(කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න)
වර්ෂාපතනය පැවැති අවස්ථාවේදී රැකියාව නිමකර පැමිණෙන නැන්දම්මා නිෙවසට රැගෙන ඒමට ප්‍රධාන මාර්ගයට අසල නිෙවසේ පදිංචි අවිවාහක ත්‍රිරෝද රථ තරුණයා සමග ගියා යැයි බිරිඳට දොස් පැවරූ තරුණ සැමියා ඇයට හනස්සකින් පහරදීමේ සිද්ධියක් කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා වෙයි.
සිද්ධිය මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ගමක 27 හැවිරිදි තරුණයෙක් සිටියි. මෙම තරුණයා මීට මාස කිහිපයකට ඉහතදී අරණායක ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇය මව්පියන්ට හොර රහසේ කෑගල්ල නිෙවසට කැන්දාගෙන ආවේය.
තරුණයාට ස්ථීර රැකියාවක් නොමැතිව සිටි අවස්ථාවේ දී මව්පියන් විසින් මීට වසර දෙකකට පමණ ඉහතදී නව ත්‍රිරෝද රථයක් කුරුණෑගල නගරයෙන් මිලට ගෙන දී තිබුණි. ඔහු මෙම ත්‍රිරෝද රථයෙන් මගීන් ගෙන යමින් යම් මුදලක් උපයාගෙන සවසට තරුණ බිරිඳට ගෙනැවිත් දුන්නේය. සිය පුතා ත්‍රිරෝද රථයෙන් උපයා ගන්නා මුදල් නිවසේ වියපැහැදම් කිරීමට මව්පියන් නොගන්නා අතර ඔවුන් දෙදෙනාට ද කෑම බීම ඇඳුම් පැළඳුම් ලෙඩට දුකට බේත් හේත් තවමත් මව්පියන් විසින් සොයා බලා ලබාදෙන බවත් වාර්තා වෙයි.
තරුණයාගේ මව වසර 20 ක පමණ කාලයක සිට කෑගල්ල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කරන්නීය. ඇය රැකියාවට යන්නේ එන්නේ ආයතනය මගින් සපයා දී ඇතැයි කියන බස් රථයෙනි.
තරුණයාගේ නිෙවසේ සිට ප්‍රධාන මාර්ගයට මීටර් 400 ක් පමණ ඇති අතර තරුණයාගේ මව නිවසේ සිට ප්‍රධාන මාර්ගයට දිනපතා යන්නේ එන්නේ පයින්ය. ඉකුත් දිනෙක මුළු දවස පුරාම මහ වැසි ඇද හැලුණි. සවස තරුණයා තම ත්‍රිරෝද රථයෙන් අසල්වැසි නිෙවසක අසනීපයෙන් පෙලුන අයකුට ප්‍රතිකාර ලබාගැනීමට කෑගල්ලට ගොස් තිබුණි.
සවස 6 ට පමණ තරුණයාගේ මව නිෙවසේ සිටින ලේලියට දුරකථන ඇමතුමක් ගෙන කියා ඇත්තේ අධික වර්ෂාව නිසා බස් රථයෙන් බැස නිෙවසට ඒමට නොහැකි බවත් පුතාට පාරට පැමිණෙන ලෙස දන්වන ලෙසත්ය. එහිදී තරුණිය සිය නැන්දම්මාට ප්‍රකාශ කර ඇත්තේ එයා කෑගල්ල නගරයට අසල්වැසියකු සමග අසනීපයකට ප්‍රතිකාර ගන්න ගිය බවය.
“එහෙනම් දුවේ අල්ලපු ගෙදර අයියාට කතා කරලා එයත් එක්ක ඔයා පාරට එන්න.” යැයි මව ප්‍රකාශ කළාය.
පසුව තරුණිය අල්ලපු නිවසේ පදිංචි අවිවාහක තරුණයාගේ නිෙවසට ගොස් සිද්ධිය දන්වා ඔහු සමග ප්‍රධාන මාර්ගයට ගොස් නැන්දම්මා නිවසට එක්කරගෙන ආවාය.
විනාඩි කිහිපයකට පසුව නිෙවසට ආ තරුණයා මවගෙන් විමසා ඇත්තේ අධික වැස්සේ පාරේ සිට නිවසට පැමිණියේ කෙසේද යන්නය. එහිදී මව සිද්ධිය සම්පූර්ණයෙන්ම සිය පුතාට ප්‍රකාශ කළාය. පසුව තරුණයා මවටත් දොස් පවරා කුස්සියේ පෝරණුව යට තිබුණු හනස්සක් ගෙන කාමරයට ගොස් ඇඳේ සිටි බිරිඳට යළි කිසිවකුත් සමග නොයන්නැයි පවසා හනස්ස කැඩී යන තෙක් ඇයට පහරදී ඇතැයි වාර්තා වෙයි.
එම අවස්ථාවේ දී තරුණයාගේ මව පැමිණ පහර දීම නතර කිරීමට උත්සහ කරන අවස්ථාවේ දී ඇයටත් හනසු පහරවල් කිහිපයක් වැදී ඇති බවත් වාර්තා වෙයි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අල්ලපු ගෙදර කොල්ලාගේ ත්‍රීවිලරයෙන් ගියාට ‘හනසු පූජාවක්’