ඉගෙනගන්න බැරි ලෙස කොඩිවිනයක් කර ඇතැයි පාසල් සිසුවියන් පිරිසක් බියගැන්වූ ශාස්ත‍්‍ර කියන කාන්තාවන් කණ්ඩායමක් කොඩිවිනය ඉවත් කරන්නම් කියා සිසුවියන් සතු මුදල් ලබාගෙන පලාගිය සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබිණි.
අතිරේක පංතියකට ගොස් ආපසු නිවෙස් බලා යාමට බස් නැවතුමක රැුඳී සිටි අතරේ පැමිණි මෙම ශාස්ත‍්‍ර කියන කාන්තාවන් කණ්ඩායම සිසුවියන් ළඟට පැමිණ පොඩි නෝනා ”ශාස්ත‍්‍රයක් බලමුද” කියා අසා ඇත.
එවිට ශාස්ත‍්‍ර බැලීමට තමන් ළඟ මුදල් නැතැයි කියූ විට කමක් නෑ, ටිකක් අතදෙන්න බලන්න. සැප විඳින්න වගේම කරදර තිබෙන බව මුහුණුවලින් පේනවා. සල්ලි එපා නිකම් කියන්නම් කියා සිසුවියන් කිහිප දෙනකුගේ හස්ත රේඛා පරීක්ෂා කර ඇත.
මෙලෙස හස්ත රේඛා පරීක්ෂා කිරීමෙන් සිසුවියන්ට ළඟදී ලොකු කරදරයක් වෙන්න තිබෙනවා කියා බිය ගන්නා එය වැලැක්වීමට පඬුරු වශයෙන් රුපියල් 300 බැගින් දෙන ලෙස ඉල්ලා ඇත.
මෙයින් බියට පත්වූ සිසුවියන් දෙදෙනකු තමන් සතුව තිබූ මුදල් එකතු කර දී තිබෙන අතර තවත් සිසුවියන් දෙදෙනකු මුදල් නැතැයි කියා ඇත. එවිට එහෙනම් කරදර වෙයි කියා බිය ගන්නා නැවත එන බවත් කියා එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.
මෙයින් බියට පත්වූ සිසුවියන් ළඟ සිටි වැඩිහිටියකුට මේ බව පවසා ඔහු මාර්ගයෙන් සිද්ධිය පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා තිබේ. එහෙත් පොලීසිය පැමිණෙන විට එම ශාස්ත‍්‍ර කියන කාන්තාවන් පිරිස ප‍්‍රදේශයෙන් පලාගොස් ඇත.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අහන්න ගිය සාස්තරේ සිසුවියන්ට කොඩි විනයක් වෙලා
සරත් Wednesday, 18 December 2013 10:31 AM
අනේ මන්දා මේ ළමයි පන්ති යන්නේ රටාවටද එහෙම නැත්නම් විෂය කරුණු විතරක්ම ඉගෙන ගන්නද කියලා. බොහෝවිට ලේසියෙන්ම තරුණයන්ගේ ගැට වලට අහු වී අමාරුවේ වැටෙන්නෙත් මේ වගේ අය තමයි.(නදී)
විරාජ් කාලිංග Wednesday, 18 December 2013 11:41 AM
21 සියවසේ අල්ල බලල කියන පේන විශ්වාස කරන සිසුන්ද ඉන්නේ ,(දිල්)
රසික විතාන Wednesday, 18 December 2013 12:45 PM
මේ වගේ මෝඩ වැඩ කරන අය තවමත් ඉන්නව නේද? (නදී)
ශ්‍යාමලී Wednesday, 18 December 2013 01:31 PM
ඒ ළමයින්ට නැති වුනේ රුපියල් තුන්සීයක් විතරයි. ඔය කාන්තාව නිසා මගේ යාළුවට රුපියල් 2500 ක් නැති වුනා.(නදී)
ලාල් කැන්ඩි Wednesday, 18 December 2013 03:11 PM
නංගී මෝඩකමට බෙහෙත් නැත. ඔයාලගේ විභාග ප්‍රතිපල ගැනත් හිතා ගන්න පුළුවන්.(නදී)
ආරියසේන Wednesday, 18 December 2013 09:33 PM
සාස්තරේ රැකියාවක් වසයෙන් තෝරාගෙන ඉන්නේ තමන්ගේ බඩ ගෝස්තරය සොයාගන්න කියන එක අමතක කරන්න හොඳ නැහැ. මිනිස්සු මුලා කරලා මුදල් ගරා ගන්නවා.(නදී)
නුරි Thursday, 19 December 2013 07:50 AM
රටේ ලොකු ලොකු අයත් සාස්තර කාරයන් පස්සේ යන එකේ මේ පොඩි උන් නොගියොත් තමා පුදුමේ. මේ ළමයින්ට අපහාස කරන්න එපා. ලංකාවේ අධ්‍යාපනය තාම සියවස් ගණනක් පස්සෙන් තියෙන්නේ. ඒක වෙනස් කරන කම් මෙහෙම තමයි.(නදී)
රූපවතී රත්නායක Thursday, 19 December 2013 11:02 AM
ඊයේ අපේ නත්තල් භක්ති ගී ගායනයට උදව් උපකාර කල සැමට ස්තුතියි.(නදී)
අජිත් Thursday, 19 December 2013 06:50 PM
හැම ළමයම එක විදිය නෙමෙයිනෙ. ඉතින් ඕවට අහුවෙනවා තමයි. ළමයිනේ මින් පසු අහුවෙන්න එපා.(නදී)
සරත් Thursday, 19 December 2013 11:11 PM
පසු ගිය පුවත් පතක මම දැක්කා ගුරුකම් වැඩකට ලක්ෂ 30ක් දීල ඒක ගන්න පොලිසි ගිය කෙනෙක් ගැන.ළමයි මෙතරම් අන්ද බක්තියෙන් දුරස් වෙන්න උත්සහ කරන්න.අවිද්‍යාවෙන් මිදෙන්න.(අ)
ප්‍රසීන් Friday, 20 December 2013 03:20 AM
සාස්තරේ තමයි...කන්ට සුත්තරේ...(අ)
ශාන්ති Friday, 20 December 2013 05:13 PM
පොඩි ළමයි ටිකක් නිසා රවට්ට ගන්ඩ ඇති . (අ)
රොෂාන් රෝස් Monday, 23 December 2013 09:23 AM
පව් අහිංසක ළමයි. රටේ ලෝකෙ ගැන දැනුමක් නැහැ. (ස)