X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


ආදරයේ තරම පෙන්වන්න අමුතුම දෙයක් කරලා

(කරන්දෙණියේ - සුසිල් ප‍්‍රියන්ත)
යාබද නිවසේ විසූ කාන්තාවගේ රෙදි වැලේ වනා තිබූ රෙදි අතරින් ඇයගේ යට කලිසම සහ යට සාය හොර රහසින් පන්නා එහි ”අයි ලව්” යන වැකිය සමග ජංගම දුරකථනයේ අංකය සහ සිය නමද ලියා යළිත් ඒ රෙදි වැලටම දැමුවේ යයි කියන පුද්ගලයකු සැකපිට ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


පොලිසිය පවසන පරිදි දෙදෙනාම විවාහකයෝය. යාබද නිවෙස්වල විසු අයවූහ. නිවෙස් දෙක වෙන්ව තිබුණේ වැටකිනි.
කතානායකයා මේ කාන්තාව සමග නිතර නිතර හාදවීමට උත්සාහ කළේය. ඒ කිසිවකින් ඇය මෙල්ල කිරීමට නොහැකිවී ඇත. ඔහුත් මේ ගේම ලෙහෙසියෙන් අත් නොහැරියේය.


ඒ සඳහා එක එක ක‍්‍රමෝපායන් භාවිතා කළේය. ඒ අතර සාම්ප‍්‍රදායේ තියෙන ඒවා මෙන්ම සාම්ප‍්‍රදායෙන් බැහැර ඒවාද විය. ඒ එකක්වත් වැඩ නොකළේය. අන්තිමට ඔහු මෙතුවක් කලක් කවුරුත් කළා යැයි අහන්න දකින්න නොලැබුණු දෙයක් මේ වෙනුවෙන් කරන්න සිතුවේය. ඒ ඔහු ඇයට ඇති අසීමාන්තික ආදරය පෙන්නීමටය.


යාබද නිවසේ විසූ ඇයගේ තමාට අවැසි රෙදි වැලේ දමන තෙක් ඔහු දින ගණනක්ම බලා සිටියේය. එදින උදාවිය. ඔහු කාටත් හොරෙන්ම රෙදි වැල ළඟට ගොස් ඇයගේ යට කලිසම සහ යට සාය රැුගෙන ආවේය. ඒවායේ ”අයි ලව් යූ” වැකි සමග තමන්ගේ ජංගම දුරකථන අංකය සහ සිය නමද ලිව්වේය. ඉන් අනතුරුව ඔහු එම යට කලිසම සහ යට සාය යළිත් එම රෙදි වැලට දැමුවේ මෙවර නම් ඇය තමාට කැමැති වේ යයි සිතාය.


සිදුවූයේ අනෙකකි. ඇය ඔහුට ආදරය කිරීම වෙනුවට කළේ අයි ලව් යූ කියා, ජංගම දුරකථන අංකය සහ නම ලියා තිබූ යට කලිසම සහ යට සාය පොලිසියට රැුගෙන යාමය. යට කලිසමේ සහ යට සායේ ලියා තිබූ ජංගම දුරකථන අංකයට ඇමතුමක් දුන් පොලිසිය එය කතානායකයාගේ බව පසක් කර ගත්තේය. ඒ අනුව ඔහු පොලිසියට කැඳවා තදින්ම අවවාද කොට කතානායිකාවගේ පැත්තවත් නොබලන ලෙසද නියෝග කොට පොලිස් ඇපමත මුදා හැරියේය.
පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ආදරයේ තරම පෙන්වන්න අමුතුම දෙයක් කරලා

සමීර Tuesday, 30 September 2014 06:18 PM

මේක තරහකාරයෙකුට කර බලන්නත් පුළුවන්. තරහකාරයාගේ අංකය අල්ලපු ගෙදර කෙනාගේ යට සායේ ලිවුවා නම් නිකම්ම පොලිසියෙන් ඉල්ලලා දෙන්න පුළුවන් (නි)

:       0       0

විදුරංග විලොචන Tuesday, 30 September 2014 12:17 PM

රූපවති ආන්ටි, තනි අතින් අප්පුඩි ගහන්න බෑනෙ. ගෑනු උදවිය ගැන ඇන්ටිගෙ දැනුම හොරයි වගේ නම් අපි මතක් කරල දෙන්නම්. (දී)

:       0       0

ඉෂානි Tuesday, 30 September 2014 12:25 PM

පොලිසියේදී දෙන්න තිබ්බේ දෙකක් (දී)

:       0       0

නිමාලි Tuesday, 30 September 2014 12:25 PM

මෙහෙම ආදරේ හොයන්න ගියොත් වැලක ඇඳුමක් වන්න වෙන්නේ නැහැ (දී)

:       0       0

නිමේෂා Tuesday, 30 September 2014 12:25 PM

ඩිලාන්ගේ කතාව නියමයි (දී)

:       0       0

නිම්මි Tuesday, 30 September 2014 12:28 PM

ආදරයට කොහේදෝ බාධා නැත්තේ (දී)

:       0       0

චානක Tuesday, 30 September 2014 12:28 PM

පව් අසරණ මිනිස්සු (දී)

:       0       0

චතුරිකා Tuesday, 30 September 2014 12:28 PM

හිනාවෙන්නත් තියෙන්න එපායෑ

:       0       0

ච්න්ති Tuesday, 30 September 2014 12:28 PM

මට හිනා ගියේ ඩිලාන්ගේ කතාවට.. (දී)

:       0       0

බුද්ධි Tuesday, 30 September 2014 01:18 PM

මට මැවිලා පේනවා ගෙනිහින් පොලිසියට පෙන්නුවේ කොහොමද කියල අර ගෑනු පරානේ ...! (දී)

:       0       0

රමේෂ් Tuesday, 30 September 2014 01:25 PM

එතකොට රුවපතිගේ මනුස්සයා අයිති වෙන්නේ ඔතනින් මොන ගොඩටද? අනේ අපි කියන දෙයක් නෙවෙයි ...ඔන්න රුපවතිම තම කිවේ. (දී)

:       0       0

ශානි Tuesday, 30 September 2014 02:38 PM

අජිත් සහ රුවන් එකම ජාතියේ දෙන්නෙක්.හිතගන්න පුළුවන් දෙන්නගේ තරම. (දී)

:       0       0

කල්ප Tuesday, 30 September 2014 03:39 PM

මාරු වැඩේ (දී)

:       0       0

නිහාල් Tuesday, 30 September 2014 04:53 PM

මගේ යට ඇදුමක් කාන්තාවක් හොරකම් කරලා පසු කාලයක ඇයම මා සමග කීවා (දී)

:       0       0

ඩි ජේ Tuesday, 30 September 2014 05:28 PM

ඔකට බැනල වැඩක් නෑ... (දී)

:       0       0

ලසන්ත Tuesday, 30 September 2014 11:39 AM

පුදුම ආදරයක් තමයි මේක (දී)

:       0       0

ප්‍රියංජිත් Tuesday, 30 September 2014 06:47 PM

ඒ දෙන්නා අමනාප වුණාට ඇඳුම් කවදාවත් අමනාප වෙන්නෙ නැහැ (නි)

:       0       0

ධම්මිකා Wednesday, 01 October 2014 12:29 AM

ඔය ආදරේ කියල තියෙන්නේ ඇදුම් වලට වෙන්න ඇති. ඔන්න ඔහේ දීල දාන්න තිබ්බේ මිනිහටම. (නදී)

:       0       0

චන්ද්‍රා Wednesday, 01 October 2014 01:04 AM

ඉඳල හිටලා රුපවතිත් නියම කතා කියන්නේ. (නදී)

:       0       0

දිසා Wednesday, 01 October 2014 02:23 AM

ආදරය ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙනවා පුද්ගලයෙකුට. (නදී)

:       0       0

රූපවතී Wednesday, 01 October 2014 03:51 AM

රමේෂ් සොයුර, මගේ මහත්තය සහ මම ජීවිත කාලෙටම ඉන්නේ අර මම කියපු 10 ගොඩේ (නදී)

:       0       0

රූපවතී Wednesday, 01 October 2014 03:55 AM

විදුරංග කොලුවෝ, ආන්ටිලා ගැන මොකුත්ම කියල නැහැ මේ ප්‍රවෘතියේ. ඒ ගැන අපි පස්සේ කතා කරමු. කොහොමටත් කාන්තාවන් නිසා තමයි, අද ලංකාවේ සෑම පව්ලකම අනාගතය මෙහෙමවත් රැකිලා තියෙන්නේ කියල මම ඉතාම සතුටින් කියා සිටිනවා..(නදී)

:       0       0

නිලක්ෂි Wednesday, 01 October 2014 05:20 AM

රුවන්, ඔයත් රාගික බැල්මක් දැම්මොත් ඔහොම කරනවද? නැත්තම් වෙන ක්‍රමයකින් ආදරේ ප්‍රකාශ කරනවද? (නදී)

:       0       0

محمد أنصار Wednesday, 01 October 2014 05:35 AM

යටි හිතේ තිබුණු දේ, යටපත්වම අවසන් වුනානම් හොඳයි. (නදී)

:       0       0

කෝකිලා Wednesday, 01 October 2014 05:46 AM

මේ වාගේ කථා දාන්න එපා. ගැහැණු අපට හොඳ නැහැ (නදී)

:       0       0

නිමල් Wednesday, 01 October 2014 06:45 AM

හොඳ වෙලාවට හෝදල තිබුනේ නැත්නම් නාන්නවෙයි සුමානයක්වත්. (ස)

:       0       0

සරත් Wednesday, 01 October 2014 10:18 AM

රූපා අක්කේ, පිරිමි අය ගැන ඔයා හොඳට දන්නවා නේද? (නි)

:       0       0

කමල් Wednesday, 01 October 2014 01:35 PM

නිහාල් , ඒ කාන්තාවගේ මුළු ගෙටම එයාර් ෆ්රෙශ්නර් ගහන්න සිද්ධ වෙන්න ඇති නේද ?(අ)

:       0       0

මහේෂ් Wednesday, 01 October 2014 03:30 PM

ජීවිතයටම අහපු නැති කතාවක්. නියම "පොරක්" (නි)

:       0       0

බෙනරගම Wednesday, 15 October 2014 08:26 PM

දැන් ඒ ඇඳුම් කොහේද? (නි)

:       0       0

රොහාන් Monday, 29 September 2014 10:06 AM

මේ කතාව කොහොම වුනත් ඔය අසහනකාරී පුරුදු අපේ රටට ආවේ බටහිර සංස්කෘතියත් එක්ක.එම රටවලත් ඔයවගේ පිස්සු වැඩකරන පුද්ගලයො ඉන්නවා. (දී)

:       0       0

ජෙහාන් Sunday, 28 September 2014 09:44 PM

දැන් අපේ කට්ටිය ඔක්කොම මේ විදියට ආදරය ප්‍රකාශ කරන්න හදයිද දන්නේ නැහැ. වැලේ තිබෙන ඒවා නම් කමක් නැහැ. ඇඟේ තිබෙන ඒවා වුණත් කමක් නැහැ කියලා හිතුවොත් තමයි ප්‍රශ්නේ. (නි)

:       0       0

ජිලාන් Sunday, 28 September 2014 11:27 PM

හිනාවෙලා පණ ගියා. ස්තුතියි ලංකාදීපයට! (නි)

:       0       0

සමනලී Monday, 29 September 2014 12:12 AM

අද ඇඳුම් මිලදී ගත්තට ඒවායේ බොහෝවිට තියෙන්නේ වෙළඳ දැන්වීම්නේ. (නි)

:       0       0

මනෝජ්-සාජා Monday, 29 September 2014 02:56 AM

හිනාව නතර කරගන්න බැහැ.හුඟ කාලයක් මතකයේ තියෙයි . ස්තුතියි ලංකාදීප! (නි)

:       0       0

ගමගේ Monday, 29 September 2014 02:59 AM

යට ඇඳුම් වලට ආලය කරන කෙනෙක් වගෙයි. මනෝ වෛද්‍යවරයෙකුට යොමුකළා නම් වඩා හොඳයි. (නි)

:       0       0

වරුණ Monday, 29 September 2014 06:19 AM

ගහන්න ඕනේ කොහොමද දන්නවද.... (දී)

:       0       0

රුවන් Monday, 29 September 2014 06:21 AM

මෙපමණ දෙයක් වෙනකම් කතා නායිකාවගේ සැමියා හා අසහන කාරයාගේ බිරිඳ දැනන් හිටියේ නැද්ද?මෙම කාන්තාවගේත් මොකක්හෝ වරදක්ඇති.පිරිමියෙක් වුනත් අනියම් සම්බන්දයකට උත්සාහ කරන්නේ කාන්තාවන්ගේත් වැරදිනිසා[රාගික බැල්මක්හෝ දාන්නඇති] (දී)

:       0       0

රත්නායක Monday, 29 September 2014 06:21 AM

නියම ක්‍රයේටිව් මනුස්සයෙක් (දී)

:       0       0

වී එල් ජේ Monday, 29 September 2014 06:39 AM

ලියන්න ගිහින් මාට්ටු උනානම් තවත් ග්‍රීස් යකෙක් කියල අම්බානකට කන්නයි වෙන්නේ මදැයි ඔයින් ගියා....(දී)

:       0       0

සරත් Monday, 29 September 2014 06:44 AM

අලුත් විදිහට හිතන කෙනෙක්. හිනාවෙලා පන ගියා අදනම් ඔන්න. (දී)

:       0       0

මංජු Monday, 29 September 2014 06:49 AM

කවුරු හරි දැක්කා කියලා පොලිසියට ගියාද දන්නේ නැහැ (දී)

:       0       0

නිමාලි Monday, 29 September 2014 07:00 AM

මම කඩෙන් ගත්තු යටඇඳුමකත් ඔහොම ගහල තිබුනා නමුත් ෆොනේ නොම්බරේ නම් තිබුනේ නැහැ (දී)

:       0       0

ශානි Monday, 29 September 2014 09:04 AM

රුවන්, හැම දේම ගෑනුන්ගේ වැරදි නිසා මෙහෙම දේවල් වෙන්නේ කියන ඔය වගේ පිරිමි ගැන හරිම ලජ්ජා හිතෙනවා.මොනවා උනත් හිනා යන කතාවක් . (ස)

:       0       0

මායාදුන්නේ Monday, 29 September 2014 09:25 AM

අනුවන කතා කියන වරුණ අයිත් ඇවිල්ල ගොඩ කාලෙකින් පස්සේ. කෝ අර උරුලෑවට මොකද උනේ (දී)

:       0       0

රුක්ෂාන් Sunday, 28 September 2014 09:05 PM

මේ මනමාලයාට අර හොරෙන් ගත් ඇඳුම් අන්දවා හැමෝටම පෙනෙන ලෙස ප්‍රදේශයේ වීදි සංචාරය කරවන්න තිබුණේ. (නි)

:       0       0

ආනන්ද Monday, 29 September 2014 11:15 AM

රෙඩ් ලයිට් එක දාල තියෙද්දිනෙ පාර පැනල තියෙන්නේ. (ස)

:       0       0

ප්‍රියානි වීරකෝන් Monday, 29 September 2014 12:04 PM

නියම කතාවක් හිනා වෙලා පන පලයන් පෙරේදා කියුවලු (දී)

:       0       0

නිලූ Monday, 29 September 2014 12:17 PM

දඬුවම නම් හොඳටම මදි. (නි)

:       0       0

අජිත් Monday, 29 September 2014 12:51 PM

සානි වලිගෙ පාගාගෙන වගේ, ඇයි ගැනු එහෙම වෙන්න බැරිද? (දී)

:       0       0

රුචිර Monday, 29 September 2014 02:28 PM

රුවන් මේ ලෝකයේ දැකලා තියෙන්නේ එකම වර්ගයක බවලතුන් වගෙයි. (නි)

:       0       0

ඩිලාන් Monday, 29 September 2014 02:51 PM

හොඳ වෙලාවට ඡන්දෙ කාලේ පහුවෙලා. නැත්නම් ඕවායේ දුරකථන අංක වෙනුවට මනාප අංක ගහලා ආපහු වැලට දමාවි. (නි)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Monday, 29 September 2014 05:29 PM

මේ මනුස්සයා මේවා කොහොම ලිව්වද මන්දා? (නි)

:       0       0

රනා Tuesday, 30 September 2014 04:12 AM

මේ මනුස්සය ඔය යට ඇදුම් පොලිසියට කොහොම පෙන්නුවද මන්ද.(දී)

:       0       0

අජන්ත Tuesday, 30 September 2014 04:15 AM

නව නිර්මාණ කරුවෙක් (දී)

:       0       0

රංග Tuesday, 30 September 2014 04:12 AM

මෙන්න මිනිස්සු (දී)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 30 September 2014 04:31 AM

භය වෙන්න, කලබල වෙන්න දෙයක් නැහැ, මිනිහ ආදරය කරන්නේ කාන්තාවට නොවෙයි.(දී)

:       0       0

රූපවතී Tuesday, 30 September 2014 09:16 AM

ලංකාවේ ඉන්න පිරිමි 60%ම මානසික ලෙඩ්ඩු ..?අනික් 30% ග්‍රීස් යක්කු? ඉතුරු 10% තමයි ඔය ගොනා බර අදින්නා සමානව අඹුදරුවොත් එක්ක දරුවන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් දිවි පරදුවට තියල සටන් කරන්නේ. ජීවිතේ ජය ගන්න ..! අනේ දෙවියන්ගේ පිහිටයි ..! (ස)

:       0       0

අජිත් Tuesday, 30 September 2014 11:18 AM

අනේ රුපවතියේ..... එතකොට ගැනු? (දී)

:       0       0

දනු Tuesday, 30 September 2014 11:33 AM

අහු උනාම තියෙන ලැජ්ජාව කොයි තරම් ඇතිද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site