(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
රාත්‍රියට ඉදී වැටෙන දූරියන් අලුයම ඇහිඳීමට ගහ යට නොමැති බව පවසා තාවකාලික පැල්පතක් ගහ අසල තනාගෙන වැටෙන ගෙඩි ගාන ගණන් තබා ගත්තත් අලුයම ගහ යට ඇහිඳීමට ගිය විට දූරියන් නොමැති බව පවසන වියපත් කාන්තාවක් පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ගමක වයස අවුරුදු 82 ක පමණ වියපත් කාන්තාවක් පදිංචිව සිටින්නීය. ඇගේ සැමියා මීට කලකට ඉහතදී මිය ගොසිනි. දරුවන් සිව් දෙනා විවාහ වී තිදෙනෙක්ම පිට පළාත්වල පදිංචිව සිටිති. බාල පුතාගේ නිවසේ මෙම කාන්තාව පදිංචිව සිටින්නීය.
කාන්තාව පදිංචි නිවස පිහිටා ඇත්තේ තරමක් උස කන්දකය. මෙම කන්දේ පිහිටි නිවසට පහළින් ඇගේ වත්තේ පැරණි විශාල දූරියන් ගසකි. මේ දූරියන් ගසේ වෙනදාට වඩා තරමක් පලදාව අඩු වුවත් මෙවරත් සාමාන්‍ය දූරියන් ගෙඩි 150 වඩා පල දරා ඇත. දූරියන් ගස මීට සති දෙකකට පමණ ඉහතදී වෙළෙන්දන් කිහිප දෙනෙකු පැමිණ විවිධ මිල ගණන්වලට ඉල්ලා ඇත. ඉල්ලා සිටි මිල ගණන්වලට දෙපාර්ශ්වයම අකමැති වූයෙන් දිනක් පුතාගේ මැදිහත්වීමෙන් වෙළෙන්දකු රුපියල් 30, 000 ට දූරියන් ගහ ඉල්ලා සිටි අවස්ථාවේ දී කාන්තාව ඊට අකමැති වී ගනු දෙනුව අතරමග නතර කළාය.
‘‘එහෙනම් අම්මට ඕනෑ එකක් කර ගන්න යැයි පවසා පුතා දූරියන් ගස බදු දීමෙන් ඉවත් විය. මේ දිනවල දූරියන් මිල අධික බවත් ගෙඩි 200 ට ආසන්න සංඛාවක් පල දරා ඇති බවත් ඉදී වැටෙන ගෙඩියක් රුපියල් 300ට 400ට අලෙවි කිරීමෙන් තමාට රුපියල් 40,000 ක් 50,000ක් පමණ උපයා ගත හැකි බව වයෝවෘද්ධ කාන්තාව පුතාට කීවාය.
දින කිහිපයක සිට දිවා රෑ දෙකේම දූරියන් වැටෙන්නට පටන් ගත් අතර දවල්ට වැටෙන දූරියන් වයෝ වෘද්ධ කාන්තාව දිව ගොස් අහුලා ගෙඩිවල හැටි හැටියට ගම්වාසීන්ට අලෙවි කරන්නීය. රාත්‍රියට නින්ද නැතිව ඇඳේ සිට වැටෙන දූරියන් ගෙඩි ගණන ගණන් හැදුවත් අලුයම ඇහිඳීමට ගියවිට එක ගෙඩියක් ද නොමැති බව දැන ගත් ඇය පසු වූයේ දැඩි කනස්සල්ලෙන්ය.
පසුව සිය පුතාට කිහිප වරක් ගස අසල තාවකාලික පැල්පතක් තනා දෙන ලෙස ඉල්ලීමක් කළද ඔහු එය ප්‍රතික්ෂේප කළේය. පසුව අසල්වැසි තරුණයෙකු ලවා දූරියන් ගස ආසන්නයේ තහඩු සෙවිලි කර තාවකාලික පැල්පතක් තනාගෙන රාත්‍රිය ගත කරමින් වැටෙන දූරියන් ගණන් හදා ගත්ත ද අලුයම යළි ඇහිඳීමට ගිය අවස්ථාවේ දී එක ගෙඩියක්වත් නොමැති බව දිනක් පුතාට පැවසුවාය.
‘‘ඒක තමා මම අම්මට කිව්වේ ගහ එක පාර බදු දීලා අර රුපියල් 30,000 ගත්තා නම් ඔය කරදර මොකවත් විඳින්න වෙන්නේ නෑනේ. මම කියපු දේ අම්මා ඇහුවේ නෑ. දැන් ගහෙන් භාගයකට වඩා ගෙඩි වැටිලා ගිහිල්ලා. මට පෙන්නේ දැන් රුපියල් 30,000 ක් හොයා ගන්න බැරි වෙයි කියලා. ඔය වැටෙන දූරියන් අහල පහළ ගෙවල්වල කොල්ලෝ හීන් සැරේ ඇවිල්ලා අහුලා ගන්නවා අම්මේ. අම්මා උන්ට මොකවත් කියන්න එපා දූරියන් ගෙඩියක් ඇහින්දා කියලා. අම්මා දැන් ගෙදරට වෙලා ඉන්න. දවල්ට වැටෙන එක අහුලාගෙන විකුණා ගන්න. කැමති නම් ගහේ ඉතිරි වෙලා තියෙන ගෙඩි ටික කාට හරි එක පාර දීලා කීයක් හරි අරන් දෙන්නම්. නැත්නම් ඒකත් නැති වෙයි යැයි පිරිමි දරුවා සිය මවට කීවේය. ඒත් වයෝවෘද්ධ කාන්තාව පුතාගේ කීම පසෙකලා තවමත් රාත්‍රියට වැටෙන ගෙඩි ගණන් කර පැල් රකින බව වාර්තා වෙයි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ආච්චි අම්මා පැල් රැක්කත් දූරියන් අතුරුදන්
Mangala Saturday, 14 August 2021 03:09 PM
මම නම් මේ අම්මාට දොස් කියන්නේ නැහැ කිසිසේත්ම. මේ විදියට තමයි එදා මිනිස්සු අරපරිස්සමින් වැඩ කලේ. අද අය මොකද කරන්නේ ගෙදර පොල් ටික විකුණලා කඩේ පුස්කාපු පොල්තෙල් වැඩිගාණක් දීලා ගන්නවා ලෙඩත් එක්ක. ලේසිය වාසිය තමා බලන්නේ... අම්මට ටිකක් උදව් වුණානම් 30000 වෙනුවට 50000ක් ගන්න පුලුවන් කියලා පුතාගේ මොලේට එන්නේ නැතුව ඇති...