බසයක සේවයට පැමිණි මුල් දිනයේම ලැබුණු උපදෙස් අකුරටම පිළිපදින්නට ගිය කොන්දොස්තරට මුහුණදෙන්නට සිදුවූ අපූරු සිදුවීමක් පිළිබඳව ගාල්ලට නුදුරු ප්‍රදේශයක ඩිපෝවකින් වාර්තා වෙයි.
ඔහු නමින් සිරිමල් වූ අතර, නමටම ගැළපෙන හිරිමල් වියේ පසුවන හැඩකාර තරුණයෙකි.
මුලින්ම වැඩ භාරගත් සිරිමල්ට තමන් සේවය කරන බසයේම තවත් සේවක මහතකු සමග මාර්ග පුහුණුවට යෙදවූ නිලධාරියා සතියක්වත් පුහුණු වෙන්නැයි කියා සිටියේය.
දිනපතාම බස් රථයේ පිටුපස අසුනේ ඉඳගෙන සියල්ල සිතේ ධාරණය කරගන්නට මෙම තරුණ සේවකයාට සිදුවිය.
මෙසේ යන අතරතුරදී කොන්දොස්තර විසින් පිළිපැදිය යුතු බොහෝ දේ ඉගෙනගන්නට සිරිමල් අදිටන් කරගත්තේ තමන්ට මෙම සේවාව කරද්දී මුහුණ දෙන සිදුවීම් ඉගෙනීමටය.
සතියක පුහුණුව අවසානයේ සේවයට වාර්තා කළ සිරිමල්ට කතා කළ නිලධාරියා අදාළ ටිකට් පොත හා කාබන් කොළ ලබාදී දැන් දන්නවනෙ තනියම වැඩ කරන්න. “ඔව් සර් දන්නවා”යි ඔහු කීය.
ටිකට් පොතට වැඳ අතට ගත් සිරිමල් බස් නැවතුමට සේන්දු වූ බස් රථයෙන් බැස රියැදුරු මහතාගේ පසුපසින් ගමන් කර ඔහුට සහාය වන්නැයි මාර්ග පුහුණුවේදී ලැබූ අත්දැකීම් මත වැඩ කරන්නට සිරිමල් සිතා ගත්තේය.
එදින නගරයක සතිපොළ පැවැත්වෙන දිනයකි.
රියැදුරු මහතා සිරිමල් අමතා “මම වෙලාවට එන්නම්. ඔයා ගිහිල්ල ටිකට් ටික කඩාගන්න. අද පොළ පැවැත්වෙන දවස. පොළට ගෙනියන ගෝනි පෙට්ටි ඒව හොයල බලල ලගේජ් කඩන්න.
හා කියා සෙනඟ මැදින් බස් රථයට ගොඩවූ සිරිමල්ට එහා මෙහා හැරෙන්නවත් බැරි තරමට බඩු මලු පෙට්ටි ගෝනි බස් රථයේ තැනින් තැන තිබිණි.
එදා ලැබූ මාර්ග පුහුණුවේදී ටිකට් එක ගන්නා මගියා අමතා බඩු පෙට්ටිත් තියෙනව දැයි මගීන්ගෙන් ප්‍රශ්න කළේය.
පිළිවෙළින් පෙට්ටි ගෝනි සඳහා ඒ ඒ ප්‍රමාණයට මුදල් අය කර ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට එත්දී බස් රථයේ සිටි තරුණයෙක් මල්ලි “අතන අර පෙට්ටිය පටවපු කෙනා බැහැල ගියා ඒක ටිකක් බර පෙට්ටියක්” යැයි කියත්ම සිරිමල් කොන්දොස්තර ඉහත දී පෙට්ටිය ළඟට ගොස් “කාගෙද මේ පෙට්ටිය මම තවම අලුත්. අදමයි පොතක් අතට ගත්තෙ. කරුණාකරල මේ පෙට්ටිය අයිතිකරු ටිකට් එකක් අරගන්න” සිරිමල් පුහුණුව ලැබූ බසයේ මෙවන් පෙට්ටියක් තිබුණු බව දැක්කා නම් අර තරුණයාට සිරිමල් අන්දන්න නොලැබෙනු ඇත.
බසයේ රියැදුරු අසුනට වම්පසින් වූ මේ පෙට්ටිය බදාගෙන කෑගහන මේ හඬට ඒ වනකොට බසයේ රියැදුරු මහතා රියැදුරු අසුනේ වාඩිවෙන ගමන් “ගොනෝ කෑගහන්න එපා ඕක බස් එකේ බැටරි පෙට්ටිය” යැයි කීවේ මගීන්ට නොඇසෙන හඬිනි.
බසයේ සිටි ඉහත කී මගියා “මේ තරුණ කොන්දොස්තරගේ හැසිරීම ගැන දැන මෙම දිරච්ච ලණුව දුන්නා” යැයි මේ සිද්ධිය සියැසින් දුටු තවත් මගියෙකුට කීවේ කට කොනකින් සිනහ වෙමිනි.
(පිටිගල ඩී.ජේ. විජේසිංහ)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අලුත් කොන්දොස්තරට ‘පෙට්ටිය’ හරස්වී අවුලක්