අව්වේ යමින් සිටි තරුණියන් දෙදෙනකුට විහිළුවක් කිරීම හේතුවෙන් ඔවුන්ට කුඩයක් ලබාදීමට සිදුවූ පදික වෙළෙන්දකු පිළිබඳ පුවතක් මාතර නගරයෙන් වාර්තා වේ.
මැදි වයයේ පසුවන ඔහු තරමක් විනෝදයට බර පුද්ගලයෙකි. පදික වේදිකාවේ ඇඳුම් වෙළෙඳාම් කරමින් සිටින විට ඒ ඉදිරිපිටින් ගිය තරුණියන් දෙදෙනකු දෙස ඔහුගේ අවධානය යොමු විය.
”හා නංගිලා අව්වේ යන්නේ ඇයි” දැයි ඔහු විහිළුවට කීවේය. ඒ අසලම සිවිල් ඇඳුමින් සැරසී සිටියේ උසස් පොලිස් නිලධාරියෙකි.
ඔහු වහා තරුණියන් දෙදෙනා නවතා ගත්තේය. ”හා තමුසෙට මේ දෙන්නා අව්වේ යනවා දුකයිනේ. එහෙනම් කුඩයක් අරන් දෙනවා”යයි පොලිස් පෙනුම ඇති පුද්ගලයෙක් කීය.
එවිට තමා අසල සිටියේ උසස් පොලිස් නිලධාරියකු බව පදික වෙළෙන්දා හඳුනා ගත්තේය.
පොලිස් නිලධාරියාට බියවූ ඔහු වහාම අසල පිහිටි වෙළෙඳසලකට ගොස් රුපියල් 400 ක් ගෙවා අලූතින් කුඩයක් ගෙනවිත් තරුණියන් දෙදෙනාට දුන්නේය.
ඔවුන් දෙදෙනාද පොලිස් නිලධාරියාට ස්තූති කරමින් කුඩයද ඉහලාගෙන සිනාසෙමින් පිටත්ව ගියහ. එතැන් සිට නැවත කවදාවත් කිසිවෙකුටත් විහිළුවක් නොකරන බව පදික වෙළෙන්දා අවට සිටි අයට කීවාලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අව්වේ ගිය තරුණියන්ට විහිළු කළාට කුඩයක් අරන් දෙන්නවෙලා
රුක්ෂාන් Sunday, 30 March 2014 09:28 AM
පොලිස් නිලධාරියාට අධිකරණ බලයක් තිබුනත් නැතත් අර පාරේ ගිය තරුනියෝ දෙන්නා ගැන දුකක් ඇතිවෙලා තියෙනවා.(නදී).
ශාන් Saturday, 29 March 2014 12:23 PM
නියම මහත්මා ගුණ ඇති පොලිස් නිලදරුවෙක් (දී)
සුසන්ත Saturday, 29 March 2014 12:23 PM
පොලිස් නිළධාරි හරි.අද ඉන්න සමහර පදික වෙළෙන්දන්ගේ කට හොඳ නෑ . තරුණියන්ට අනවශ‍්‍ය විහිළු කරන අයට හොඳ පාඩමක්.රිදෙන අයට රිදෙයි.(දී)
ජෝසප් පෙරේරා Saturday, 29 March 2014 12:54 PM
”හා නංගිලා පයින් යන්නේ ඇයි” කියලා ඇයි කියලා ඇහුවනං අරං දෙන්න වෙන්නේ කාර් එකක්.(දී)
ජෙරාඩ් Saturday, 29 March 2014 01:12 PM
ගැහැණු ළමයි දෙන්නට හොද චාන්ස් එක (දී)
ශිරෝමි- පිළියන්දල Saturday, 29 March 2014 01:26 PM
පොලිස් නිලධාරියා හොඳ වැඩක් කරලා තියෙන්නේ නිතිය කෙසේ වෙතත් (දී)
සජී Saturday, 29 March 2014 01:33 PM
අය්යෝ දම් මට නම් ලැජ්ජාවේ බෑ, ඔයා මොනවද මේ කියන්නේ (දී)
චන්දි Saturday, 29 March 2014 02:14 PM
ඔව් සජී .එයාගේ නම දම් උනාට කතා නම් අදහම් ...ලැජ්ජාවක් නැති මිනිස්සු (දී)
ආශා Saturday, 29 March 2014 03:54 PM
ඇත්තටම මීට වඩා ලොකු අපරාධ වෙන රටක මේ වගේ කතා විහිළුවක් වගේ (දී)
ෂෙරිෆ් Saturday, 29 March 2014 09:59 PM
අසරණ වෙළෙන්දෝ ඉදිරියේ පොලිස් නිලධාරීන් කොහොමත් සිංහයෝ වගේ, වර්තමාන පොලිස් නිලධාරීන් ගොඩක් බජාර් එකේ සිවිල්පිට ඉන්නේ කප්පන් අල්ලස් ගන්න, වැඩිපුරම ගැවසෙන්නේ ගවමස් කඩ හා තැබෑරුම් ළඟ, බොරුනම් හවස තුනෙන් පස්සේ ගිහින් බලන්න. (අ)
ආනන්ද ආර් Saturday, 29 March 2014 11:58 PM
පොලිස් නිලධාරියාට පදික වේදිකාවේදී අධිකරණ බලයකුත් තිබෙනවාද? (අ)
බණ්ඩාර Saturday, 29 March 2014 10:57 AM
හොඳ පාඩමක් (නි)
බමුණු Sunday, 30 March 2014 07:12 PM
මා ළඟ වැඩකරන සේවකයෙක් පාරේ යන තරුණියකට උම්මා එකෙක් දෙන්න සිතෙනවා කීවා. ටික වෙලාවකට පසුව පොලිස් නිල ඇඳුමෙන් සැරසී එම තරුණිය තවත් පොලිස් නිලදාරියෙක් සමග මෙම සේවකයා ලඟට පැමිණ මොකක්ද තමුසේ කීවේ එනවා යන්න පොලිසියට කීවිට සේවකයා නොවඳින වැදුම් වැඳ සමාව ගත්තා.(නදී)
බමුණු Sunday, 30 March 2014 07:16 PM
"පොලිස් නිලධාරියාට පදික වේදිකාවේදී අධිකරණ බලයකුත් තිබෙනවාද" තිබුනත් නැතත් කල වාදය නම් බොහොම හොඳයි. ඔය විහිළුවේ අමාරු ව දැනේනේ තමන් ගේ කෙනෙකුට කලවිටයි. සහෝදරියට හෝ බිරිදට කලවිට පොලිස් නිලධාරියා ගේ අධිකරණ බලය සොයන්නේ නැත.(නදී)
ගැමුණු Monday, 31 March 2014 05:56 AM
පාඩුව වුණේ පදික වෙළෙන්දට. අැයි ඕගොල්ලෝ අැනකොටා ගන්නේ? පොලිස් නිලධාරියා ඔය විහිළුව කළා නම්,එයාටත් ඔය ප්‍රතිචාරයමද ඔයාලා දෙන්නේ?අපහාසයක් නොවන ආකාරයට විහිළුවක් කරන්න ඕනෑම කෙනෙකුට අයිතියක් තිබෙනවා. ප්‍රතිචාරය විහිළුවේ සුහද බව,සුන්දර බව,උපහාසාත්මක බව හෝ අපහාසාත්මක බව මත දක්වන්න හෝ නොදක්වන්න ඕනෑම කෙනෙකුට අයිතියකුත් තිබෙනවා.මම හිතන්නේ පොලිස් නිලධාරියා සාමාන්‍ය මිනිස්සු ඉස්සරහා කැපිලා පෙනෙන්න හදලා තිබෙනවා. කොහොම වුණත් නොදැකපු දෙයකට තීරණ දෙන්න අපි කාටවත් හැකියාවක් නම් නැහැ. (නි)
සේරම් Monday, 31 March 2014 08:56 AM
ෂෙරිෆ් වගේ එක්කෙනෙක් හරි සිදුවීමේ ඇතුලාන්තය අවබෝධ කරගෙන සිටීම සතුටට කරුණක්.(නදී)
හිල්මි සමදරා Tuesday, 01 April 2014 09:01 AM
”අව්වේ යන්නේ ඇයි” කියලා ගැහැණු කෙනෙක්ගෙන් හෝ පිරිමියෙක්ගෙන් ඇහුවම මොකද? මෙහෙම ප්‍රශ්න වලට පොලිසියට මැදිහත් වෙන්න බැහැ. මෙතන වරදක් වෙලා නැහැ. අනෙක තරුණියන්ගෙන් පැමිණිල්ලක් තිබිලත් නැහැ. මෙය රාජකාරියට පිටින් බලය අයුතු විදියට පාවිච්චි කිරීමක් (නි)
චන්දි Tuesday, 01 April 2014 03:46 PM
නිලූ නංගි මම දැන් ඉන්නේ ලංකාවේ. හදිසියේ ආවේ.මගේ නමින් ලියල තියෙන ඒවා ගණන් ගන්න එපා. අනෙක මම දැන් චන්දි කියල ලියන්නේ නැහැ. (ස)
චන්දි Tuesday, 01 April 2014 11:35 PM
දැන් මගේ නමින් ලියන ඔය බොරු චන්දි ලංකාවට ගියේ මොන හදිස්සියකටද ???මම නම් හිටියෙම ලංකාවේ දැක්කද මගේ යාලුවනේ බොරුව අහුඋන හැටි (දී)
තිලිණ Wednesday, 02 April 2014 12:52 PM
ගැමුණුගෙ කතාව හරියටම හරි. කවුරුහරි ලොකු ලොක්කෙක් මීට වඩා ලොකු විහිලුවක් කෙල්ලෙකුට කියනවා ඇහුනමත් මේ විදියෙ දඩුවම් දෙනවද ඒ ලොකු ලොක්කොන්ට? හැම දෙයක්ම රටේ පොඩි මිනිස්සුන්ට විතරයි. මෙතන අසභ්‍ය විහිලුවක් කරල නැහැ ඒ මනුස්සයා. මේ ගොල්ලොත් පොර වෙන්න හදනවා කෙල්ලො ඉස්සරහදි. (ස)
තුෂාරි Thursday, 03 April 2014 09:43 AM
කාන්තාවන්ට අනවශ්‍යය විහිලු කරන අයට ආදර්ශයක්ම වේවා. (ස)
දම් Friday, 28 March 2014 04:39 PM
හවස් වෙලා නංගිලා දෙන්නම පොලිස් අයිය ගේ තරු ගනින්න ගියේ එහෙම නැහැ නේද?(අ)
සම්පත් Friday, 28 March 2014 12:08 PM
මෙහෙම ප්‍රශ්න වලට පොලිසියට මැදි වෙන්න බැහැ මෙතන වරදක් වෙලා නැහැ. අනෙක තරුණියන්ගෙන් පැමිනිල්ලක් තිබිලත් නැහැ. මෙය රාජකාරියට පිටින් බලය අයුතු විදියට පාවිච්චි කරලා.(නදී)
ගුණවර්ධන Friday, 28 March 2014 12:39 PM
නාකි විසේට බෙහෙත් නැතේ කියල කතාවක් තිබෙනවා.(නදී)
සජී Friday, 28 March 2014 01:01 PM
ඒක නම් ඇත්ත තමයි චන්දි අක්කේ, අක්කලා වගේ ඇහැට කනට පේන අයට පාරේ බැහැල කොහොමත් යන්න බෑ නේ.(නදී)
නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 28 March 2014 01:40 PM
පොලිස් මහත්වරුන්ගෙන් අවසර ඕනෙද විහිලුවක් කරන්න.(ස)
චන්දි Friday, 28 March 2014 01:50 PM
නිලූ, නිකන් මෝඩ කතා කියන්න එපා .ඔයාට ඔය වගේ අනවශ්‍යය විහිළුවක් කළොත් පාරේ යනකොට යන හැම තැනකම අපේ මහත්තුරු කර ගහගෙන යන්නත් බැහැ.පිහිටට ඉන්නේ එයාල තමයි. (ස)
සරත් Friday, 28 March 2014 02:04 PM
නුවර ප්‍රදේශයේ ඔය තත්වය ඉතාම යහපත්. බොරු නම් ගිහිල්ල බලන්න. (ස)
නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 28 March 2014 02:04 PM
ඔය චන්දි අක්කාගේ නමින් ලියන කෙනාට මොළයක් නෑනේ තේරුම් ගන්න.ඒ ගැණු ළමයි දෙන්නා බලෙන් නතර කරලා පදික වෙළෙන්දාට කියා කුඩයක් අරන් දීලා තියෙනේ. (ස)
මනෝජ්-සාජා Friday, 28 March 2014 03:10 PM
දෙන්නට එක කුඩයක් ඇතිද?.(නදී)
අසාද් Friday, 28 March 2014 03:17 PM
සම්පත් ඔයත් ඒ ජාතියෙම තමයි. පොලිස් නිලධාරියා නිවැරදියි.(නදී)
සමන් හේවාසූරිය Friday, 28 March 2014 04:36 PM
කුඩේ අරන් දීල පොලිස් මහත්තය පස්සෙන් ගියද දන්නෙත් නෑ නේද.. (අ)
චන්දි Friday, 28 March 2014 11:32 AM
එක නම් හොද පාඩමක් .අද තරුණියකට පාරේ බැහැල යන්න බැරි වාතාවරණයක් තියෙන්නේ (දිල්)
සමීර Friday, 28 March 2014 05:00 PM
පොලිසියේ කෙනා ඊට පස්සේ පස්සෙන් ගියදා දන් නෑ (අ)
කුමාරි Friday, 28 March 2014 07:34 PM
එයින් පස්සේ පදික වෙළෙන්දා තේරුම් ගත්තලු ඇයි ;කට හින්දයි මාළුවා නහින්නේ; කියන එකේ තේරුම. (අ)
ශාන්ති Friday, 28 March 2014 07:56 PM
මමනම් කියන්නේ ඒ වෙළෙන්දාට හොද වැඩේ (අ)
නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 28 March 2014 08:51 PM
දම්ගේ කතාවට හිනා ගියා.දැන් දෙන්නට තරු පෙනිලා ඇති කොහොමත්.(නදී)
පිටිගල Friday, 28 March 2014 10:35 PM
ඔවු අයියා ! කට හින්දානේ මාළුවාගේ පිට නැති වෙන්නේ කියල නිහාල් සිල්වා කිව්වා දවසක්.(දී)
රොෂාන් ඩි . සොයිසා Friday, 28 March 2014 10:50 PM
පොලිස් නිලධාරියා මා දන්නා අයෙකි ඔහු රාජකාරී කරන දිනක මීකිරි රැගෙන ආ වරෙන්තු කරුවෙක් ඔබතුමාට පොඩි තෑග්ගක් කියා කිරිහට්ටිය මෙසය මතතියා හිසනමා ගරු කරඇත ඉනපසු පොලිස් නිලධාරියා අතින් මුදල්දී සීනි ගෙන්වා වරෙන්තු කරුට කිරිහට්ටියම කෑමට දී අවවාද කර ඇත (දී)
චන්දි Saturday, 29 March 2014 01:44 AM
අනේ නිලූ නංගි, මම තමයි අර මොළේ නැති කතාව ලිවුවේ. ඒක අවමානෙට ලිවුවේ නැහැ. සහෝදරකමට එහෙම ලියවුණා. (නි)
සඳුන් Saturday, 29 March 2014 04:04 AM
රොෂාන්, "මා දන්නා පොලිස් නිලධාරියා" අවංක වෙන්න පුළුවන්. හැබැයි නීතිය ඕක නොවෙයි. කිරි හට්ටිය ඔහුටම කන්න දීම හොඳ විහිළුවක්. නමුත් වරෙන්තුකරු කළේ පගාවක් දෙන්න උත්සාහයක්. මේ වෙළෙන්දා කළ විහිළුවත් ඒ වගේ. පොලිස් නිලධාරියා විහිළුකාරයෙක් අවසානයේදී. (නි)
මංගල Saturday, 29 March 2014 09:01 AM
පොලිස් නිළධාරියා හරියට හරි. ලංකාවෙ පදික වේදිකාවල ඉන්න සත්තු හොඳයි අද ඉන්න සමහර මිනිසුන්ට වඩා. තරුණියක් තනිවම නොවෙයි තමන්ගෙ පෙම්වතා, සහෝදරයෙක් හෝ වෙන කවුරුන් සමඟ ගියත් කට පියාගෙන ඉන්න බැරි කට්ටිය ලංකාව පුරාම ඉන්නවා. මේ සිද්ධියේදී වගේ හොඳ හෝටලේකින් කෑවම තමා හරියන්නෙ. (නි)