(උණවටුන ඩී.ජී. සුගතපාල)
තරුණ මවක් දරු ප්‍රසූතිය සඳහා ගාල්ල මහමෝදර රෝහලට ඇතුළත්විය. දරු ප්‍රසූතියෙන් පසු ගාල්ල නගරාසන්නයේ ලිපිනයකට ලියාපදිංචිවී ඡන්ද නාමලේඛනයට නම ඇතුළත් කර ගැනීමට පියාට අවශ්‍ය විය.
ඒ බව දැනගත් රෝහලේ උපස්ථායකයකු ඔහුගේ උදව්වට ඉදිරිපත්විය.“හරි උදව්වක් හැටියට අපේ ගෙදර ලිපිනය දෙන්නම්. හැබැයි ඡන්ද නාම ලේඛනයට නම දාගන්න ග්‍රාම සේවකට රුපියල් විසිපන් දාහක් දෙන්න ඕන.”උපස්ථායකයා කීවේය. දරුවා ගාල්ල නගරයේ පාසලකට ඇතුළත්කර ගැනීමට තිබු අවශ්‍යතාව නිසාම පියා එයට එකඟවිය. පසුව පියා රෝහල් උපස්ථායකයා සමග බැංකුවට පැමිණ රුපියල් විසිපන් දහසක් ගෙන අලුත් ලිපිනය දැක ගැනීමට ගියේය. එසේ යනවිට ඉදිරියට පැමිණි පුද්ගලයෙකු පෙන්වා ඒ එම කොට්ඨාසයේ ග්‍රාම සේවක මහතා බව පවසා රුපියල් විසිපන්දහස දෙන ලෙස උපස්ථායකයා කීවේය.
කිසිදු පැකිළීමකින් තොරව පියා ග්‍රාම සේවක ලෙස පෙනී සිටි පුද්ගලයාට රුපියල් විසිපන්දහස දුන්නේය. ග්‍රාම සේවක ලෙස පෙනීසිටි පුද්ගලයාද කිසිදු බියක් සැකක් නැතිව එය සාක්කුවේ දාගත්තේ ඡන්ද නාම ලේඛනයට නම ඇතුළත් කරන බව පවසමිනි. පියා රෝහලට ගොස් දරුවා පාසලකට ඇතුළත්කර ගැනීම සඳහා ලිපිනයක් සොයාගත් බව බිරියටද කිවේ ඉතා සතුටිනි. පසුදින පියා දරුවා බැලීමට රෝහලට ගියවිට පෙරදින හමුවු ග්‍රාම සේවක මහතා තමාදැක දුව ගොස් සැඟවුණු අයුරු පියා දුටුවේය. තමා වංචාකාරයින් දෙදෙනෙකුගේ උගුලකට අසුව ඇති බව දැනගත් පියා දුවගොස් නතරවූයේ ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුජීව කුමාර මහතා හමුවේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අලුත් තාත්තා අමුතු ගැටයකට අහුවෙලා
vijitha Saturday, 14 September 2019 12:42 PM
මේ කතාවේ හරය නම් අද දෙමව්පියන් තමන්ගේ දරුවා පාසලකට දමා ගැනීමට මොන තරම් දුකක් විඳිනවාද යන්නයි.