(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
අරගල භූමියට ගිය දියණිය වැල්ලේ රෑන පඳුරක් අස්සෙන් මතුවුණු අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
මේ දැරියගේ අම්ම තාත්තාද අනෙක් අම්ම තාත්තලා මෙන් දැන් රටේ පවතින වාතාවරණය අනුව සිටියේ දැඩි ලෙසම පීඩාවට පත්වීය. ගෑස් පෝලිම්, තෙල් පෝලිම්වල හිඳ සිටි ඔවුන් තවත් පීඩාවට පත්වූයේ අධික ලෙස ඉහළ ගිය බඩු මිල හමුවේය.
ඒ නිසාම අරගල භූමියක සිට පවතින අරගලයක යෙදී සිටින තරුණ තරුණියන් පිළිබඳව සුබවාදීව මේ දෙන්න දෙමහල්ලෝ නිතර නිතර නිවසේ කතා කළහ. මේ අරගලයට සහයෝගය ලබාදෙන්න යයි සිය තරුණ දියණියට ඔවුන් නොකියා කීවේ වරක් දෙකක් නොව කිහිපවරක්මය.
මාපියන්ගේ මේ ඉඟිබිඟිය තේරුම් ගත් දියණිය මාපියන්ගේ අවසරයද ඇතිව තවත් යෙහෙළියන් පිරිසක් සමග අරගල භූමියට යනවා යයි පවසා නිවසින් ගියේ එදින හිමිදිරි පාන්දරමය.
දහවල් වනවිටදී පියාට දුරකතන ඇමතුමක් ලැබෙන්නේ අවශ්‍ය තාවක් සඳහා වහාම පොලිසියට පැමිණෙන ලෙසය. ඒ පොලීසියෙනි. අවශ්යවතාව කුමක්දැයි ඇසුවත් නොකීව නිසා වරදක් තමා කර නැති බැවින් ඔහු පොලිසියට ගියේ මේ කාගේ හෝ මරාලයකට වෙන්න ඇතැයි සිතමිනි.
පොලිසියට ගිය ඔහුට දැකගන්නට ලැබුණේ බංකුවේ වාඩි වී සිටින තරුණ ජෝඩු කිහිපයකි. ඒ දෙස වඩාත්ම විමසිලිමත්ව බැලූ කල සිය දියණිය ද එහි සිටිනු දැකීමෙන් ඔහුගේ දෑස් අන්දමන්ද වී ගියේය. එය වැරදීමක්දැයි යන්න තේරුම් ගැනීමට ඔහු වඩාත්ම හොඳින් බැලූ කල එහි සිටිනුයේ සිය දියණියම බව දැකීමෙන් සිදුව ඇතිදේ තේරුම් ගැනීමට වැඩි වෙලාවක් ගත නොවීය.
මොකද ලොකු උන්නැහේ බලන්නේ. මේ වැල්ලේ රෑන් පඳුරු අස්සේ අශීලාචාර ලෙස හැසුරුණා යයි කියන තොරතුරකට අනුව අපි ගෙනාපු ජෝඩු කිහිපය යයි පොලිස් නිලධාරියෙකු කී විට අනේ එහෙනම් අපේ දුව ගිහින් තියෙන්නේ අරගල භූමියකට නොව ක්ෂේම භූමියකට යයි කියමින් සිය දියණිය දවා යන තරමේ බැල්මක් බැලුවේ ගෙදර ගියාම කරන දේත් සිතේ මවාගනිමිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අරගල භූමියට ගිය දුව වැල්ලේ පඳුරක් අස්සෙන් මතුවෙලා