රුපියල් ලක්‍ෂ එක හමාරක් පමණ වටිනා රන් ආභරණ ආරක්‍ෂාව පතා අසල්වැසි නිවෙසක කාන්තාවක භාරයේ තබා තිබිය දී එම කාන්තාවගේ සැමියා විසින් එම රන් ආභරණ උකස් කළැයි කියන පුවතක් පොලීසියෙන් වාර්තා වෙයි.
වාර්තාවන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
තම නිවසේ ආරක්‍ෂාව ප‍්‍රමාණවත් නොවීම නිසා නිවෙසින් පිට ගමනක් යාම සඳහා නිවැසියන් තමන් සතුව තිබූ රුපියල් එක්ලක්‍ෂ පනස් දහසක් පමණ වටිනා රන් මාල තුනක් සහ රන් වළල්ලක් අසල්වැසි නිවෙසක කාන්තාවකට ආරක්ෂාව සඳහා ලබාදී තිබිණි.
ටික දිනකට පසුව නිවැසියන් පැමිණි පසු තමන් ආරක්‍ෂාව සඳහා දුන් රන් ආභරණ නැවත ඉල්ලා සිටියත් විවිධ කතා කියමින් එය දීම ප‍්‍රමාද කරනු දුටු නිවැසියෝ සිද්ධිය පොලීසිය දක්වා රැගෙන ගියහ. මේ සම්බන්ධයෙන් පොලීසිය කළ පරීක්‍ෂණය අනුව හෙළි වූයේ අදාළ රන් භාණ්ඩ බිරියගේ අනුදැනුම මත සැමියා විසින් උකස් කැරුණු බවයි. රන් ආභරණ උකස් කළ සැමියා මුදල් ද රැගෙන නිවසින් බැහැර ගොස් ඇති අතර විශ්වාසය කඩ කිරීමේ චෝදනාව මත බිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ආරක්ෂාවට දුන් ලක්ෂ එකහමාරක රන්බඩු උකස් කර පලා ගිහින්
නිලූ විතානගේ, සෞදි අරාබිය Friday, 21 February 2014 11:00 AM
මට නම් මෙතැන් කොකුසක් පේනවා. සත්‍ය සිද්ධිය දන්නේ අදාල පාර්ශව දෙක පමණි නේ ! (අ)
රුවන් Friday, 21 February 2014 03:43 PM
නරියට කුකුල්ලු බාර දුන්නා වගෙ..වක්කඩෙ හකුරු හෑන්ගුව වගෙ..(අ)
ජයතිලක Friday, 21 February 2014 04:49 PM
රටේ අහන්න,දකින්න ලැබෙන දේවල් දිහා බැලුවහම ,කාවද අද විශ්වාස කරන්න පුළුවන් (අ)
චන්දි Friday, 21 February 2014 05:53 PM
නිලූ නංගී ඔයා හරි, රුපියල් ලක්‍ෂ එක හමාරක් වටිනා රන් ආභරණ අසල්වැසි නිවෙසක කාන්තාවකට භාර දෙන්න තරම් මේ අය මෝඩ උනාද? නැතනම් පරණ ණයක් ගෙව්වද ඒවායින්? (ත)
ආරියසේන Friday, 21 February 2014 08:54 PM
නැති වෙලාවට දෙවියන්ගේ වුනත් කමක් නෑ. (ත)
චන්දි Friday, 21 February 2014 09:55 PM
විස්වාසේට කියා අල්ලපු ගෙදර ගැන.. රත්රන් බඩු ගෙන දුන්නේ රකින මෙන.. ගිහින් ඇවිත් තමනට යා යුතු ගමන..ගන්නට ගිය විටදී රත්රන් තරු පෙනින ....!! අද ලෝකයේ විස්වාශය යන වදන.. බැහැ කාටවත් නැහැ සොයලා ගන්න.. මින් පසු ඔහොම වැඩ නොකරන් අහගන්න..තමන්ගේ බඩු යනතක අරගෙන යන්න....!! (දී)
නිලූ විදානගේ සෞදි අරාබිය Saturday, 22 February 2014 12:20 AM
තම අසල් වැසියන් ගැන අවංක විස්වාසයක් තිබුණු නිසා මෙසේ බාරදී යන්න ඇත්තේ.එත් අනිත් අය ඒ විස්වාසෙන් අයුතු ප්‍රයෝජන අරන්.එත් මේ දෙපැත්තේම අය නිවැරදි නැ. (අ)
චමී Saturday, 22 February 2014 10:30 AM
“සියල්ල ආරක්‍ෂා වනතුරු කිසිවෙක් ආරක්‍ෂාකාරී නොමැත“. තමන්ගේ දේවල් තමන් පරිස්සම් කර ගන්නන ඕනේ.මොකටද අනුන්ට දෙන්නේ (අ)
සෙලිනා Saturday, 22 February 2014 07:06 PM
නියම අසල් වැසියෝ., බය ලැජ්ජාව තිබිලම නැහැ (දී)
පහන් Sunday, 23 February 2014 05:28 AM
රුපියල් 50,000 රන් අභරණ උකස් කල කෙනෙකුට දුන්නේ ඇත්තටම රුපියල් 5000ලු එක උකස් බඩු කඩයක් (දී)
නිමාලි Sunday, 23 February 2014 11:12 AM
ආරක්ෂාව ඈලියාවට ගිහිල්ලා (දී)
දිසානායක Monday, 24 February 2014 11:46 PM
චන්දි ට දුන්නත් ඔය ටිකම තමා (අ)