X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


අමුතු ඡන්ද ඔට්ටුවක් අල්ලා සැමියාත් - මිතුරාත් ගෙදරින් පිටුවහල් කරලා

(බදුල්ලේ - පාලිත ආරියවංශ) 
 බමන මතින් තම මිතුරෙකු සමඟ ජනාධිපතිවරණ  ඡන්ද ඔට්ටුවක් ඇල්ලීමට උත්සාහ කළ පුද්ගලයකු, බිරිදගේ  නියෝගය මත නිවෙසින් පන්නා දැමීමේ සිද්ධියක් බදුල්ලෙන් වාර්තාවේ .


මෙම පුද්ගලයන් දෙදෙනා ප්‍රතිවිරුද්ධ පක්ෂ දෙකේ අපේක්ෂකයන්ට සහය දක්වන ළඟම මිතුරන්ය. මේ දෙදෙනාගෙන් එක් අයෙකුට මත්පැන් බෝතලයක් තෑගි ලැබී තිබිණි. ඔහු එයත් රැගෙන ගියේ මිතුරාගේ නිවසටය.


දෙදෙනා දේශපාලනය ගැන කතා කරමින් මධුවිත තොලගාමින් සිටියදී, බිරිඳ බයිට්  එකක්ද සකස් කර දුන්නේ දෙදෙනා පක්ෂ දෙකක වුවත් කිසිම ගැටුමකින් තොරව ඡන්දය කිරීම ගැන  සතුටුවෙමිනි.


මිතුරන් දෙදෙනාටම ටික වේලාවක් යනවිට පදම වැඩි වූයේ වෙනදා කිතුල් රා බිව් විලසට සීල් බෝතල් අරක්කුද පානය කිරීම නිසාය.


‘මම කියන්නද උඹට මේතරම් විශ්වාසනම් අපි ඔට්ටුවක් අල්ලමු. මට තියෙන වටිනාම වස්තුව මම ඔට්ටුවට අල්ලනවා. උඹත් උඹේ වටිනාම වස්තුව අල්ලන්න ඕන’.


‘මම දිනුවොත් එයා මට ඕන  මම පැරදුනොත් මගේ එක්කෙනා උඹට දෙන්නම්’.


නිවෙස් හිමියා කියද්දී මේ දෙබස අසා සිටි බිරිඳට මලපැන්නේය.


ඇය දොර පොල්ල ද රැගෙන දෙදෙනා වෙත කඩපැන්නේය.


‘විලිලැජ්ජා නැද්ද මිනිහෝ..... බිව්ව කියල ඔහොමත් ජරා ඔට්ටු අල්ලනවද?


දැන් උඹල දෙන්නම මේ ගෙදරින් පිටවෙයල්ලා. ආයේ මේ පළාතෙවත් පස් පගාන්න එපා’ යැයි බිරිඳ කෑගසද්දී මිතුරන් දෙදෙනා පණ බයේ පස්ස නොබලා දුවන්නට විය.


නිවසින් පිටුවහල් කළ මිතුරාට අනෙක් මිතුරාගේ නිවසේ දොර ඇරුණද දැන් ඔහු කල්පනා කරන්නේ තම ජන්ද කාඞ්එක ගැනීම සඳහා නිවසට යන ආකාරයක් පිළිබඳවය.

 



අදහස් (3)

අමුතු ඡන්ද ඔට්ටුවක් අල්ලා සැමියාත් - මිතුරාත් ගෙදරින් පිටුවහල් කරලා

ශංඛ සේනාඨීර Thursday, 14 November 2019 07:25 AM

කොයි පක්ෂයේ අපේක්ෂකයා දිනුවත්, පැරදුනත් මේ දෙන්නා දිනන විදිහෙ ඔට්ටුවක් තමයි මේක.

:       30       185

lalithm Friday, 15 November 2019 07:18 AM

තමන්ගේ වටිනාම වස්තුව බිරිඳ කියල ඔවුන් දන්නවා.

:       3       6

Buddika Roshan Saturday, 16 November 2019 02:59 AM

අනිවා බිරිඳ නැත්නම් මුලු ගෙදරම සොහොනක් වගේ මට නම්..

:       20       15

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site