟුල් නිවෙසට යාමට කතිකා කරගෙන අවශ්‍ය බැනර් ශෝක ප‍්‍රකාශ හා කවිකොළ ආදිය ද සකසාගෙන අවමඟුල් උත්සවය තිබෙන තැනට ගිය විට සුදු කොඩියක්වත් පේන මානයක දක්නට නැති නිසා ඒ ගැන විපරම් කර බලද්දී එය මිතුරු සේවකයා අපේ‍්‍රල් පළමුවැනිදා කළ විහිළුවක් බව වටහාගෙන ගිය පිරිස ආපසු හැරී කාර්යාලයට පැමිණ ඇත්තේ ගමන රහසක් ලෙස තබාගන්නා මෙන් ගිය අයට පවසමින්ලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අපේ‍්‍රල් පළමු වැනිදා කී බොරුවට කාර්යාලයේ පිරිස රැවටිලා
වරුණ Thursday, 04 April 2013 07:12 AM
අයියෝ මිනිස්සු හිතන හැටි? අන්තිමට අර කොටි ආවෝ කිව්ව ගොපල්ලට වෙච්ච වැඩේ තමා වෙන්නේ? (නි)
ප්‍රවීන් Thursday, 04 April 2013 08:24 AM
අනේ ඇත්තටම ද ආ (ස)
උපාලි Thursday, 04 April 2013 08:39 AM
මේකත් විහිලුවක්ද? එයාගේ විහිලුවට රැවටුන අය ඇත්තටම එහෙම දෙයක් වුන දවසට මොකද කරන්නේ? ඉල්ලා ගත්තේ නැද්ද ගමන් ගාස්තුවවත් අඩු ගණනේ? (ස)
මාලක Thursday, 04 April 2013 10:41 AM
අන්නුන්ව රවට්ටන්ඩ හැදුවට රැවටෙන්නේ තමන්ම විතරයි කියල මතක තිය ගත්තොත් හොඳයි. (ස)
චින්තක Thursday, 04 April 2013 12:08 PM
අප්‍රියෙල් 1 වැනිදා විතරක් නෙමෙයි, රැවටීම කොහොමත් හොද දෙයක් නෙමෙයි. මම දන්නා කෙනෙක් අප්‍රියෙල් 1 වැනිදා අනතුරකට ලක්වුණා. නමුත් රෝහල් ගත කෙරුවා කියලා කිව්වට කවුරුවත් පිළිගත්තේ නැහැ. අප්‍රියෙල් 1 වැනිදාට යෙදෙන මේ බොරු කීම නවත්තනවා නම් තමයි හොඳ (නි)
සෙන්තිල් Thursday, 04 April 2013 12:56 PM
අනිත් රටවල් වලට සහ අනිත් මිනිස්සුන්ට කොහොම වුණත්,ලංකාවේ අයට නම් හැමදාමත් අප්‍රියෙල් 1 තමයි. (නි)
අකිල Thursday, 04 April 2013 06:48 PM
චින්තක ඔය හරි . අප්රිඅල් 1 පළවෙනිදට නොව ජීවීත කාලයටම මිනිස්සුන්ව රවට්ටනේ නැතුව ඉන්න එක හොදයි .මිනිස්සු නැති කරගන්නේ නැතිව . (අ)
අජිත් Friday, 05 April 2013 03:21 PM
අප්‍රේල් 01 දා දැන් කවුරුත් ගණන් ගන්නේ නැති එකේ මොන වටද තවත් රැවටෙන්නේ.(නදී)
කුසිත Friday, 05 April 2013 04:39 PM
මාර විහිළුව.(නදී)
ශ්‍රීනාත් Friday, 05 April 2013 04:50 PM
මුසාවාදා වේරමණී සිඛ්කාපදං සමාධියාමී කිව්වළු....!(නදී)