X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


අසනීප වූ පුතු වෙනුවට මව ශිෂ්‍යත්ව පන්තියට ඇවිත්

ශිෂ්‍යත්ව උපකාරක පන්තියක අසනීපවූ සිසුවකු වෙනුවට ඔහුගේ මව පන්තියට සහභාගීවීමේ සිද්ධියක් බෙන්තර ගඟ අසබඩ ප‍්‍රදේශයකින් වාර්තාවේ.
එදින මෙම පන්තියට ඇතුළු වීමේ ප‍්‍රවේශ පත‍්‍ර පරීක්‍ෂා කරමින් සිසුන් පන්තියට ඇතුළු කරගැනීමට කටයුතු කළේ එම පන්තියේ උගන්වන ගුරුවරයාම විසිනි.
එහිදී පෝලිමේ ආ මැදිවියේ කාන්තාවක්ද දරුවකුගේ එම ප‍්‍රවේශපතක් ගුරුවරයා අත තැබීය. එය බැලූ ගුරුවරයා කෝ දරුවා යැයි ඇසීය.
දරුවාගේ අම්මා මම සර්, අද දරුවාට උණ. එයාට එන්න බැරිවුණා. ඒ වෙනුවට මම අද පන්තියේ ඉන්නවා. මම අද පන්තියේ කරන දේවල් ලියාගෙන ගෙදර ගිහින් දරුවාට කියා දෙනවා. කමක් නැහැ නේද සර්! යැයි එවිට ඇය පැවසුවාය. ගුරුවරයාට හිනාවක්ද ගියේය.
හිස සලමින් ගුරුවරයා දුන් උපදෙස් අනුව පන්තියේ පසුපස අසුනක වාඩිවූ ඇය සෙසු ළමයින් මෙන් එදින ගුරුවරයා ලබාදුන් අභ්‍යාස හා ප‍්‍රශ්න පත‍්‍රවල පිළිතුරු ලකුණුකර ගනිමින් සිට පන්තිය නිමාවූ විට සෙසු සිසුන් සමග ගුරුවරයාටද ආයුබෝවන් කියා පන්තියෙන් පිටව ගියාය.



අදහස් (0)

අසනීප වූ පුතු වෙනුවට මව ශිෂ්‍යත්ව පන්තියට ඇවිත්

දමිත් Friday, 07 June 2013 12:26 AM

දරුවන්ට ආදරය ඇති අම්මා කෙනෙක්.අපි අගය කරමු. (නි)

:       0       0

පහන් Friday, 07 June 2013 12:25 PM

තාත්ත ගැන නිකමටවත් කවුරුවත් ලියල නැහැ. ගෙදර බුදුන් අම්ම නම් ගෙදර දෙවියන් තාත්තා.(නදී)

:       0       0

පහන් Friday, 07 June 2013 11:40 AM

මනෝජ් ඔබ ඇයි ඔතරම් අමනාපෙන්. මේ අම්මා විභාගේ ලියන්නේ නැහැ තමා. ඒත් දරුසෙනෙහස පිළිබද ලොකු පොතක් , දිගු ලස්සන කවියක් අපිට ලියල පෙන්නුවා ඒපොත කවිය ඔයාට තේරුම් ගන්න බැහැ.(නදී)

:       0       0

පහන් Friday, 07 June 2013 11:28 AM

රොබට් මහත්තයෝ , බන හොදනම් හාමුදුරුවන්ගේ නමින් වැඩක් නැහැ.(නදී)

:       0       0

රොබට් Friday, 07 June 2013 10:12 AM

ගයාන්ගෙ උසස් රැකියාව මොකක්ද ? මොන රටේද ඉන්නෙ ? (නි)

:       0       0

වෙනුර Friday, 07 June 2013 09:15 AM

කොච්චර හොද දෙයක්ද? එහෙම තමයි වෙන්න ඕනෑ. (නි)

:       0       0

අනිල් Friday, 07 June 2013 08:52 AM

අහිංසක අම්මා කෙනෙක් (නි)

:       0       0

චන්දි Friday, 07 June 2013 08:38 AM

ගයාන්,ඔයාට හොද අනාගතයක් තියෙනවා. මම එහෙම කිවුවේ මොකද දන්නවද?මට වගේම ඔයාටත් අතීතය හොදට මතක තියෙන නිසා. ඉස්සර අපි දුප්පත් නිසා මොන තරම් දුක් වින්දද ?ඔයාගේ අම්මව පණ වගේ රැකගන්න. මගෙත් පණ කියන්නේ මගේ අම්මට පින් සිද්ද වෙන්න. අද මමත් දෙපයින් නැගිට ගත්තා(නොපෙනෙන දෙවියන් වැන්දේ කුමටද.?නිවසේ දෙවියන් අම්මා )නේද ගයාන්? (නි)

:       0       0

මුනාෆ් Friday, 07 June 2013 06:10 AM

අම්මල දුක් ගන්නේ පුතුන් හදන්ටා... පුතුන් රජුන් කරන්ටා ... බා ලොලි ලොලි... උදාර මාතාවක්.ඔබට හදවතින්ම සුබ පතමි!!!! (නි)

:       0       0

දම් Friday, 07 June 2013 05:19 AM

අවාසනාවට අපි දුර රටවල ජීවත් වෙනවා. මේ පිළිතුරු බලද්දී ඇස් වලට කදුළු එනවා (නි)

:       0       0

මුතුකුඩ Friday, 07 June 2013 01:17 AM

සංජීව, සේනක, මේ කථාවත් සමග ඔය දෙදෙනාගේ ආත්ම චරිත කථනය කියවලා මම හදවතින්ම හැඩුවා. ඇත්තෙන්ම මවු සෙනහසේ ගුණය කියා නිමකළ නොහැකිය. (නි)

:       0       0

රංජිත් සිල්වා Friday, 07 June 2013 01:02 PM

අපේ සිංහල පුතුන් සහ දෙවි මව්වරු ගැන ගොඩක් සතුටු වෙනවා. කියවනකොට සතුටු කඳුලුත් එනවා. අපේ වටිනාකම් නිමක් නැහැ. එදත් අදත් එහෙමයිලු. අපේ කතාවත් අම්ම ගැන ඔය වගේ තමයි. ජීව මාන දෙවිවරු ඔබ වේ. ඔබ සැමට සුභ දවසක්.(නදී)

:       0       0

ගයන් Thursday, 06 June 2013 10:14 PM

මටත් මගෙ අම්ම මටක් වුණා. මගේ අම්මා මම සාමාන්‍ය පෙළ සමත් වුන දවසේ සතුටට දෙන්න දෙයක් නැතුව පාන් කාලක් කඩෙන් ගෙනත් දුන්නා. අපි හරිම දුප්පත් මම පොඩි කාලේ. දැන් මම පිට රට උසස් රැකියාවක් කරලා අම්මටත් වියදම් කරනවා. මට ඒ සිද්දිය කවදාවත් අමතක වෙන්නේ නැහැ. අම්මා අපිට සාරි උකස් කරලා කන්න දීලා තියනවා. (නි)

:       0       0

රිනුස් Thursday, 06 June 2013 10:14 PM

මවක් වශයෙන් දරුවාට දිය යුතු හොදම දායාදය ඉගැනිමයි. දරුවාගේ ඉ‍ගැනිමට මොනතරම් කැපවිමක් කරන මවක් ද? (නි)

:       0       0

සමන් Thursday, 06 June 2013 09:51 PM

ඒ අම්මා හරි (නි)

:       0       0

සමීර වීරක්කොඩි Thursday, 06 June 2013 06:20 PM

ඉරිදා පොළ ලග පළතුරු විකුණා, පුංචි කාලේ අපේ දිවි ගෙවුනා. කෝම්පිට්ටු හැඩ මැටිගුලියේ මැවුනා. රස නැති වැලිබත සෙල්ලම් ගෙයි පිසුනා. දිලිදු අපේ දෙනෙතට කදුළු ගෙනා බඩගිනි රකුසා උරණ වුනා.මවකගේ වැරහැලි සුවද ගෙනා රෙදිකඩ මගේ නිදි යහන වුනා.මව් පිය දෙගුරුන් ඔවදන් රකිමින් විදු ආලෝකෙන් නැණ ඇස පාදා දිලුදු අදුරු දුරලා ,හිනැහෙමි සැනසෙමි අම්මා නිසා (නි)

:       0       0

සෑම් Thursday, 06 June 2013 04:55 PM

අම්ම කළ දේ හරි, අහපු ප්‍රශ්න වලට විතරක් උත්තර නොදී ඉන්නවා නම්. ශිෂ්‍යත්ව ප්‍රශ්න වලට අම්මලට පිළිතුරු දන්නෙත් නැහැනේ. එච්චර අමාරු ඒවා අහන්නේ. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 06 June 2013 04:44 PM

අම්මලාගේ බලාපොරොත්තුව දරුවන් වුවත්, බොහෝ තාත්තලාගේ ‍බලාපොරොත්තුව බෝතලේ (නි)

:       0       0

චින්තක Thursday, 06 June 2013 04:24 PM

කරුණා සුවඳ තවරාළු හද පියුමේ. උතුම් මවක්. ඒ වගේම සංජීවගේ විස්තරෙත් ඉතාම අගය කරමි.(නදී)

:       0       0

තිලක් Thursday, 06 June 2013 03:07 PM

ඉන්දික තමුසේ යන්නේ හරහටමනේ. කිසිම දෙයක හොද පැත්ත පෙනෙන්නේ නැහැ. මම හිතන්නේ මොලේ අවුල් (ස)

:       0       0

පහන් Thursday, 06 June 2013 02:33 PM

අගනා මහිමය හදුනනු පිණිස නැත යෙදුම් .. නොමියෙන ගුණයට කරමිද කෙලෙස මා පිදුම් ... හදබැතිමල් පුදමි වැද දොහොතදී මුදුන් .... අම්මේ ඔබමයි මා සසරෙහිදී දුටු බුදුන් ... (නි)

:       0       0

පහන් Thursday, 06 June 2013 02:14 PM

බෙන්තරගගෙන් එහා වුනත් මෙහා වුනත් අම්මා කියන්නේ අම්මා.මෙලොව තිබෙන අමිල නිමල මදුර සැප එපා, උදය සවස වැලද වදිමි අම්මේ නුබේ දෙපා (නි)

:       0       0

සනත් Sunday, 09 June 2013 09:46 AM

මේ අම්මා කළේ ඉතා සුදුසුම දේ. (නි)

:       0       0

චානු Wednesday, 07 August 2013 09:08 PM

මගේ අම්මා නම් මට ශිෂ්‍යත්වයට බල කරලා පාඩම් කෙරෙව්වෙ නැහැ.එයත් ඒකාලෙ 5 වසරට ඉගැන්නුවේ.එයා මට වඩා එයාගෙ ඉස්කෝලෙ ළමයින්ට සල්ලි ගන්නෙ නැතුව පංති කළා..ඒ පිනෙන් තමා මාත් අද ගොඩ ගියේ. (අ)

:       0       0

රංජනී Sunday, 09 June 2013 09:30 PM

දිසානායක, සජිත්, මීස, දරු සෙනහස දන්නා අම්මෙක් වන මම කීවේ නැහැ ඒ අම්ම වැරදි කියලා. නමුත් දරු කැක්කුමට වඩා පාසලේ වැඩ ටික තමා අම්මට ඕනවෙලා තියෙන්නේ. මම නම් මගේ දරුවා අසනීප උනානනම් ලගින් හෙල්ලෙන්නේ නැහැ. ඒක තමා දරු සෙනහස, දරුවනේ හිතන්න පොඩ්ඩක්.(නදී)

:       0       0

නන්දලාල් Sunday, 09 June 2013 07:05 PM

මවු සෙනහසේ අරුත ලොවට පෙන්වූ මෙවන් දේවල් වලට 'මෙන්න මිනිස්සු' යැයි තීරයක් සම්පාදනය කලොත් හොද නැද්ද? (නි)

:       0       0

මීසා Sunday, 09 June 2013 04:41 PM

රන්ජනී ඔයා ඔය විදිහට හිතන්න එපා කවදාවත්. ඔයා හිතන දේවල් වෙන්නේ නැහැනේ.(නදී)

:       0       0

චමින්ද Sunday, 09 June 2013 03:32 PM

මේවා බලලා අම්මලා ඔක්කොම ශිෂ්‍යත්ව උපකාරක පන්තිය වලට යන්න ගනියිද දන්නෙ නැහැ (නි)

:       0       0

සජිත් Sunday, 09 June 2013 03:15 PM

ඒ අම්මට ආයුබෝවේවා , රංජනී මෙතන වැරදි ආදර්ශ නැහැ. හැම ළමයම හැම වෙලාවේම රෝගාතුර වෙන්නේ නැහැ. මෝඩ කතා දාන්න එපා කොල්ලෝ.(නදී)

:       0       0

දිසානායක Sunday, 09 June 2013 02:11 PM

රංජනී අනේ කරුණාකරලා මේ සිදුවීමට වැරදි අර්ථ කතන දෙන්න එපා. මොනවා කලත් ඒ අම්ම ඒ තමයි මවකගේ උත්තරීතර සෙනෙහස ඔබත් මවක්.(නදී)

:       0       0

මොහමඩ් Sunday, 09 June 2013 01:58 PM

මව් සෙනෙහසට සමාන කිසිවක් නැහැ. තමන්ගේ දරුවන් වෙනුවෙන් ඕන දෙයක් කරන්න අම්මල ලෑස්තියි.(නදී)

:       0       0

රංජනී Sunday, 09 June 2013 12:37 PM

අම්ම දරුවන්ට තියන ආදරේට මේ දේ කරලා තියෙන්නේ. නමුත් වැරදි ආදර්ශයක් අනිත් දරුවන්ට දුන්නේ. තවත් දරුවෝ ලෙඩ උනාම අම්මල ඔය දේ කරොත් මොකෝ වෙන්නේ? ගුරුවරයාට තිබුනා එදිනට නියමිතිව තිබු වැඩ ටික අම්මට දෙන්න.(නදී)

:       0       0

දිසානායක Sunday, 09 June 2013 12:07 PM

අම්මා, ඒ තමයි මුළු ලෝකෙම ලස්සනම වචනය. ඒ තමයි අම්මා කෙනෙක්ගේ ආදරය. මම කතාවක් කියනම් 1988 අවුරුද්ද ඒ වෙනකොට රටේ කලබල කාරී තත්වයක් නිර්මාණය වී තිබුන කාලයක් මගේ පියා හමුදා නිලදාරියෙක් ගෙදර අන්න බැරි උන එහෙන් උතුරේ මෙහෙයුම් මෙහෙන් ජේ.වී.පී ප්‍රස්න. රැට නිදා ගත්තේ කැලේ. උදේට ගෙදර එනවා. කන්න දෙයක් නැහැ අපි 5 දෙනාට බත් උයල අම්ම දන්කුඩ කනවා. ඒ තමයි අම්මා. හැම අම්මෙක්ම ඒ වගේ තමයි.(නදී)

:       0       0

ක්‍රිෂාන් Thursday, 06 June 2013 02:11 PM

මවක් වසයෙන් දරුවාට දිය යුතු හොදම දායාදය ඉගනිමයි. දරුවගේ ඉ‍ෙගනිමට මොනතරම් කැපවිමක් කරන මවක් ද ...(ස)

:       0       0

හේරත් Sunday, 09 June 2013 09:19 AM

එතකොට උණ හැදුන දරුවා බලා ගත්තේ කව්ද? (නි)

:       0       0

හේරත් Sunday, 09 June 2013 04:01 AM

අම්මා ආදර්ශමත්.ඇගේ පැතුම් ඉටුවේවා. (නි)

:       0       0

දිසානායක Sunday, 09 June 2013 01:26 AM

අම්මාව යැව්වා නම් හරි විභාගයටත්. (නි)

:       0       0

රොක්ස් Saturday, 08 June 2013 08:01 PM

ඒ ගුරුවරයා සිනහාසුනේ අම්මාට අපහාසයට නෙවෙයි. මේ වගේ උතුම් අම්මා කෙනෙක් දැකගන්න ලැබුණු එකට සන්තෝෂයෙන්.(නදී)

:       0       0

සම Saturday, 08 June 2013 08:46 AM

ගුරුවරයා මේ දිහා හිනවවෙන් බලන්න දෙයක් වුනේ නැහැ නේද? අම්මා කෙනෙක් කියන්නේ එහෙම තමා. මේක හොඳ ආදර්ශයක් අනික් අම්මලාට. (නි)

:       0       0

සිල්වා Friday, 07 June 2013 10:01 PM

අම්මලා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවෙලා වැඩකරනවා. අද ගොඩක් පහේ ශිෂ්‍යත්වේ දරුවන්ගේ අම්මලා ළමයා පතියේ හිටියත් මේ වැඩේ කරනවා. අම්මා නැවත ගෙදර ගිහිල්ලා මේ දේවල් උගන්වනවා. මම මේ දේවල් හැමදාම දකිනවා. ඒක හොද ආදර්ශයක්. දෙමාපියෝ ළමයි වෙනුවෙන් කැපවෙන්න ඕනෑ (නි)

:       0       0

පද්මිණි Friday, 07 June 2013 06:17 PM

අම්මගේ දෙපා මුල දිව්‍යලෝකය මැවෙනවා කියලා ඔයාලගේ ආගමේත් කියනවා නේද ෂෙරිෆ්? අපි කියන්නේ ගෙදර බුදුන් අම්මා කියලා. අපේ රටේ අම්මාවරුන්ට තියෙන රැකවරණය නම් හොදට අඩුයි. අම්මලා වියපත් වුනාම ගෙවල් වල තනි නොකර රැක බලාගන්න වැඩ පිළිවෙලක් තියෙනවා නම් කොයි තරම් හොදද? (නි)

:       0       0

ප්‍රේමා Friday, 07 June 2013 04:09 PM

මම දරුවන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක්. මේ අම්මාගෙන් අපිටත් කොච්චර හොද දෙයක් ඉගෙන ගන්න තියෙනවද? (නි)

:       0       0

කුමුදු Friday, 07 June 2013 03:35 PM

ගයාන් ,සේනක,සංජීව වැන පුතුන් තව තවත් බිහිවේවා අපේ මව් රටට.(නදී)

:       0       0

මාපතී Friday, 07 June 2013 01:35 PM

මේ පුවත කියවපු ගමන් මට හැඟුනේ අම්මා කෙනෙක්ගේ හොඳ ක්‍රියාවක් කියලා.ප්‍රතිචාර දුටුවම ඒක තේරෙනවා. තමන්ගේ හැම දෙයක් ම කැප කරන්නේ මවුවරු ආපිට කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමේ.මමත් දුක්විඳලා යම් තත්වයකට පැමිණි කෙනෙක්. මට පුළුවන් විදිහට අනිත් අයටත් උදව් කරගෙන ජීවත්වෙනවා. (නි)

:       0       0

අරුණ Thursday, 06 June 2013 08:24 AM

මේ අම්ම කොච්චර හොඳ අම්ම කෙනෙක්ද ? (ස)

:       0       0

හිල්මී Thursday, 06 June 2013 09:25 AM

පන්තිය කල ගුරුවරයාටත් මගේ ප්‍රණාමය. (නදී)

:       0       0

හිල්මී Thursday, 06 June 2013 09:27 AM

සංජීව ඔයා වාසනාවන්තයෙක් අම්මා කියන්නේ අම්මා. (නදී)

:       0       0

අමල් Thursday, 06 June 2013 09:13 AM

එකනේ අම්මට දෙවෙනි බුදුන් කියන්නේ. උදාර මිනිස්සු කියලා එකක් හදල මේවගේ වැඩ දාන්න. මින්නිස්සුන්ගේ ගුණදම් වැඩි වෙන්න එක හේතුවක් වෙයි. එක පත්තරේටත් පිනක් වෙයි. (ස)

:       0       0

චන්දි Thursday, 06 June 2013 09:07 AM

උදාර මාතාවක් පොඩි පුතුට ජයෙන් ජයම වේවා !!!! (ස)

:       0       0

ඉන්දික Thursday, 06 June 2013 09:05 AM

ඕක මොකක්ද? හුගක් පන්ති වල බාගයක් ඉන්නේ අම්මලානේ.(ස)

:       0       0

රත්නේ Thursday, 06 June 2013 09:00 AM

ඒ අම්මගේ ආසාව ඉෂ්ට වෙන්න කියලා මම සුභ පතනවා (නි)

:       0       0

සංජීව Thursday, 06 June 2013 08:53 AM

සංජීව, මමත් සංජීව. ඔයාගේ වචන ටික මසුරන් වටිනවා. අම්මල එහෙම කරන්නේ දරුවන්ට තියෙන අසීමිත ආදරය නිසා, දෙවෙනි බුදුන් ලෙස ලොවම උවම් කල.. ලොවෙහි උතුම් ලඳ....අම්මා...අම්මා... (ස)

:       0       0

යොහාන් Thursday, 06 June 2013 08:42 AM

අම්මල දුක් ගන්නේ පුතුන් හදන්ට, පුතුන් රජුන් කරන්ට.(ස)

:       0       0

කිත්සිරි Thursday, 06 June 2013 08:23 AM

අම්මලා දරුවන් වෙනුවෙන් මොනවාද නොකරන්නේ? (නි)

:       0       0

අරුණ Thursday, 06 June 2013 08:21 AM

මේ අම්මා කොච්චර හොඳ අම්මා කෙනෙක්ද? (නි)

:       0       0

නුවන් අමරසිංහ Thursday, 06 June 2013 09:27 AM

ඉතාම සංවේදී සිදුවීමක්. මේ තමා නියම මව් සෙනෙහස. දරුවන් වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් මව්වරුන්ට කල හෑකියි. ඒකනෙ ගෙදර බුදුන් අම්මා කියන්නෙ.(නදී)

:       0       0

සේනක Thursday, 06 June 2013 07:59 AM

සංජීව, ඔයාගේ කතාව අහලා මට අපේ අම්මත් මතක් වුණා. මගේ අම්මා ගුරුවරියක්. මම පහල පන්තිවල ඉදිද්දි අම්මා හැම වාරයකදීම අම්මලාගේ ඉස්කෝලේ ප්‍රශ්න පත්තර වල කොපියක් ගෙදර ගෙනැල්ලා මට බලකරනවා කරන්න කියලා. මම උසස් පෙළ පන්තියේ ඉන්න කාලේ මුළු ලංකාවේම කඩදාසි හිඟයක් තිබුනා. අපේ අම්මා පහුගිය වාර පරීක්ෂණ වල ළමයින්ගේ උත්තර පත්තර වල නොලියපු පිටු ඔක්කොම ගලවාගෙන මට ගෙනත් දෙනවා කටු සටහන් කරන්න. අම්මයි තාත්තයි දවල්ට රෑට මඥ්ඥොක්කා තම්බලා කාලා එයාලගේ මුළු පඩියම මගෙයි අයියලාගෙයි හොස්ටල් ගාස්තු වලට වියදම් කළා. ඒ හන්දා අපි ඔක්කොම අධ්‍යාපනයේ ඉහලම උපාධිය ගත්තා. මොන අම්මත් කියන්නේ කරන්නේ ඒ වගේ උතුම් දේවල්. අර අම්මගේ පරමාර්ථයත් ඉතාම උසස්. ඒ පුතත් කවදා හරි උගතෙක් වෙලා අම්මගේ අසාවන් ඉටු කරයි කියලා හිතනවා. (නි)

:       0       0

වරුණ Thursday, 06 June 2013 07:31 AM

කොහොමත් ඉතින් පාසලේ ඉදන් ශිෂ්‍යත්වය ඕලෙවල් ඒ ලෙවල් වෙනකම් අම්මා ඉස්කෝලේ ගේට්ටුව ගාවනේ කාලේ ගෙවන්නේ?අනික ඉතින් ළමයට වඩා ශිෂ්‍යත්වය ගැන උනන්දුව තියෙන්න අම්මලටනේ (නි)

:       0       0

සංජීව Thursday, 06 June 2013 06:45 AM

මට මගේ ආදරණීය අම්මව මතක් උනා. 1985 මගේ අම්මත් මේ දේම කලා. ගමේ මිනිස්සු මගේ අම්මට පිස්සි කියල නමක් දැම්මා. මම ශිෂ්‍යත්වය පාස් උනා හොදින් ඉගෙන ගත්තා. දැන කාටවත් අත නොපා ලොකු වැටුපක් අරන් ජීවත් වෙනවා. මගේ අම්මට පිස්සු කියපු මිනිස්සුන්ගේ පුත්තු දුවල හිඟ නොකා හිඟ කනවා. හොඳට හෝ නරකට ළමයි හදන්නේ අම්මලා. මම වාසනාවන්තයෙක්.(නදී)

:       0       0

අසීම් Thursday, 06 June 2013 06:42 AM

ශිෂ්‍යත්වේ කියන්නේ අම්මලාගේ විභාගයනේ.(නදී)

:       0       0

අස්මා Thursday, 06 June 2013 06:32 AM

ශිෂ්‍යත්වේ කියන්නේ අම්මලාගේ විභාගයනේ.(නදී)

:       0       0

ආනන්ද ආර් Thursday, 06 June 2013 06:30 AM

මෙතන තිබෙන්නේ හිමිකම, අවශ්‍යතාවය, වගකීම, යුතුකම, සහ දාරක ප්‍රේමය යනාදී දේවල් මිසක් වැරදි දෙයක් නොවෙයිනේ.(නදී)

:       0       0

දම් Thursday, 06 June 2013 04:07 AM

ඕන කෙනෙකුට තේරෙනවානේ අම්ම ගියේ පාඩම් ටික අරන් එන්න පුතුට උගන්වන්න.උදාර මාතාවක්.... (නි)

:       0       0

ධම්මික Thursday, 06 June 2013 03:58 AM

ඒකේ වරදක් නැහැනේ.(නදී)

:       0       0

ෂෙරිෆ් Thursday, 06 June 2013 03:45 AM

අම්මා කිව්වොත් එක්කෙනයි බොරු නැති.(නදී)

:       0       0

ශ්‍රීලාල් Thursday, 06 June 2013 03:00 AM

බොහොම හොඳ ආදර්ශවත් අම්ම කෙනෙක්. කොහොම හරි දරුවන් ගොඩ දාගන්න ඕනෙනේ.(නදී)

:       0       0

සම්පත් Thursday, 06 June 2013 11:16 AM

නියම අම්ම කෙනෙක්, මේක මගේ දරුවෙකුට උනොත් මම ගෙදර හිටියොත් මමත් පන්තියට යනවා. (ස)

:       0       0

මනෝජ්-සාජා Thursday, 06 June 2013 02:07 PM

මොකද මේ අම්මා විභාගය ලියනවද ? (නි)

:       0       0

සරත් Thursday, 06 June 2013 01:36 PM

අම්මා කියන්නේ...... කියන්න වචන නැහැ. (නි)

:       0       0

ලලිත් Thursday, 06 June 2013 01:11 PM

නැතුව වෙන මොනා කරන්නද ගන්න ගාන සහ තියන තරගය හැටියට.(ස)

:       0       0

මේනක Thursday, 06 June 2013 12:16 PM

මටත් මතක් වෙනවා මගේ අම්මව, මමත් හරිම වසනවන්තයි. මගේ අම්මත් මේ වගේමයි. අම්මට දීර්ගායුෂ! (ස)

:       0       0

නුවන් Thursday, 06 June 2013 11:59 AM

මගේ නැන්දත් මේ දෙයම කළා මට මතකයි,එයාගේ පුතා වෙනුවෙන්. අවසානයේදී මගේ නැන්දගේ පුතා ලංකාවෙන්ම 6 වෙනියා වුනා විභාගෙන්. (නි)

:       0       0

හේරත් Thursday, 06 June 2013 11:59 AM

මීට වඩා මේ ක්‍රියාවට වැදගත්කමක් දෙන්න ඕනේ.(නදී)

:       0       0

අනුර Thursday, 06 June 2013 11:58 AM

ඇයි මොකක්ද මේකේ ඇති වැරද්ද ? (නදී)

:       0       0

මොහොමඩ් Thursday, 06 June 2013 11:39 AM

වචන නැහැ කියා නිම කරන්න.(නදී)

:       0       0

ලහිරු Thursday, 06 June 2013 11:19 AM

අපේ මිනිස්සුන්ගේ ලැජ්ජාව නිසා තමා හෙන ගහල තියෙන්නේ.මේක හොඳ ආදර්ශයක්.(ස)

:       0       0

හුසේන් Thursday, 06 June 2013 11:21 AM

යතාර්ථවාදී සිදුවීමක්.ඒ' අම්මටත්, ඒ ගුරුවරයාටත් මගේ ප්‍රණාමය. අම්මලාගේ කැපවීම එයින්ම පේනවා. ඔය වගේ අම්මල ලබන්නේ වාසනාවන්ත දරුවෝ.(ස)

:       0       0

ධම්මික Thursday, 06 June 2013 02:36 AM

ඔන්න අම්මලා. ඒකේ ඇති වරදකුත් නැහැනේ (නි)

:       0       0

නාලක Thursday, 06 June 2013 11:11 AM

ඉතා හොද අම්ම කෙනෙක් .ඉන්දික කියන අම්මල නෙවේ මේ.(ස)

:       0       0

වරුණ Thursday, 06 June 2013 10:38 AM

බොහොම හොඳ අම්ම කෙනෙක්! දරුවෝ කවදාහරි ලොකුමහත් වූ පසු දෙමව්පියන්ට ඉතා ඉවසීමකින් බුදුන්ට මෙන් සැලකිය යුතුයි.(ස)

:       0       0

පහන් Thursday, 06 June 2013 10:30 AM

දෙවියෝ මේවට නම් සාක්කි කියන්නේ නැහැ ආශීර්වාද නම් කරාවි.(ස)

:       0       0

අසේල Thursday, 06 June 2013 10:28 AM

සංජීව වගේ පුතෙක් ලබන්න එයාගේ අම්මත් ,ඒවගේ අම්මෙක් ලබන්න සංජීවත් වසනා කරන්න ඕනේ.(ස)

:       0       0

උපුල්. කේ Thursday, 06 June 2013 10:17 AM

අම්ම කියන්නේ ගෙදර බුදුන් ඇය කරලා තියෙන්නේ උතුම් ක්‍රියාවක් අද අපි හොදින් සමාජෙට මුහුණ දෙන්නේ අපේ අම්ම නිසා .......ඒ නිසා අම්මට හොදින් සලකන්න.(ස)

:       0       0

පහන් Thursday, 06 June 2013 10:12 AM

ගුරුවරයාට හිනාගියා උනාට මටනම් ඇස්වලට කදුළු ආවා."' මිහිමඩලේ අදුරුපෙතේ දිය උල්පත අම්මා වලාකුලින් මරුකතරට වහින වැස්ස අම්මා '.(ස)

:       0       0

ජෙප් Thursday, 06 June 2013 10:09 AM

සංජිව වගේ හිතන්න, කියන්න, ලියන්න, ඔබගේ පුතත් වාසනා වන්ත වේවා! අම්මේ ඔබත් එතරම් වාසනා වන්ත මවක් වේවා ! (නදී)

:       0       0

චන්දා Thursday, 06 June 2013 09:48 AM

මටත් කියන්න හිතෙනවා. උදාර මාතා.(නදී)

:       0       0

හිල්මී Thursday, 06 June 2013 09:28 AM

ඉන්දික කියන අම්මල නෙම්යි මේ. අසීම් කියන එකත් හරි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site