X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


අමුතු ‘ලියුමක්’ දුන් පියුන් පොලිස් කූඩුවේ

(මල්වාන ඩබ්ලිව්.ඞී.එම්. විතානගේ)
දහසය හැවිරිදි පාසල් සිසුවියක් පාසල ඇරී නිවෙස වෙත එනවිට යතුරුපැදියකින් පැමිණ ඇයගේ ලැම ප‍්‍රදේශය අතගා පළා ගිය ලියුම් බෙදන්නෙක් බියගම පොලිසිය මගින් පසුගිය සිකුරාදා (26) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.


අතවරයට ලක්වූ එම පාසල් සිසුවිය පාසල ඇරීමෙන් පසුව නිවෙසට පයින් එනවිට මෙම සැකකාර ලියුම් බෙදන්නා යතුරුපැදියකින් දින දෙකක්ම පැමිණ පාළු තැනකදී ඇයගේ ලැම අත ගා පළාගොස් ඇතැයි කියති.


මේ සිද්ධිය සැලවූ වහාම පොලිසිය එම පාර දෙපස සිටින නිවැසියන් දැනුම්වත් කොට ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.


තිස් හැවිරිදි එක්දරු පියකු වන ලියුම් බෙදන්නා මහර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


මේ සිද්ධිය සම්බන්ධව බියගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ඞී. ගරුසිංහ හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකා නදීරා කලූගම්මන යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

 



අදහස් (0)

අමුතු ‘ලියුමක්’ දුන් පියුන් පොලිස් කූඩුවේ

භානුක Wednesday, 01 July 2015 12:00 AM

තමන්ගේ මව සමඟ බස් එකේ ගිය 9 හැවිරිදි දැරියක අතපත ගාපු කෙනෙක් බස් එකේ උදවිය අල්ලාගෙන පොලිසියට රැගෙනගිය පුවතක් පසුගිය දිනවල පුවත්පත් වල තිබුනේ. පුදුමයට කාරණාව නම් "පිරිමින්ගේ මෙවැනි පහත් වැඩ නැහැ, එහෙම දෙයක් පිරිමින් අතින් සිද්ධවෙන්නේ නැහැ" යනුවෙන් ඔවුන්ට සුදුහුණු ගාන බවලතුන් කොට්ඨාශයක්ද සමාජයේ මතුවීමයි. (නි)

:       0       0

සමදරා Tuesday, 30 June 2015 01:43 PM

හොද වැඩේ.(හේ)

:       0       0

අසේල Tuesday, 30 June 2015 01:45 PM

ගමේ මිනිස්සුන්ගෙන් ගුටි නොකා බේරුණ එක ලොකු දෙයක්.(හේ)

:       0       0

ජිනදාස Tuesday, 30 June 2015 01:44 PM

තාත්තා කෙනෙක් නේද ලැජ්ජ නැද්ද ඔය වගේ වැඩ කරන්න.(හේ)

:       0       0

අනිල් Tuesday, 30 June 2015 01:44 PM

මේ වගේ අයට ප්‍රසිද්ධියේ දඩුවම් දිය යුතුයි.(හේ)

:       0       0

ජිනදාස Tuesday, 30 June 2015 01:44 PM

දැන් මේ පියුන් කියාවිද දන්නේ නැහැ එයාගෙත් කුඩ මිටක් තමයි දැරියගේ ශරීරයේ වැදුනේ කියලා. (හේ)

:       0       0

සමන්ති Tuesday, 30 June 2015 04:05 PM

මේ ලඟදි මගේ යාලුවෙක් සෙනග පිරුන පිටකොටුව කොට්ටාව බස් එකේදී සිටගෙන යද්දී සීට් එකක සිටි කාන්තාවකගේ ඇඟේ ගෑවුනා කියල විජේරාම හන්දියේදී රවලා බලලා. යාලුවාට එම සිට් එකේ වීදුරුව අයිනේ මහරගමදී ඉඳගන්ට ලැබිලා. අර කාන්තාව ටිකදුරක් යනකොට ඔහුගේ උරහිස මත ඔලුව තියාගෙන බුදීලු. යාලුවා උරහිස සොලවා ඇය දෙස බලපුවාම කාන්තාවට ලැජ්ජා හිතුනලු. (ර)

:       0       0

රුවන් Tuesday, 30 June 2015 10:04 PM

ශාන්ති, ඔයාගේ යාලුවාට බසයේදී හේත්තුවුණ බවලත් කෙනා නම් නිදාගන්න ඇති. ඒ වුණාට මේ පුවතේ සඳහන් දැරිවියට පියුන්ගේ බයිසිකලයේ යන ගමන් නින්ද ගිහින් නැහැනේ. (නි)

:       0       0

සුරනි Tuesday, 30 June 2015 11:17 PM

මම දවසක් සේවා ස්ථානයේ අමතර රාජකාරි සඳහා උදේ පාන්දරින් යනවිට ඩාලිපාරේ මහවැලි අමාත්‍යංශය අසළදී එක්තරා පුද්ගලයෙක් මා ළඟින් ගමන් කරන ගමන් කළ දේ මෙතන ලියන්න බැහැ. උදේ පාන්දර නිසා පාරේ සෙනඟත් නැහැ. මොහු මේ වැඩේට හොඳට පළපුරුද්දක් ඇති බව පෙනුනා. බියට සහ ලැජ්ජාවට පත් වූ මම කාර්යාලයට දිවගොස් මේ බව පසුව එහි හිතවතියකට කිව්වාම එයා කිව්වේ අසළ කාර්යාලයක සේවයේ නියුතු බවලතෙකුටද වේලාසන වැඩට පැමිණෙමින් ඇති දිනයක මෙවැනිම දෙයක් ඒ අහළ පහළදී සිදුව ඇති බවයි. (නි)

:       0       0

සමන්ති Tuesday, 30 June 2015 12:34 PM

සමදරාට කුඩ මිට වැදුන නිසා හොඳට ගියා , වෙන එකක් අැනුනානම් හොම්බෙන් යන්න වෙන්නේ (බ)

:       0       0

චතුරි Wednesday, 01 July 2015 12:58 AM

සමදරා කියලා මේ පිරිමි කෙනෙක් ගැහැණු කෙනෙක් විදියට ලියනවා වගෙයි. මොකද ගැහැණු වන අපිටත් පිරිමි ඉන්නවා. ඒ අය මේ වගේ නෙමෙයි. (නි)

:       0       0

සමදරා ආරියදාස Wednesday, 01 July 2015 02:57 AM

සමදරා 2015-06-30 13:43:25 අදහස මගේ නෙමෙයි. කවුද මගේ නමින් දාලා (නි)

:       0       0

සමදරා ආරියදාස Wednesday, 01 July 2015 02:58 AM

චතුරි, ඔයාගේ ‘‘ඒ අය මේ වගේ නෙවෙයි" කියන කතාවෙන්ම ඔප්පු වෙනවා මම ගැහැනියක් බව මීට නියම සමදරා (සෑම් ආරි)

:       0       0

චාන්දි Wednesday, 01 July 2015 05:32 AM

සමහරුන්ට ඉස්සර තිබුන කුලප්පුව ආයෙමත් හැදීගෙන එනවා වගේ. දෙයියනේ කියලා හරි ආශාවෙන් එසැණට ගොඩවෙලා විස්තර ටික කියවලා අදහස් ටිකත් බැලුවා. (නි)

:       0       0

සමදරා ආරියදාස Wednesday, 01 July 2015 08:26 AM

කොටියා කැලේ මාරු කලාට පුල්ලි මාරු වෙන්නේ නැහැ.(හේ)

:       0       0

nilu Wednesday, 01 July 2015 11:22 AM

මේ සමදරා නමින් පෙනී සිටින තැනැත්තා හෝ තැනැත්තිය මෙතනටත් දේශපාලනය ගාවගෙන ඉන්න බවයි පෙනෙන්නේ. පිවිතුරු යහපාලගේ කව්දෝ වෙන්න ඇති මන් හිතන විදිහට. (නදී)

:       0       0

පියලාල් Wednesday, 01 July 2015 06:42 PM

පාසල් යන ගැහැණු ළමයි කොල්ලාගෙන් ලියුමක් ලැබුනහම හංගන තැන ගැන දන්නා නිසා සමහරවිට මිනිහා ලියුමක් දාන්න උත්සාහ කළාද දන්නේ නැහැ. (නි)

:       0       0

යහම්පත් Wednesday, 01 July 2015 07:06 PM

රණ්ඩු වෙන්න එපා.ලංකාවේ ගැහැණු නම් පාවිච්චි කරනා පිරිමි ඉන්නවා වාගේම , පිරිමි නම් පාවිච්චි කරන ගැහැණුත් ඉන්නවා. සමහරු ඔය දෙක අතරේ නම් දෙකින්ම පෙනීසිටිනවා. සමදරා කොහොම කෙනෙක්ද කියන එක නෙමෙයි ප්‍රශ්නය , දමන ප්‍රතිචාරය පමණක් සිතන්න (නි)

:       0       0

සමදරා ආරියදාස Monday, 29 June 2015 03:59 PM

මෙහෙමයි, බස්වල යන කෙනෙක් නිසා කියන්නේ - සමහර ගෑනු බොරුවටත් මිනිස්සුන්ට බනිනවා - වංගුවකදී හැප්පුනාම වගේ වෙලාවලදී (බ)

:       0       0

සමන්ත Monday, 29 June 2015 05:57 AM

මේ මිනිහා අම්මා කෙනෙක්ගෙන් කිරි බීපු කෙනෙක් නම් වෙන්න බැහැ.මට නම් මේ පුවත අහනකොටත් තරහයි . (අ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Monday, 29 June 2015 06:04 AM

ලංකාවේ බහුතරයක් අද විකෘති කාමයෙන් පෙලෙන , මන්ද මනසිකයන් වෙලා , කුඩු ගසන මතපැන් බොන , නිල සිනමා නරඹන විට සිදුවන ප්‍රතිපල (ම)

:       0       0

මැණික් Monday, 29 June 2015 07:15 AM

මේ වගේ පුද්ගලයන්ට ඊළඟට ඉතින් ලැබෙන්නෙත් ඉතාම සුළු දඬුවමක් . මට මතකයි අපි කුඩා කාලේ අංක 176 බස් මාර්ගයේ ගැහැණු දරුවන්ගේ අත කොනිත්තා ඉතිරි සල්ලි සහ ටිකට් දෙන කොන්දොස්තරයෙක් හිටියා. ඒ කාලයේ නාවල සංගීත පන්ති යන්න ඒ බස් එකට නැගපු මටත් ඔය ටික වුණා. ලජ්ජාවට ගෙදර ගිහින් නොගියපු මම කලේ ඉන් පසු පන්ති යන එන දවසට ඒ බස් රථය මග හැර ඊළඟ බස් රථයට ගොඩ වීම.(ම)

:       0       0

විනූ Monday, 29 June 2015 09:13 AM

මම ලංකාවේ ඉන්න දවස්වල රැකියාවට යන්න බොරැල්ල ළමා වාට්ටුව ඉදිරිපස තිබෙන බස් හෝල්ට් එකේ තනියම හිටගෙන සිටින විට මට අත් දැකීමට සිද්ධ වුනේ මෙහි ලිවීමට බැරි තරම් පිළිකුල් සහගත ක්‍රියාවලියක්.මම මෙය කාටවත් කීවේ නැහැ ලැජ්ජාව නිසා.දැන් නම් මට හිතෙන්නේ එම වනචර මිනිසාගේ ඔලුව පලන්න තිබුනේ අතට අහුවෙන දෙයක් අහුලාගෙන. (බ)

:       0       0

අනෝමා Monday, 29 June 2015 11:52 AM

මේ පුද්ගලයාට අන්ත මානසික තත්වයක් තිබෙන කෙනෙක් පාඨක සභාවේ ඉන්නවා. කාන්තා පාඨකයන්ගේ නම මතුරමින් දේශපාලන පුවත්වලදී අන්දරේගේ භූමිකාව රඟපාන කෙනෙක්. (බ)

:       0       0

බුවනෙක Monday, 29 June 2015 01:03 PM

සමදරා අක්කේ මේකටත් ටොප් කොමෙන්ට් පාරක් දාන්න. ඔයාට හරියනම විෂය (බ)

:       0       0

මාකාවිට කුමාරි Monday, 29 June 2015 01:25 PM

මට ලංකාවේදී පාසල් අවදියේදී බසයේ යද්දී මෙහෙම නාකි මනුස්සයෙක් කරපු කැත වැඩක් තාම මතක් වන විට මාව පිච්චෙනවා , එකල මේවා කියන්නට, විරුද්ධ වන්නට විදියක් නැහැ ලැජ්ජාවට , මුන්ට උපරිම දඬුවම් දෙන්න ඕනේ (බ)

:       0       0

රාධා Monday, 29 June 2015 03:12 PM

මේ මිනිහාට තියෙන්නේ මනෝ ලිංගික බොළඳ තාවක්. මනෝ වෛද්‍ය වරයෙකුගෙන් දිගුකලක් නොකඩවා ප්‍රතිකාර කළ යුතුයි. (බ)

:       0       0

ලසිත් Monday, 29 June 2015 05:54 AM

මොහුටත් දියණියන් ඉන්නවාද දන්නේ නැහැ. විලි ලජ්ජා නැතිව තාත්තා කෙනෙකුත් වෙලා නේ. (අ)

:       0       0

සුබෝධිනී Monday, 29 June 2015 07:13 PM

සමදරා,මෙතන මාතෘකාව පිරිමියෙකුගෙන් දැරිවියකට වුන හිංසනයක්. ඔයා නිකම් පිරිමින්ට සුදු හුණු ගාන්න එපා.අපිත් ලංකාවේ ඉන්න කාලයේ බස් වල ගිය කට්ටිය තමයි.අපේ අම්මා මට කියලා දීලා තිබුනේ අල්පෙනෙත්තක් අතේ තියාගෙන බස් එකේ ගමන් කරන්න කියලයි. (බ)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 30 June 2015 01:05 AM

තරුණ ගැහැණු ළමයකුටවත් තනියෙන් මඟ තොටේ යන්න බැරි කාලයක් දැන් උදාවෙලා තියෙන්නේ. අනේ මන් දන්නේ නැහැ මේ මිනිසුන්ට මොන යකෙක් වැහිලද කියලා.(ම)

:       0       0

සමදරා ආරියදාස Tuesday, 30 June 2015 07:23 AM

මේ සුබෝධි මගෙන් අහ ගන්න එපා, ඕගොල්ලෝ රට අත් හැරලා දාලා ගිය අය. අප බෝම්බ මැදින් ජීවත් වුණා. දවසක් මිනිහෙක් පිටිපස්සේ ඉඳන් මගේ උරහිසට නොසෑහෙන්න ඇන්නා, මම හැරිලා රවලා බලපුවම තේරුනේ මිනිහගේ කුඩේ විත්තිය. අනිත් අතේ තව බැග් එකක්. පවු අහිංසකයා, වනචරයෙක් නෙවෙයි (බ)

:       0       0

ලලනි Tuesday, 30 June 2015 08:59 AM

සමදරා ලංකාවේ ලංකාවේ හැම බස් මාර්ගයේම හැතක්මෙන් හතක්ම වංගු තියනවද ? ඔයා නම් ගමන් බිමන් යන්නේ ප්‍රයිවට් ජෙට් එකකින් වගේ. (ම)

:       0       0

කනිෂ්ක Tuesday, 30 June 2015 09:42 AM

අම්මෝ සමදරාට තරහ යන විදියට හරියට බෝම්බයක් පිපිරුණා වගේම තමයි. අමුතුවෙන් පිපිරෙන්න දෙයක් නැහැ. (ම)

:       0       0

එශාන් Tuesday, 30 June 2015 09:47 AM

මේ තැපැල් පියුන් සමදරා මහත්මියගේ කවුරුවත් නෙවෙයිනේ ? (ම)

:       0       0

ජෙහාන් Tuesday, 30 June 2015 09:51 AM

සමදරාව යවන්න ඕන මැණික් සංගීත පන්ති ගිය බස් එකේ .(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site