X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


අසැබි වැකි ලියූ සිසුවා ගුරුවරයාගේ ගැටයට අහුවෙලා

විදුහල් බිත්තියේ අසැබි වචන ලියූ අයකු සොයා ගුරුවරයෙකු අපූරු උපායක් යෙදීය.


විද්‍යාලයේ විනය භාර ගුරු මණ්ඩලය දිනපතා ක්‍රියාත්මකව සිසුන්ගේ විනය ගැන සැලකිලිමත් වෙමින්  සාර්ථක වෙනසක් සිදුකරද්දී ශිෂ්‍යභට ඛණ්ඩ භාර ගුරුමහත්වරු එම කටයුත්තට නායකත්ත්වය ලබා දෙමින් සිටියහ.


ඒ අනුව  තුනටියෙන් පහළට එල්ලා වැටෙන කලිසම් හැඳ සිටි ඇතැම් සිසුන්ගේ කලිසම් වාටි ලෙහාදමා යථාතත්ත්වයට පත් කළ අතර සිසුවියන්ගේ කොට ගවුම් ආදියේ වාටි ලෙහා දණහිස වැසෙන සේ සැකසීම ගුරුවරියන් විසින් සිදු කරනු ලැබීය.


කුඹුරුයායේ නියර මෙන් මැදින් ඉතිරි කර කොණ්ඩය කපා තිබූ උසස් පෙළ පන්ති නියෝජනය කරන සිසුන්ට මෙම නීතිය එකසේ බලගැන්වීම සිදුවීම නිසා සතියක් ඇතුළත විනයක් ඇති කිරීම පහසු විය.


මෙසේ දිනයක් දෙකක් යද්දී දිනක් උදෑසන විද්‍යාලයේ බිත්තියක සිසුවකු තවත් සිසුවියකගේ නමට සම්බන්ධ කළ පරුෂවචන සමූහයක් දක්නට ලැබිණි.
ශිෂ්‍යනායකයින් දුටු සැණින් ඒවා මකා දැම්මේය. නමුත් මේවා ලියූ කෙනා සොයා දඬුවම් ලබා දිය යුතුය. ඒ සඳහා සාහිත්‍ය ගුරුවරයා උපායක් ක්‍රියාත්මක කළේය.


එදින සාහිත්‍ය ගුරුවරයා සැක කටයුතු සෑම පන්තියකටම ගියේය.


ගොස් මෙවැනි  කවියක් සිසුන් ඉදිරියේ හඬ නගා කීවේය.


පව් කම් කළොත් කළ කම් පළදේ
හුරතල්  කටින් නරකක් නොකියනු
වේගය කැරකෙන   මද නල  සිඹ සිඹ
පළමුව ඉවසමු නොහැකි නමුත්.... 


අනතුරුව එය ඔවුන්ට ලියා ගන්නා ලෙසත්  කීවේය.


ලියූ සියලු කවි ඔහු විසින්ම පරීක්ෂා කොට රතුපෑනෙන් හරිය බැගින් දැම්මේය.  එක් කවියකට නිල් පෑනෙන් හරියක් දමා  ඒ සිසුවාද කාර්යාලයට කැටුව ගියේය.


විදුහල්පතිතුමා.... මෙන්න උදේ අර හපන්කම කරපු හාදයා මෙයාගෙන් නිදහසට කරුණු විමසලා කැමැති දෙයක් කරන්න.


සාහිත්‍ය ගුරුවරයා සැඟවුණු අකුරු වැලකින් කවියක් නිමවා පරුෂ වචන ලියූ  සිසුවාගේ  අත් අකුරු පරීක්ෂා කර තිබූ බව ගුරු මණ්ඩලයේ ද වටහාගෙන තිබුණේ කිහිප දෙනකු පමණි.

(වලල්ලාවිට විශ්ව ගැමුණු ප්‍රියංකර)



අදහස් (0)

අසැබි වැකි ලියූ සිසුවා ගුරුවරයාගේ ගැටයට අහුවෙලා

ජයන්ත Friday, 02 December 2016 05:23 AM

සු.නි.හේ: ඔබට තමන්ගේම රාජකාරිය මොකක්ද කියලා හරියට වටහාගැනීමට නොහැකි වුණ බව මෙයින් පේනවා. දරුවන්ට යහපත් මාර්ගය කියා දෙන්න ඕන වගේම එහි ප්‍රධාන අංගයක් වූ විනයානුකූලව කටයුතු කිරීමට පුරුදු කිරීමත් පලමුව ගෙදරින් දෙවනුව පාසැලෙන් සිදුවිය යුතුයි. එය පොලිසිවල කාර්‍යභාරයක් ලෙස හඳුන්වනවා නම්, ඔබගේ ගුරුසේවයේ ගුණාත්මකතාවය පිළිබඳව ප්‍රශ්ණයක් නේද? ඔබගේ අදහස ඔබගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් හෝ දුදරුවන් සමග සාකච්චා කර ඔවුන් ඔබේ අදහස හා එකඟ වෙනවද බලන්න. (ර)

:       0       0

නිමල් Sunday, 04 December 2016 02:06 PM

සුජිත් නිශාන්තගේ අදහස කාටවත් වැටහිලා නැහැ. ගුරුවරයෙකු වශයෙන් එම වරද අල්ලගන්න කරපු ක්‍රියාව නිවැරදියි. නමුත් විනය යනු පුද්ගලයකු තුළ අභ්‍යන්තරයේ ඇති කළ යුත්තක් බවත් බලහත්කාරි ක්‍රියා කරන්නේ ශික්ෂණ විද්‍යාවට අනුව ක්‍රියා නොකරන පාසල්වල බවත් ඒ සදහා වෘත්තීමය ක්‍රියා මාර්ග ඇති බවත් සුජිත්ගේ අදහස වන්නේ. (බ)

:       0       0

තුසිත Sunday, 04 December 2016 12:13 PM

සුජිත් නිශාන්ත ගුරුවරයෙක් නම් වෙන්ඩ බෑ.මොකද ගුරුවරු කවදාවත් ඔහොම හිතන් නෑ.මෙම ගුරුවරයා බුද්ධිමත් අයුරින් ඉතා සාර්ථකව ප්‍රශ්නය විසදලා තියෙනවා. මෙවැනි නරුම ළමයි පාසලේදීම හැදුවේ නැත්නම් මුළු ලෝකෙටම විනාසයක්. සුජිත් නිශාන් වගේ අය තමා උසස්පෙළ ලමින්ට ටැබ් දෙන්න කියන්නේ. (බ)

:       0       0

චමිත් - ඕමානය Sunday, 04 December 2016 09:24 AM

මෙම ගුරුවරයා බුද්ධිමත් අයුරින් ඉතා සාර්ථකව ප්‍රශ්නය විසදලා තියෙනවා. මේ වගේ ගුරුවරු ඉන්න එකත් ලොකු සතුටක්. (බ)

:       0       0

ධම්ම Saturday, 03 December 2016 01:35 PM

සිසුවියකගේ නමට සම්බන්ධ කළ පරුෂවචන සමූහය මොනවාදැයි මේ කවිපෙළ කියවීමෙන් තේරුම්ගත හැකිදැයි බලන්න. හැකිනම් ඔබත් මේ වයස පසුකල දඩබ්බරයෙක්. සතුටුවෙන්න අද ඉන්නා තැන ගැන. (ර)

:       0       0

ශශික Saturday, 03 December 2016 09:01 AM

දිලන්තගේ කියමන 100%ක් හරි. මේ සුජිත් නිශාන්ත ඇත්තටම ගුරුවරයෙක්ද මන්දා (නි)

:       0       0

සෙනෙවිරත්න Friday, 02 December 2016 02:15 PM

මෙවන් අවස්ථාවලදී ගුරුවරුන් නුවණක්කාරව කටයුතු කළයුතුයි (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Friday, 02 December 2016 08:49 AM

සුජිත් නිශාන්තගෙන් ඉගෙනුම ලැබූ දරුවෝ ඉන්නවා නම් ඔවුන්ට දෙවියන්ගේම පිහිටයි. කොහෙද යන්නේ මල්ලේ පොල්. (නි)

:       0       0

ගැමුණු Friday, 02 December 2016 05:37 AM

මේ පාසල් ගුරුවරයාගේ ක්‍රියාව අගය කල යුතුයි. මේවගේම දෙයක් 1959 මගේ පන්තියෙත් උනා අපේ පන්තිය බාර ගුරුවරයා වැරදි කල ළමය අල්ලගත්තෙත් ඔහොමයි. (ර)

:       0       0

දිලාන් Tuesday, 29 November 2016 09:46 AM

අපේ කාලයේ ෂර්ලොක් හෝම්ස් කථාවක්.(ම)

:       0       0

රෙහාන් Friday, 02 December 2016 04:11 AM

දිලන්ත, ඔයාගේ කීමට මමත් එකග වෙනවා. මේ ගුරුතුමන් අද ඔය ලමයව හොඳ මාර්ගයට නොගත්තොතින්, අනාගතයේ සමජගතවෙන මේ ළමයාගේ හැසිරීම මීට වඩා නරක වෙන්න පුළුවන්. (ර)

:       0       0

අබය Thursday, 01 December 2016 08:58 PM

සුජිත් නිශාන්තත් පව්. එයාගෙන් ඉගෙනගන්න ළමයිනුත් පව්.... (නි)

:       0       0

ටෙෂාන් Thursday, 01 December 2016 06:44 PM

නැණවත් ගුරුවරයෙක් (නි)

:       0       0

දිලන්ක Thursday, 01 December 2016 06:10 PM

සුජිත් නිශාන්ත හේවගේ වගේ හැමදේකම වැරදි දැකලා පොර වෙන්න කැපී පෙනෙන්න දඟලන අයත් ඔය ඉන්නේ... අපි කරපුවට ගුරුවරු ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් අපි අද හිරේ ..... (නි)

:       0       0

විපුල Thursday, 01 December 2016 01:36 PM

පව් නේද සුජිත් නිශාන්ත ගෙන් ඉගන ගන්න ළමයි (බ)

:       0       0

ලංකාසිරි Thursday, 01 December 2016 10:18 AM

මේ පාසල් ගුරුවරයාගේ ක්‍රියාව අගය කල යුතුයි. මෙවැනි නරුම ළමයි පාසලේදීම හැදුවේ නැත්නම් මුළු ලෝකෙටම විනාසයක්. . (ර)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Thursday, 01 December 2016 03:21 AM

ගුරුවරු පුහුණුවෙලා ඉන්නේ දරුවන්ට යහපත් මාර්ගය කියා දෙන්න මිස පොලිසිවල කාර්යභාරය පාසල් ඇතුළේ කරන්න නෙවෙයි. මේක තමන්ගේ රාජකාරිය මොකක්ද කියලා හරියට වටහාගැනීමට නොහැකි වුණ අවස්ථාවක්. ගුරුවරයා පාසල තුළ හරියට තමන්ගේ රාජකාරිය ඉටු කරනවා නම් කවදාවත්ම මේ වගේ දේවල් පාසල් ඇතුළේ සිද්ධ වෙන්නේ නැහැ. මමත් ගුරුවරයෙක්. ගුරුවරු නියම උගත්කම ලබාගෙන තමන්ගේ ශිෂ්‍ය ප්‍රජාවටත් ඒක නිවැරදිව ලබාදෙනවා නම් කවදාවත් තමන්ගේ ගෝලයෝ නරක විදිහට හැසිරෙන්නේ නැහැ (නි)

:       0       0

මාර්ක් Wednesday, 30 November 2016 05:26 AM

වෙන්න බැරි දෙයක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site