සිය බිරිඳගේ ඡන්දය තමන් කැමති අපේක්ෂකයාට හරවා ගැනීමට අපොහොසත් වූ සැමියෙක් උපක්රමශීලීව ඇය ඡන්දය දීමෙන් වළක්වාලීමට ගත් උත්සාහයක් ව්‍යවර්ථ වූ පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.
එකම වහලක් යට දිවි ගෙවූවත් මෙම අඹු සැමියන් දැරුවේ දේශපාලන මතවාද දෙකකි. එනිසා සෑම මැතිවරණ කාලයකදීම එම නිවස දේශපාලන වාද විවාද අඬ දබරවලින් උණුසුම් වෙයි.
මෙවරද තත්ත්වය එසේම විය. කොතරම් කරුණු කාරණා කීවත් බලපෑම් කළත් ඇයගේ ඡන්දය තමන් කැමති අපේක්ෂකයා වෙත හරවා ගැනීමට ඔහු අසමත් විය.
මෙයට උපක්‍රමයක් කල්පනා කළ ඔහු මැතිවරණයට ආසන්න සති දෙක තුළ බිරිඳ සමඟ වාද විවාද නොකර දෙදෙනා එක්ව තම ප්‍රධාන ජීවනෝපාය වන තේ ඉඩමේ දලු_ කඩමින් වල් නෙළමින් කාලය ගත කිරීමට තීරණය කළේය.
මැතිවරණ දිනයේද ඔහු බිරිඳ කැටුව තේ ඉඩමට ගියේය. දහවල් කෑම කා ඡන්දය දැමීමට යමු යැයි බිරිඳ යෝජනා කළාය. නෑ එච්චර කලින් යන්න අවශ්‍ය නෑ, දලු_ටික කඩල දාල තුනට විතර ගියාම ඇති යැයි ඔහු පැවසුවේ කපටිකම සිත තුළ සඟවාගෙනය.
කෙසේ වෙතත් සූදානම් වී දෙදෙනා යතුරුපැදියට නගින විට සවස තුනහමාරට ආසන්න විය.
ඡන්ද පොළට කිලෝමීටර් දෙකක් පමණ තිබියදී යතුරුපැදිය ක්‍රියා විරහිත විය. මාර වැඬේ ස්ටාට් වෙන්නෙ නෑ කියූ ඔහු කීප වාරයක් යතුරුපැදිය පණ ගැන්වීමට ව්‍යාජ උත්සාහයක් කළේය.
තෙල් වසා ඇති බැවින් ක්‍රියාත්මක නොවන බව දන්නේ ඔහු පමණි.
බිරිඳ යතුරුපැදියෙන් බැස පොඩි තල්ලුවක් දැමීමට ඉදිරිපත්වූයේ ඇයගේම කැමැත්තෙනි. ඒ සැණින් තම උපක්‍රමය ක්‍රියාත්මක කිරීමට ඉටා ගත් සැමියා බිරිඳ මඟ දමා මිටෙන් හළ කුරුල්ලෙකු මෙන් ඡන්ද පොළ කරා ඉගිල ගියේ මෙවර ඡන්දය දැමීමේ කාලය සවස පහ දක්වා දීර්ඝ කර තිබෙන බවක් නොදැන සිටි නිසාය.
බලාපොරොත්තු කඩ කර නොගත් බිරිඳ ත්‍රිරෝද රථයක් නතර කරවාගෙන ඡන්ද පොළ කරා ළඟාවන විට සවස හතර පසුවී තිබුණත් ඡන්දය දමා නිවෙසට පැමිණියේ දුම්මල වරම අතට ගෙනලු.
(උණවටුන ඩී.ජී. සුගතපාල)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අඹුවගෙ ඡන්දෙ නවත්වන්න සැමියා ගහපු ගැටේ අතේ පත්තු වෙලා