මේ දිනවල සෑම පෞද්ගලික ආරක්ෂක ආයතනයකම නිලධාරි හිඟයක් ඇත. පසුගිය දිනක පෞද්ගලික ආරක්ෂක ආයතනයකට උත්සවයක් සඳහා අතිරේක නිලධාරීන් අවශ්‍ය විය. ආයතනයේ නිලධාරියෙක් තම යතුරුපැදියෙන් ගොස් අතිරේක ආරක්‍ෂක නිලධාරින් කිහිපදෙනකු රැස් කරන්නට විය. එක් අයකු මදිවූ නිසා නිවාඩු ලබාගෙන නිවසේ සිටි ආරක්ෂක නිලධාරියෙකුට දුරකතනයෙක් කතා කළ නිලධාරියා අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා සූදානම් වී සිටින ලෙස දැන්වීය. පැය බාගයකින් නිලධාරියා ආරක්ෂක නිලධාරියාව රැගෙන යෑමට යතුරුපැදියෙන් පැමිණියේය. ඔහුට දක්නට ලැබුණේ නිළ ඇඳුම පිටින්ම ආරක්ෂක නිලධාරියා පාර දිගේ යන බවය. ඔහු පසුපස ගොස් යතුරුපැදිය නැවැත්වූ නිලධාරියා ”පුතා, නැගපන් නැගපන්” යැයි කීය. හෙල්මටය ගත් ආරක්ෂක නිලධාරියාද යතුරුපැදියේ පසුපස වාඩිවිය. අතරමගදී නිලධාරියාගේ දුරකථනයට ඇමතුමක් ලැබිණි. එයට පිළිතුරු දෙන ගමන් යතුරුපැදිය නැවත්වූ නිලධාරියා පිටුපස බැලීය. ඔහු දුටුවේ හේලමටය අතට දමාගෙන නාඳුනන අයෙක් පිටුපස සිටිනා බවය. ”තමුසේ කව්දැයි” නිලධාරියා විමසීය. ”මම තමයි උඹේ බාප්පා” ආගන්තුකයාගේ පිළිතුර විය. මුහුණ පුරා රැවුල වවා සිටි එම පුද්ගලයාව මීට පෙරද පාරේ දැක පුරුදු මානසික ආබාධ සහිත පුද්ගලයෙක් බව නිලධාරියාට වැටහිණි. හෙල්මටය උදුරාගත් නිලධාරියා යතුරුපැදිය ආපසු හරවාගෙන හමුවිය යුතු ආරක්ෂක නිලධාරියා සොයා ගියේය. නිවසේ සිටි ආරකෂක නිලධාරියා, ”බලන්නකෝ සර්, වැලේ දාපු යුනිෆෝම් එක කව්දෝ හොරකම් කරලා”, ”ඒකයි සර්ට මං කෝල් කළේ” යැයි කීය. හරි හරි පරක්කු වුණා අපි යන්. මම අලූත් යුනිෆෝම් එකක් දෙන්නම්” නිලධාරියා පැවැසීය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ආරක්ෂක නිලධාරියාගේ නිල ඇඳුම උම්මන්තකයකු හොරෙන් ඇඳගෙන
සමන් Monday, 26 November 2012 09:06 AM
අනේ අපොයි ...!!!අපිට කිතිකවන් තමයි හිනාවෙන්න වෙන්නේ ..!! (ස)
හේරත් Monday, 26 November 2012 09:55 AM
ඇති ඔයින් ගියා (ස)
වරුණ Monday, 26 November 2012 11:03 AM
ආරක්ෂකයගේ යුනිෆෝම් එක ඇඳගත්තම පිස්සු මනුස්සයට ලෙඩක් හැදුනද දන්නේ නෑ. මොකද 1 නිල ඇදුම දවස් 3, 4 ක් ඇදන් රාජකාරී කරනවනේ (ස)
අජිත් Monday, 26 November 2012 11:11 AM
කවුරු උනහම මොකෝ , නිල ඇදුම ඇඳගෙන ගේට්ටුව ලඟ ඉන්නනේ තියෙන්නේ (ස)
චන්ද්‍රසිරි Monday, 26 November 2012 12:20 PM
අජිත්ගේ කතාව හරි (ස)
දයානන්ද Monday, 26 November 2012 02:17 PM
පිස්සු ඩයල් එකක්නේ......අවුලක් නෑ.... චූටි ජොලියක් ගත්තා.....(ස)
අරුණ Monday, 26 November 2012 03:21 PM
මටනම් හිනාත් යනවා
ජෝසප් Monday, 26 November 2012 04:43 PM
උන්මත්තකයෙක් නම් රෝහල් ගත කරන්න
සම්පත් Monday, 26 November 2012 07:59 PM
අසරණ මනුස්සයෙක්
සම්පත් Monday, 26 November 2012 08:06 PM
පව් අසරණ මනුස්සයෙක් (දී)
සාලිය Monday, 26 November 2012 09:16 PM
පිස්සෙක් කියන්න නිකන්ද ඉතින් (දී)
සුදර්ශන Tuesday, 27 November 2012 11:47 AM
මිනිහා දවසකට හරි නිල ඇදුමක් ඇන්දා කියලා සතුටු වෙනවා ඇති (ස)
නිලන් Tuesday, 27 November 2012 12:15 PM
මම හිතන්නේ නිල ඇදුම් ඇඳගෙන ගෙදර යන 1 ම රට ලංකාව වෙන්න ඇති (ස)
ඛාන් Tuesday, 27 November 2012 02:52 PM
ඒ මනුස්සයාට බෙහෙත් කරන්න (දී)
හේමන්ත Tuesday, 27 November 2012 04:31 PM
පව් අසරණ මනුස්සයා (දී)
හේරත් Thursday, 29 November 2012 09:26 PM
මාර වැඩක්නේ වෙලා තියෙන්නේ (දී)