මුලටියන එස්. බාලසූරිය
වෙරි මරගාතේ යෝගට් යැයි රැවටී විටට ගන්නා හුණු කෑමෙන් දිව හා මුඛය තුවාල වී දින ගණනාවක් ආහාර ගැනීමට නොහැකිව සිටි ගැමියකු පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ දුර බැහැර ගම්මානයකින් වාර්තා වෙයි.
එදිනෙ දා කුලි වැඩ කරමින් අඹු දරුවන් පෝෂණය කළ ඔහු ඉඳහිට මත් වතුර ටිකක් බොන අයෙකි. ටිකක් පදමට වැදුණු දිනවල දී ගෙදරට අවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට අමතරව සිය දියණියන් දෙදෙනාට යෝගට් හෝ අයිස් ක්‍රීම් කප් දෙක තුනකුත් රැගෙන යාමත් ඔහුගේ පුරුද්දකි. නිතරම බුලත් විට හපන හෙතෙම ඒ සඳහා අවශ්‍ය බුලත්, පුවක්, හුණු හා දුම්කොළ ආදිය ද මිල දී ගනී.
ඉකුත් දිනක වැඩ නිමවීමෙන් පසුව කඩමණ්ඩියේ පිහිටි තැබෑරුමට ගොස් මත්වතුර වීදුරු කීපයක් පානය කිරීම නිසා තරමක වෙරිමතින් සිටි හෙතෙම වෙළෙඳසැළකට ගොස් තම දියණියන් දෙදෙනාට දීම සඳහා යෝගට් කප් දෙක තුනකුත් බුලත් විටට ගන්නා හුණු කප් එකකුත් මිලට ගෙන තිබේ. වෙළෙඳසල් හිමියා යෝගට් හා හුණු කප් එකම ෂොපින් කවරයක දමා දී තිබුණි.
පදමට වෙරි වී සිටි ඔහු ඒවාත් රැගෙන නිවසට පැමිණ ඔන්න දරුවනේ මං අද යෝගට් ගෙනාවා. අම්මටත් එකක් දීලා මටත් එකක් අරන් තියන්න කියා ඇත.
ඒ අනුව ඔවුන් යෝගට් කප් තුනක් ගෙන කවරයේ තිබුණු ඉතිරි වූ කප් එකක් තම පියාට වෙන් කර තිබේ.
දැනට විටට ගන්නා හුණු විකිණීමට තිබෙන්නේ ද යෝගට් කප් වැනි අසුරන මත බැවින් දියණියන් සිතා ඇත්තේ එයත් යෝගට් කප් එකක් කියාය.
රාත්‍රී කෑම ගැනීමෙන් පසුව ‘‘දුවේ මටත් යෝගට් එකක් ගෙනත් දෙන්නැයි පියා දියණියකට කියා ඇත. වෙරි මරගාතේ සිටි ඔහු එම යෝගට් කප් එකෙන් හැඳි දෙක තුනක් කනවිට අමුතු රසයක් මෙන්ම කට දිව පුපුරු ගසන්නට වීම නිසා කප් එකේ ලේබලය දිහා බලන විට එහි සඳහන් වී තිබූ දෙය දුටු ඔහුගේ ඉහමොළ රත්වී ඇත. දැඩි වේදනාවකින් පසු වූ හෙතෙම වතුර වීදුරු කීපයකින් කට සෝදා හැරියත් සහනයක් ලැබී නැත.
කට හා දිව තුවාලවීම නිසා දින කිපයක්ම පොල් කිරි කැඳ පමණක් ආහාරයට ගැනීමට ඔහුට සිදුවී තිබේ.
දින කීපයකට පසු කඩ මණ්ඩියට ගිය ඔහු මේ පිළිබඳව වෙළෙඳසල් හිමියාට දොස් කියා ඇත්තේ අවට සිටි අයට ද ඇසෙන ලෙසය. සිදුවී තිබුණු වැරැද්ද පිළිබඳව වෙළෙඳසල් හිමියා ද පසුතැවිල්ලට පත්වී මින් පසු හුණු විකුණන්නේ නැහැ. මේකෙත් කාට කාටත් හොඳ පාඩමක් යැයි කියා ඇත්තේ යමක් කන බොන විට එහි ඇති දේවල් පිළිබඳව සොයා බලන එක ශරීර සෞඛ්‍යයට හොඳ බවයි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අමුතු යෝගට්එකෙන් කට දිව වනවී තරු පෙනිලා