X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


ආණ්ඩුවේ කන්තෝරුවක ලොක්කියක් තීන්ත පෑඩයෙන් කෝල් කරලා

(බුලත්කොහුපිටිය රවීන්ද්‍ර වෙලගෙදර)

ජංගම දුරකථන යැයි සිතා කාර්යාලයේ තිබූ සීල් ගසන තීන්ත පෑඩය හදිසියේ තම අත්බෑගයේ දමා ගෙන ගිය කතක ගැන බුලත්කොහුපිටිය ප්‍රදේශයේ එක්තරා රජයේ කාර්යාලයකින් වාර්තා විය.

සිද්ධිය සැකවින් මෙසේය. ඇය එම කාර්යාලයේ ප්‍රධාන තනතුර හොබවනු ලබයි. සිදුවීම වූ දින ඇය දහවල් ආහාරය සඳහා කාර්යාලය වසා තම නිවෙසට යාමට සූදානම් විය.

එහෙත් එදින ටිකක් වැඩ අධික දිනයක් වූ බැවින් වෙනදාට වඩා කාර්යාලය වසන වේලාව ගතවී තිබුණි. ඇය කඩිමුඩියේ කාර්යාලය වසා තම අඩුම කුඩුම ටික බෑගයට දමා පිටත්වූයේ නැවතත් නියමිත වේලාවට කාර්යාලය විවෘත කළ යුතු බැවිනි. ඇය තම නිවෙසට යන අතර මගදී තම පාලන කාර්යාලයට පණිවිඩයකට දුරකථන ඇමතුමක් ගැනීමට සිදුවිය.

ඇය තමන්ගේ බෑගය විවෘත කර ජංගම දුරකථනය ගැනීමට සූදානම් වුවද ජංගම දුරකථනය ඇගේ බෑගයේ නොවීය. කාර්යාලයේ සීල් ගසන තීන්ත පෑඩය බෑගයේ කොනකට වන්නට තිබුණි. සිදුව තිබෙන දේ තේරුම් ගැනීමට ඇයට වැඩි කාලයක් ගත නොවුණි.



අදහස් (0)

ආණ්ඩුවේ කන්තෝරුවක ලොක්කියක් තීන්ත පෑඩයෙන් කෝල් කරලා

සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 03 May 2016 01:32 AM

වසර හයක කෙටි කාලසීමාවක්‌ ඇතුළත සියයට 20 ට අඩු ප්‍රමාණයක පැවති ජංගම දුරකථන භාවිතාව දැන් සියයට 90 මට්‌ටමට පැමිණ තිබෙනවා. (නි)

:       0       0

රෝහණ Friday, 06 May 2016 04:46 PM

මිනිසුන්ගේ අතින් කලබලයට මේ වගේ දේවල් සිදුවෙනවා (නි)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Friday, 06 May 2016 02:03 AM

බියංකට නැද්ද මෙහෙම ගැටලුවක්? මම හිතන්නේ බියංකා නම් ජංගම දුරකථනයෙන් පෙම්වතාට කතාකරන්නෙ නැතුව ඇති රාජකාරි වෙලාව තුළ නේද? (නි)

:       0       0

මනෝජ් Wednesday, 04 May 2016 03:20 AM

කැමති කෙනෙක් තොරතුරු සොයා බලා සත්‍ය වටහා ගන්න. තමන් කරන දේ ප්‍රතිඵල තමන්ට සහ ළඟින් ඉන්න අයටයි. (නි)

:       0       0

ආරච්චිගේ Wednesday, 04 May 2016 01:27 AM

මෙහෙම අය එක්ක කොහොමද අපි ඉදිරියට යන්නේ? (නි)

:       0       0

බියංකා Wednesday, 04 May 2016 01:22 AM

මෙච්චර සිහිය නැතිවුණාම මදැයි (නි)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 04 May 2016 01:21 AM

රෑ පුරා චාර්ජ් වෙන්න ගහලා නිදාගත්තම බැටරිය පිච්චෙනවා කියන එක මිථ්‍යා මතයක්. නූතන පර්යේෂණ වලින් එය ඔප්පුවෙලා තියෙනවා. මනෝජ් හිතනවට වඩා ජංගම දුරකතනය බුද්ධිමත්. (නි)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 04 May 2016 01:16 AM

ජංගම දුරකථනය චාර්ජ් වෙන අතරතුරේ පාවිච්චි කරන්න එපා යන්න මිථ්‍යා මතයක් බව දැන් ඔප්පු වී ඇත. එලෙස පාවිච්චි කළාට කිසිදු ප්‍රශ්නයක් නැත. හැබැයි හොඳ නැති, ඔර්ජිනල් නොවන චාර්ජර් පාවිච්චි කරන්නේ නම් එලෙස කරන්න එපා. (නි)

:       0       0

මනෝජ් Tuesday, 03 May 2016 06:04 AM

නිශාන්ත, නිකන් දන්නවා වගේ බොරු කියන්න එපා. මේක වැදගත් නිසයි මම ලියන්නේ. 01) "දුරකථනය චාර්ජ් වෙන අතරතුර පාවිච්චි කරන්න එපා" කියන්නේ සමහර බාල චාර්ජර් කනෙක්ටර් ෂෝර්ට් වෙන නිසා. එක තවමත් වෙන්න පුළුවන්. 02)"රෑ පුරා චාර්ජ් වෙන්න ගහලා නිදාගන්න එපා" කියන්නේ සමහර බැටරි පුපුරන නිසා. මේක තවමත් වෙන්න පුළුවන්" 03)බැටරිය සම්පුර්ණයෙන් බැසීමට ඉඩදෙන්න" කියන එක අදාළ උනේ ඉස්සර තිබුන බැටරි රසායනික ද්‍රව්‍ය වලට එහෙම අවශ්‍ය නිසා. දැන් අලුත් ඒවාට එහෙම ඕන නැහැ. (ර)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 03 May 2016 05:49 AM

රාජ්‍ය සේවයේ ලක්‍ෂ 09 කට ආසන්න රාජ්‍ය සේවකයන් පිරිසක්‌ රාජකාරි වේලාවේදී පැය දෙකක්‌ දුරකථනය හෝ අන්තර්ජාලය භාවිත කරන බව අනාවරණය කරගෙන තිබුණේ රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තිය සමිති සම්මේලනය මැදිහත් වීම මත මාස තුනක කාලයක්‌ තිස්‌සේ ලංකාවේ සියලුම පළාත්වල පිහිටි රාජ්‍ය ආයතන ආවරණය වන ආකාරයට කරන ලද සමීක්‍ෂණයකින් ලක්‍ෂ 14 කට ආසන්න වූ රාජ්‍ය සේවකයන් අතුරින් 60% වැඩි ප්‍රමාණයක්‌ මේ ආකාරයට අන්තර්ජාලයේ සැරිසරති. වයස අවුරුදු 18 සිට 45 දක්‌වා වූ වයස්‌ කාණ්‌ඩවල පසුවන රාජ්‍ය සේවක පිරිසක්‌ රාජකාරි වේලාව "අපහරණය" කරති. (බ)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 03 May 2016 01:49 AM

“දුරකථනය චාර්ජ් වෙන අතරතුර පාවිච්චි කරන්න එපා, “රෑ පුරා චාර්ජ් වෙන්න ගහලා නිදාගන්න එපා, බැටරිය සම්පුර්ණයෙන් බැසීමට ඉඩදෙන්න” මෙවැනි මිත්‍යා විශ්වාස බොහෝය. බැටරි පාවිච්චියේදි කළයුතු දේවල් හා නොකළයුතු දේවල් තිබෙනවා, වශයෙන් මේ ශ්‍රී ලාංකික සමාජය පුරා මිථ්‍යා විශ්වාස බොහෝය (නි)

:       0       0

සඳුන් Thursday, 28 April 2016 09:02 AM

අයියෝ ඕක මොකක්ද මම පර්ස් එක අතේ තියන් සාක්කුවේ හොයලා තියෙන්නේ.... (ර)

:       0       0

අකිල Saturday, 30 April 2016 03:51 AM

අැයි අපි දුරකථනය අතේ තියාගෙන ඒක හොයන්නේ... (නි)

:       0       0

ටෙෂාන් Saturday, 30 April 2016 03:37 AM

අනේ හැබෑට මෙහෙමත් කට්ටිය! (නි)

:       0       0

අරුණ Friday, 29 April 2016 04:16 PM

අපේ වැඩිවුණ යාලුවෙක් අම්මට පෙනෙන වෙරි නැහැ කියල කොණ්ඩේ පීරලා .පීරලා තියෙනේ වෙඩින් කේක් එකකින්..උදේ බැලුවම ලු දන්නේ ඔලුවේ පුරා අයිසින්ලු (බ)

:       0       0

මනෝරි Friday, 29 April 2016 04:24 AM

රත්වුණ ඉස්තිරික්කයෙන් කෝල් එකක් ගන්නවට වඩා මේක හොඳයිනේ. (බ)

:       0       0

ජානක Thursday, 28 April 2016 10:51 PM

මොහාන් ඔය පොර කුකුල් සමිතියේ සභාපතිද. කෙක්කක් වගේ එල්ලෙනමයි බලන්නේ (බ)

:       0       0

මොහාන් Thursday, 28 April 2016 03:39 PM

ඔයා ගැන නං කතා කරන්න දෙයක් නෑ පිටබැද්දර ජයා. ඔයා කඩේ යන කට්ටිය දැක්කම අපිට ඔහොම හිතුණා (බ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 28 April 2016 01:29 PM

වික්රමටත් මේ වගේම අලකලංචියක් උනා දවසක් , සැන්ඩ්යි කියල දෙපාරම මදුවිත වක් කොරගෙන බීල හරිම ජංජාලයක් උනා.... (ර)

:       0       0

ඉනෝකා Thursday, 28 April 2016 01:25 PM

ඇයි සමහරු ඇස් කන්නාඩිය ඔලුවේ රඳවාගෙන ගේ දෙවනත් කරන්නේ.? (ර)

:       0       0

අසෝක Thursday, 28 April 2016 09:11 AM

මේවා හදිසියට සිදුවන සුළු දේවල් ,(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site