(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
තම දියණියන් දෙදෙනා තමාගෙන් ණයට ගත් පොලී මුදල් ආපසු ලබා ගැනීමට ගුරුකමක් කර දෙන ලෙස ඉල්ලා කෑගල්ල ප්‍රදේශයේ දේවාලයකට රුපියල් විසිදහසක් සමග පලතුරු වට්ටියක් පූජා කළ වියපත් මවක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ගමක 73 හැවිරිදි සිව් දරු මවක් තම බාල එකම පිරිමි දරුවා සමග මහ ගෙදර නිවසේ පදිංචිව සිටින්නීය. මෙම මවගේ සැමියා කලකට ඉහතදී මිය ගොසිණි. ඇයට ගැහැනු දරුවන් දෙදෙනෙක් හා එක් පිරිමි දරුවෙක් සිටිති. ගැහැනු දරුවන් දෙදෙනා පවුලේ වැඩිමලුන්ය. ඔවුහු විවාහ වී පොල්ගහවෙල හා බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටිති.
මෙම වියපත් මවට ගොඩ මඩ ඉඩම් හා මිල මුදලින් අඩුවක් නැත. මෙම ගොඩ මඩ ඉඩම් හා මිල මුදල් සිය සැමියා මිය යෑමෙන් පසුව උරුම වූවක් බව වාර්තා වෙයි. කොපමණ දේපළ මිල මුදල් තිබුණත් ඇය කලක සිට සියයට දහයක පොලී පදනම මත ඕනෑම මුදලක් දන්නා හඳුනන ඕනෑම කෙනෙකුට ක්ෂණිකව ලබා දෙන්නීය.
පොල්ගහවෙල පදිංචි දියණිය මීට මාස 9 ට පමණ ඉහතදී රුපියල් ලක්ෂ දෙකක මුදලක් හදිසියේ පොලී පදනම මත මාස කිහිපයකින්ආ පසු ගෙනත් දෙන බව පවසා මවගෙන් ඉල්ලාගෙන ගියාය. බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචි දියණියත් මීට මාස හතරකට ඉහතදී රුපියල් ලක්ෂයක් එලෙස ඉල්ලාගෙන ගියාය.
සල්ලිත් පොලී මුදලත් නියමිත කාලයට ආපසු ගෙනත් නොදුන් අවස්ථාවේ දී මව අවස්ථා කිහිපයකදීම දියණියන්ගේ දුරකථනවලට කතා කර ඒ සම්බන්ධයෙන් විමසීමක් ද කළාය. එහිදී දියණියන් දෙදෙනාම මේ දිනවල දරුවන් සමග ජීවත් වීමේ අමාරුකම් පවසා ඇත.
පසුව වියපත් මව ඉකුත් දිනකදී කෑගල්ල ප්‍රදේශයේ දේවාලයකට ගොස් දියණියන් දෙදෙනා මුදල් ආපසු ගෙනත් දේවිද යන්න පිළිබඳව නිමිත්තක් බැලුවාය. එහිදී කපුවා වියපත් මවට ප්‍රකාශ කර ඇත්තේ වරු තුනකින් මුදල් ආපසු ගෙන්වා දිය හැකි බවත් එලෙස ගෙන්වා දීමට පලතුරු වට්ටියක් සමග දියණියන් දෙදෙනාගේ නම් දෙක ලියන ලද කොළ කැබැල්ලක් සහ මුදලින් රුපියල් 20 000 ක් තබා පූජාවක් පවත්වන ලෙසය.
වියපත් මව පසුදාම කපුවා කී ආකාරයට පූජාවක් පවත්වා ඇති බවත් පූජාව පවත්වා සතියක් ගතවී ඇතත් දියණියන් දෙදෙනා මුදල් ආපසු ලබාදී නොමැති වීම හේතුවෙන් මේ වන විට දැඩි කනස්සල්ලෙන් පසු වන බවත් වාර්තා වෙයි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අම්මා දූලා දෙන්නගේ පොලී සල්ලි ඉල්ලා දේවාලෙට විසිදාහක් පුදලා