X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


ආරක්‍ෂක ප්‍රධානියා සේවයට තබා ආරක්‍ෂක නිලධාරියා ඉල්ලා අස්වෙලා

(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)

පුරා දෙදිනක් තිස්සේ අනුප්‍රාප්තිකයකු නොමැතිව සේවය කරන්නට සිදුවීමෙන් වෙහෙසට මෙන්ම කෝපයට පත් ආරක්ෂක නිලධාරියෙකු තමන් පරීක්ෂා කරන්නට ආ ආරක්ෂක අංශ ප්‍රධානියා සේවා ස්ථානයේ තබා ඉල්ලා අස්වීම දී සේවයෙන් ඉවත්ව ගිය පුවතක් පසුගියදා කොළොම්පුරෙන් වාර්තා විය.

මැදිවියට පත් සියනෑවේ අයෙකි. දිවයිනේ ප්‍රසිද්ධ ආයතනයක ආරක්ෂක අංශයේ සේවයට බැදුණේ රැකියාවක අවශ්‍යතාව දැනුණු නිසාය. මේ රැකියාවෙන් හොඳ වැටුපක් ලැබුණත් නිතර නිතර සේවා මුර කිහිපයක් එක දිගට සේවය කරන්නට සිදුවීමෙන් මොහු සිටියේ තරමක කනස්සල්ලෙනි. අංශ ප්‍රධානියා පැමිණි සෑම අවස්ථාවකම නියමිත පරිදි අනුප්‍රාප්තිකයකු යොදවන ලෙස ඉල්ලා සිටින්නට ඔහු අමතක කළේ නැත.

පසුගියදා මේ අයට සේවය කරන්නට සිදුවූයේ ආයතනයේ වැදගත්ම ස්ථානයකය. පුරා දෙදිනක් එකදිගට හිරවී සිටින්නට වීමෙන් ඔහු සිටියේ තෝන්තුවාවෙන් මෙනි. හිසරදය ද හැදුණි. මේ ස්ථානයේ විවේකයක් ගන්නට පහසුකම් ඇතත් තනිවම ඉන්නා නිසා ඒ වරම ද අහිමිය. ඔහු තීරණයක් ගත්තේය. ආරක්ෂක අංශ ප්‍රධානියා එනතුරු බලා සිටියේය. ‘සර්, මම මනුස්සයෙක්, නොකා නොබී දවස් දෙක තුනක් ඉන්න මට පුළුවන්කමක් නැහැ. මෙහෙම කරන්න එපා කියලා මම කොච්චරවත් සර්ලාගෙන් ඉල්ලුවාට වැඩක් නැහැ. ඒ හින්දා මම දැන්ම සේවයෙන් ඉල්ලා අස්වෙනවා.” කියා සේවයෙන් අස්වීමේ ලිපිය නිලධාරියාට බාර දුන්නේය.

අංශ ප්‍රධානියා කොතරම් කරුණු දැක්වූවත් ඊට නොරැවටුණු මේ ආරක්ෂක නිලධාරියා තමන්ගේ අඩුමකුඩුම එක්රැස් කරගෙන අංශ ප්‍රධානියාට ආරක්ෂක මුරපොළ බාරදී ගෙදර යන්න ගියේය. ආරක්ෂක ස්ථාන පරීක්ෂාව පසෙක ලූ අංශ ප්‍රධානියා හතරවටම ඇමතුම් දෙමින් ආරක්ෂක නිලධාරියෙකු ගෙන්වා ගන්නා තුරු පැය හත අටක් තිස්සේ ආයතනයේ වැදගත්ම ස්ථානයේ ආරක්ෂක රැකවලේ යෙදුණේ වෙනත් කරන්නට දෙයක් නොවූ නිසාය.



අදහස් (0)

ආරක්‍ෂක ප්‍රධානියා සේවයට තබා ආරක්‍ෂක නිලධාරියා ඉල්ලා අස්වෙලා

නුවන් Thursday, 02 June 2016 06:59 AM

කොහොමත් දැන් ලංකාවේ වැඩ කරන්න දන්නා මිනිස්සුන්ව පාලනය කරන්න ඉන්නේ පරිපාලන ක්‍රම හෝ කාර්යාල ක්‍රම ගැන මෙලෝ හසරක් දන්නේ නැති පිරිසක්. ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ? (ර)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 02 June 2016 08:56 AM

හොඳම වැඩේ කරලා තියෙන්නේ , අහිංසක මිනිස්සු දවස් දෙක තුන හිර කරලා වැඩ ගන්නවා මෙන්න මේවට තමයි මානව හිමිකම් යන්න ඕන (ම)

:       0       0

පිරීස් Saturday, 04 June 2016 05:17 AM

මේ නිසා වෙන්න ඇති හැමදාම පත්තරේ යන්නේ "ආරක්ෂක අබේර්තු" තියෙනවා කියලා (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site