ගොඩනැගිල්ලක හිමිකාරියක් තම ගොඩනැගිල්ල ආයතනයකට බද්දට දී තිබිණි. ඇය ජිවත් වූයේ ඊට යාබද නිවසේය. ආයතනයට සහ නිවෙසට ඇතුළුවීමට තිබුණේ එකම ගේට්ටුවකි. ගොඩනැගිල්ල හරහා ඇය නිවසට යන එන විට ආරක්ෂක නිලධාරීන් නැගිට ආචාර කළයුතු යැයි මෙම කාන්තාව පවසා තිබුණි.
ආයතනයේ කළමනාකාර මහතා ආරක්ෂක නිලධාරීන්ට පැවසුවේ ‘‘ඒ ලේඩිට රෙස්පෙක්ට් කරන්න කියලා ඔයාලට කියන්න මට බැහැ ඔයාලා එයාගේ සෙකියුරිටි නෙමෙයිනේ. ඔයාලා කැමති නම් ආචාර කරන්න’’ යනුවෙනි. කෙසේ වුවත් ආරක්ෂක නිලධාරීන් දෙදෙනා ඇය එතැනින් යන එන විට ආචාර කළහ.
ඔවුන් ආහාර ගන්නා විටදී පවා නැගිට ඇයට ආචාර කළ යුතු විය. දිනක් එක් ආරක්ෂක නිලධාරියෙක් තම ජංගම දුරකතනයෙන් පෙම්වතිය සමඟ සංවාදයේ යෙදී සිටියදී පෙරකී කාන්තාව එතැනින් යෑමට පැමිණියාය. ආරක්ෂක නිලධාරියා, එය දුටුවේ නැත. ඔහු පටුවේ වාඩිවී පෙම්වතිය සමඟ පිළිසදරේය. මෙය දුටු කාන්තාව කෝපයට පත්වූවාය ඇය තම ජංගම දුරකතනයෙන් ඔහුගේ ඡුයාරූපයක් ක්ෂණිකව ලබා ගත්තාය. ‘‘මැඩම් මොකටද මගේ ෆොටෝ එකක් ගත්තේ’’ ඔහු විමසීය ‘‘මේක මම මැනේජර්ට පෙන්නලා කියනවා ඔහේලා මට රෙස්පෙක්ට් කරන්නේ නැහැ කියලා’’ ඇය කෝපයෙන් පැවසුවාය. ආරක්ෂක නිලධාරියාද කේන්තියෙන්, ‘‘ ඕක මැනේජර්ට පෙන්නලා මැඩම්ගේ කොට්ටේ ළඟින්ම තියාගන්න’’ යැයි පැවසීය. පසුදින සිට ආරක්ෂක නිලධාරියා දක්නට ලැබුණේ නැත. කොළඹට නුදුරින් වාර්තාවිය.
ක්‍රිස්ටෝපර් සීපියන්.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ආයතන ගොඩනැගිල්ලේ හිමිකාරියට ආචාර නොකළාට ස්ථාන මාරුවක්
සුනිල් Tuesday, 23 December 2014 07:31 PM
ඕක තමයි වැඩවසම් ක්‍රමය. ලංකාවේ සියලු ප්‍රස්න වලට මුල. මිනිස්සුන්ට නිදහසේ හිතන්න බැහැ තවම. (නදී)
නිමල්කා Tuesday, 23 December 2014 09:10 PM
අධි අහංකාරත්වයෙන් පීඩා විඳින්නියක් විය හැක. (නදී)
සරත් Wednesday, 24 December 2014 12:23 AM
ඔය වටිනාකම සුළු වෙලාවයි නෝනේ. (නි)
ජොෂ් පැටිකිරිආරච්චි Wednesday, 24 December 2014 01:07 AM
ඉහළ සමාජයට නඟින්න මිනිස්සු පුදුම පිස්සු වැඩ කරන්නේ. පිරුණු කළය සෙළවෙන්නේ නැහැ කියලා මේ නෝනා දන්නවද දන්නේ නැහැ (නි)
සමන්ති Wednesday, 24 December 2014 01:39 AM
කවුරු බලන්නද කවුරු දකින්නද මා දැන් මහලු වියේ..., යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත (නි)
සේන Wednesday, 24 December 2014 03:08 AM
කවුද මේ නෝනා? (නි)
මිහින් Wednesday, 24 December 2014 03:47 AM
නෝනගේ ෆොටෝ එකක් දාන්නකෝ.ඒකටත් ආචාර කරන්න වේවිද? (නි)
කටුගස්තොට Wednesday, 24 December 2014 03:48 AM
නිරහංකාර අයට නම් ලැබෙන්න ඕනෑ ගෞරවය නිකන්ම ලැබෙනවා (නි)
ලසිත් Wednesday, 24 December 2014 04:00 AM
සල්ලි සහ බලය උපයෝගී කරගෙන ප්‍රභූ පැලැන්තියට යන්න වලිකන නුතන නෝනා කෙනෙක් වෙන්න ඇති. (නදී)
චින්තක Wednesday, 24 December 2014 04:08 AM
මෙම කාන්තාවට ඇත්තේ මානසික රෝගයකි.මෙයට උවමනා වන්නේ බෙහෙත් මිස අනුන්ගේ ආචාර සමාචාර නොවේ. (නි)
විමල් Wednesday, 24 December 2014 05:24 AM
මෙම කාන්තාව ඊනියා දමිළ ඩයස්පෝරාවේ හා විජාතික බලවේග වල කුමන්ත්‍රණයකට නතු වී ඇත (නි)
මොහොමඩ් කාන් Wednesday, 24 December 2014 06:55 AM
මෙම කාන්තාවට මානසික රෝගයක් ඇති (බ)
පිටිගල Wednesday, 24 December 2014 03:24 PM
නෝනට මහත්තයාත් සැලියුට් ගහනවා ඇති. අනුන්ගේ සිකුරිටි එකකින් සැලියුට් බලෙන් ගන්න ගිහින් නෝනා බිම ඇන ගන්නවා කවද හරි. සිකුරිටි ගාඩ්ලා ඉන්නවා නොයෙක් විදිහේ අය.(අ)
සනත් Wednesday, 24 December 2014 03:38 PM
මෙයාව අයින් කරන්ඩ ඇත්තේ රාජකාරි වෙලාවේ කෝල් කලාට.ෆොටෝ එකෙන්ම පෙන්නන්ඩ ඇති. (අ)
චන්ද්‍ර වීරසිංහ Friday, 26 December 2014 01:59 AM
සමහර මානසික රෝග බෙහෙත් නැතුව සනීපවෙන ක්‍රමත් තියෙනවා (නි)