(රාජාංගණය – නුවන් කුමාර)
තම මව රැකබලා ගත්තාට හිලව් වශයෙන් මුදල් ලබා දෙනතුරු ඇගේ බැංකු කාඩ් පත හා රෝහල් සායනයෙන් ඖෂධ ලබාගන්නා කාඩ්පත ඇපයට තබාගත් අපූරු අජාසත්ත පුතෙකු පිළිබද පුවතක් තඹුත්තේගම පොලිසියේ සුළු පැමිණිලි අංශයෙන් වාර්තා වෙයි.
සිද්ධිය සැකෙවින් මෙසේය.
රජයේ රැකියාවක් කළ තම සැමියා මිය යෑමෙන් පසු තම දරුවන් තිදෙනා මහත් වෙහෙසක් දරා මව විසින් රැක බලාගෙන තිබේ. සැමියා මිය යෑමෙන් පසු ඇයට විශ්‍රාම වැටුප වශයෙන් මසකට රුපියල් 37,000ක මුදලක් හිමිවී ඇති අතර දැනට අවුරුදු 87ක් වයසැති වයෝවෘද්ධ මෙම මව දුරබැහැර ප්‍රදේශයක ජීවත්වන ඇගේ දියණියන් දෙදෙනා විසින් මාරුවෙන් මාරුවට රැක බලාගෙන ඇත.
දිනක් මව බැලීමට ගිය ඇගේ පුතා මව ටික දිනක් තම නිවසට ගෙන යෑමට තම සහෝදරියන්ගෙන් අවසර ඉල්ලා තිබේ. සියලුම දෙනාගේ එකඟතාව මත මව නිවසට රැගෙන ආවද ඇය ගැන සොයාබැලීමට පුතා අමතක කළත් මාසිකව ඇයට ලැබෙන රුපියල් 37,000ක මුදල ලබාගෙන ඇත.
දියණියන් දෙදෙනා තම මවගේ සුවදුක් බැලීමට පසුගිය දිනක පැමිණි විට තමන්ට පුතා නොසලකන බැවින් නැවතත් දියණියන් සමග යෑමට අවශ්‍ය බවත් මව පැවසීම නිසා ඔවුන්ද එයට එකඟ වී ඇත. කෝපයට පත් පුතා තම සහෝදරියන්ට බැනවැදී මාස එක හමාරක් මව තමන් රැකබලා ගත් බවත් මුල් මාසයට හිලව් වීමට රුපියල් 37,000ක මුදල ලබා ගත්තත් ඉතිරි මාස බාගයට හිලව් වීමට රුපියල් 20,000ක මුදලක් ඉල්ලා තිබේ.
පසුව මුදල් ලබාදීමට සහෝදරියන් එකඟ වුවද මෙම සහෝදරයා එය පිළිගත නොහැකි බැවින් එම මුදල ලබා දෙනතුරු තම මවගේ බැංකු කාඩ්පත හා රෝහලේ සායනයෙන් ඖෂධ ලබාගන්නා කාඩ්පත ඇපයට තබාගෙන ඇත.
මෙම ආරවුල තඹුත්තේගම පොලිසිය දක්වා පැමිණ ඇති අතර මව්පියන්ගේ වටිනාකම හා මව්පියන් රැක බලාගැනීම දරුවන්ගේ යුතුකමක් බවත් එය නීතියෙන් පවා තහවුරු කර ඇති බවත් පෙන්වා දෙමින් දැඩි අවවාද කිරීමට සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උ.පො.ප. චන්ද්‍රදාස මහතා කටයුතු කර තිබේ.
කෙසේ වුවත් අදාළ මුදල් ලබා දෙනතුරු ඇපයට තබාගත් කිසිවක් නැවත ලබාදීමට මෙම පුත්‍රයා එකඟවී නැති බව වාර්තා වේ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අම්ම බලාගත් හිලව්වට පුතා බැංකු කාඩ්පත් ඇපේට තියාගෙන