X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


අවතැන් කඳවුරේදී සීතල මකාගන්න අමුතු කොට්ට දෙකක්

අවතැන් කඳවුරේදී අවතැන්වූවන් සඳහා දුන් සහන මල්ලක තිබූ කාන්තා සනීපාරක්ෂක තුවා පැකට් දෙකක් මැදිවියේ පිරිමි පුද්ගලයකු කුඩා කොට්ට දෙකක් යැයි සිතා සුළං නොවැදීමට තමන්ගේ කන් දෙක දෙපැත්තට තබාගෙන නිදාගැනීමේ පුවතක් බුලත්කොහුපිටියේ අවතැන් කඳවුරකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.


පසුගිය කාලයේ සිදුවු නායයෑම් නිසා බුලත්කොහුපිටිය ප්‍රදේශයේ විශාල පිරිසක් අවතැන් වූහ. බලධාරීහු නායයෑමේ අවදානමක් පවතින ප්‍රදේශ හඳුනාගෙන නායයෑමේ අවදානමකට ලක්ව සිටින ජනතාව එම ස්ථානවලින් ඉවත් කර ඔවුන් අවතැන් කඳවුරුවල රැඳවීමට කටයුතු කළේය. පසුව එම පිරිසට අවශ්‍ය ආහාර පාන, සහන මලු සියලුම අවශ්‍ය දෑ ලබාදීමට පරිත්‍යාගශීලීන් හා රජය කටයුතු කළේය.


එම අවතැන්වූවන් සඳහා නිලධාරීහු පිරිසක් මහජනතාව විසින් ලබාදුන් සහන මළු එක්තරා අවතැන් කඳවුරකදී බෙදාදීමට කටයුතු කළහ. බෙදාදුන් එක් මල්ලක තිබී සනීපාරක්ෂක තුවා පැකට් දෙකක් වැරදීමකින් පිරිමි පුද්ගලයකු අතට පත්විය. මෙම සිද්ධිය වූ දින රාත්‍රි වැසිබර කාලගුණයක් විය. ටිකක් සීතල වැඩිපුර ඇඟට දැනෙන්නට විය. අර පුද්ගලයා තමන්ට ලබාදුන් සහන මල්ල පරීක්ෂා කර බැලීමේදී කුඩා පැකට් දෙකක් දුටුවේය.


“අනේ නියමයි පොඩි කොට්ට දෙකක් ඒක සීතලට මරු යැයි කියමින්” ඒ පැකට් දෙක තමන්ගේ කන් දෙපැත්තට තබාගෙන සීතල ඒම වළක්වාගැනීමට අත් දෙකෙන් තදකරගෙන නිදා ගත්තේය. පසුදා අවදි වී ඊයේ රෑ සීතල හොඳටම නේද මට පොඩි කොට්ට දෙකක් හම්බවුණා. ඒ දෙක තියාගෙන නිදා ගත්තා යැයි කියමින් අර පැකට් දෙක තමන්ගේ අසල්වාසී පුද්ගලයෙකුට පෙන්වීය.


එම පුද්ගලයා කරුණු පැහැදිලි කර දීමෙන් පසු අර පුද්ගලයා කර කියා ගන්නට දෙයක් නැතිව බිම බලා ගත්තාලු.

(බුලත්කොහුපිටිය - රවීන්ද්‍ර වෙලගෙදර සහ සීදුව විශේෂ ප්‍රසාද් මුතුකඩ)



අදහස් (0)

අවතැන් කඳවුරේදී සීතල මකාගන්න අමුතු කොට්ට දෙකක්

පිටබැද්දර ජයා Friday, 15 July 2016 02:32 PM

මේ පුද්ගලයා තැනට සුදුසු නුවණ නැති කෙනෙක් කියලයි මට හිතෙන්නේ (නි)

:       0       0

චන්න බුවනක Friday, 15 July 2016 06:07 PM

ඒ මනුස්සයා නොදැන කළ දෙයක් ඒක (නි)

:       0       0

අරවින්ද Friday, 15 July 2016 11:10 PM

අනේ පවු අසරණ මනුස්සයෙක්! (නි)

:       0       0

කරුණාරත්න Saturday, 16 July 2016 02:10 AM

තවම කොළඹටවත් නොපැමිණි මිනිස්සු ඉන්න රටක් අපේ රට. (නි)

:       0       0

රිතික් Saturday, 16 July 2016 02:50 AM

චිකේ! මට නම් ලැජ්ජත් හිතුනා (නි)

:       0       0

ගයන් Saturday, 16 July 2016 09:14 AM

කොළඹටනං නාවට මක් වෙනවද කරුණාරත්න මහත්තයෝ, බෞද්ධයෝ වෙලත් දළඳා මාලිගාව, ශ්‍රී මහා බෝධිය නොවැදපු අය කොච්චර ඉන්නවද කොළඹ විතරක්. (ර)

:       0       0

අසෝකා Saturday, 16 July 2016 10:32 PM

කොළඹට නොපැමිණි මිනිස්සු ගැන කියනවා. සීගිරිය කියලා එකක් ගැන දන්නේ නැති ඇමතිවරුත් හිටපු රටක්නේ මේ. (නි)

:       0       0

අබය Saturday, 16 July 2016 11:32 PM

අයියෝ කරුණාරත්න, ඔයා හිතාගෙන ඉන්නේ කොළඹ කියන්නේ ලංකාවේ මුදුන් මල්කඩ කියලද? (නි)

:       0       0

පිටිගල Sunday, 17 July 2016 04:17 AM

අයියෝ! ගම අතහැර කොළඹට ආ එක ගැන මම නම් පසුතැවිලි වෙනවා අභය. "කොළඹ පිරිලා එරමිණි කටු වැල්... ආයෙත් ගමටම යනවා මං..." ගම කොතරම් සුන්දරද කියලා හිතෙන්නේ දැන්. එත් නාකි මට දැන් කොහේ වුණාම මොකද? අලුතෙන් කවුරුවත් ගමෙන් කොළඹට නම් එන්න එපා (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Sunday, 17 July 2016 12:42 PM

පහුගිය දවස්වල රූපවාහිනී ජාලයක රටේ වැදගත් තොරතුරු ගැන කියන්න ගිහින් අලුත් පරම්පරාවක කීපදෙනෙක් කොලත් ඉරාගත්තේ. (නි)

:       0       0

කුමාර් Sunday, 17 July 2016 01:32 PM

කලාතුරකින් මේ වගේ වැඩත් වෙනවා.(හේ)

:       0       0

අනුරාධ Monday, 18 July 2016 03:17 PM

කොළඹ වුනත් ගමේ වුනත් අපි එක රටේ මිනිස්සු.එහෙම නේද. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site