(මොනරාගල නයනජීව බණ්ඩාර)
මෙම කතාවට මුල්වන පුද්ගලයා සුළු ව්‍යාපාරිකයෙකි. ඔහු සියඹලාණ්ඩුව නගරයේ ප්ලාස්ටික් භාණ්ඩ හා ළමයින්ගේ සෙල්ලම් භාණ්ඩ කඩයක් ආරම්භ කළේ කඩ කෑල්ලක් කුලියට ගෙන මීට වසර කිහිපයකට පෙරදීය.
මෙම වෙළඳසලේ ඇති ප්ලාස්ටික් භාණ්ඩවල මුළු වටිනාකම ගණනින් රුපියල් ලක්ෂ දෙකකට වැඩි නොවීය. යම්තමින් හෝ වෙළඳාමක් කෙරුණේ බදාදා දිනයේ දී පමණි. ඒ එදින සියඹලාණ්ඩුවේ සතිපොළ බැවිනි. අනෙක් දිනවලට එදිනෙදා වියදම හෝ මෙම ව්‍යාපාරිකයා සොයා ගත්තේ ඉතා අසීරුවෙනි. එහෙත් පසුබට නොවූ මොහු ඉදිරියේ දී හෝ බිස්නස් හොඳවේ යැයි ඇති බලාපොරොත්තුවෙන් වෙළඳාම අත නොහැරම කරගෙන ගියේය.
මෙම ව්‍යාපාරිකයාගේ වචන උච්චාරණය ද තරමක් අපහසුය. මෙදින බදාදා දිනයකි. ඉතා ජැන්ඩියට ඇඳගත් මහත්තයෙක් පැමිණ කඬේ එහා මෙහා යමින් සිටිය ද භාණ්ඩ කිසිවක් ගන්නා බවක් නොපෙනුණි. මෙදින ගනුදෙනුකරුවන් රැසක් ද වෙළඳසලේ සිටි බැවින් ඒ පිළිබඳව මේ ව්‍යාපාරිකයා වැඩි සැලකිල්ලක් දක්වා නොතිබුණි. වරෙක සිටගෙන ද වරෙක ඉඳගෙන ද සිටි මොහු පැය කීපයකට පසු තමන් ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් බව මෙම ව්‍යාපාරිකයාට පැවසීය. ආදායම් බදු නිලධාරියකු බව පැවසුව ද ඒ කවුද යන්න මෙම ව්‍යාපාරිකයා දැන සිටියේ නැත. මහත්තයාට මොනවද ඕන. ඕන දෙයක් බලලා ගන්න අඩු කරලා දෙන්නම් යැයි ව්‍යාපාරිකයා පැවසුවේ නොදන්නාකම නිසාය.
ටික මොහොතකින් එම නිලධාරියා අත තිබූ කැල්කියුලේටරයකින් එම පැය කීපයට සිදුවූ ගනුදෙනුවේ ස්වභාවය බලා එය මෙම වෙළඳ සල පවත්වාගෙන ගිය කාලයට තක්සේරු කර ආදායම් බදු ලෙස රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් ගෙවන ලෙස ව්‍යාපාරිකයාට දැනුම් දුන්නේය.
මෙම ව්‍යාපාරිකයාට අර පුද්ගලයා පැමිණ ඇත්තේ කුමකටදැයි වැටහුනේ එවිටය. ඔහුට හීන් දාඩිය දැමීය. මුළු වෙළඳසල තුළවත් එවැනි වටිනාකමට සරිලන භාණ්ඩ නැති බව පැවසුව ද එය එම නිලධාරියා ගණනකට ගත්තේ නැත. මෙම ව්‍යාපාරිකයාට වෙන කළ හැකි දෙයක් නොවීය. මහත්තයා මේ කඬේ මහත්තයා කරගෙන යන්න මෙන්න කඬේ යතුර යැයි කියා ඔහු කඬේ යතුර මෙම බදු නිලධාරියාට බාර දී යන්න ගියේ බදු නිලධාරියා ද අපහසුතාවයට පත් කරමිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ආදායම් බදු නිලධාරියාට කඬේ යතුර දී මුදලාලි යන්න ගිහින්