ඔහු දක්ෂ වඩු කාර්මිකයෙකි. මතටත් හිත ඇත්තෙකි. ප්‍රදේශයේ පුද්ගලයෙක් අලූතින් ඉදිකරන තම නිවසේ දොර ජනෙල් සෑදීම වහලය ගැසීම ඇතුළු වඩුවැඩ ඔහුට බාරදුන්නේය. බාසුන්නැහේ වැඩ පටන් ගත්තේය. නිවස හිමියා ද කෑමට පෙර හීන් අඩියක් ගසන්නේය. සෑම දිනකම බාසුන්නැහැ දිවා ආහාරය ගැනීමට සූදානම් වනවිට අරක්කු වීදුරු බාගයක් බැදපු මිරිස් කරල් සමග කාරල්ලන් දීසියක් බාසුන්නැහේට දෙන්න පුරුදු විය. මුලදී වඩුකාර්මිකයා මෙම සංග්‍රහය ප්‍රතික්ෂේප කළේය. එහෙම කියන්න එපා බාසුන්නැහේ අපි කවුරුත් මැරෙන මිනිස්සුනෙ. කන්ට බොන්ටනේ අපි මේ නැහෙන්නේ. අනික අපේ වැඩකට එන කෙනෙකුගේ හිත සතුටින් තිබුණොත්නේ අපටත් වැඬේ යාදෙන්න. ගෙදරින් උදේ හදලා දෙන කෑම එකනේ මේක ගත්තම හොඳට කන්නත් පුළුවන්. නෝන හිටියනම් ලන්ච් එකත් අපිම දෙනවා” ගෙහිමියා පැවසීය. යුතුකම් දන්නා උදවිය වඩුබාස් සිතුවේය. ගණන් බේරන කොට උදවුවක් කරනවා මෙසේ සිතා දිනපතාම සංග්‍රහය ආදරයෙන් සාදරයෙන් පිළිගත්තේය. මාස දෙකකට පසු වැඩ නිමවී ගණන් බේරද්දී වඩු බාසුන්නැහේට දවල් තරු පෙනුණි. ඒ ඉතිරි වැඩ කුලියෙන් අඩකටත්වඩා මුදලක් අරක්කුවලට සහ කට ගැස්සමට කැපූ නිසාය. බාසුන්නැහේට මම දුන්නේ සල්ලිකාරයෝ බොන සුපර් බඩුවලින්. මම ඔහේගෙන් කපාගත්තේ බොහොම අඩු සුළු මුදලක්. නිවස හිමියා ඉතිරි මුදල් දෙන ගමන් කීවේය. වඩුකාර්මිකයා කිසිත් නොදොඩා මුදල් අතට ගෙන උපකරණ කට්ටලයද රැගෙන ආපසු ආවේ ”උඹ නාඩන් උඹට ඔව්ව හොඳ පාඩම් ” යැයි සිතා ගනිමිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අලූත් නිවසේ දොර ජනෙල් සෑදූ ගාස්තු බේරද්දී වඩු බාසුන්නැහේට තරු පෙනිලා