මීට දශක කීපයකට පෙර වයඹ පළාතේ ඈත පිටිසර ගම්මානයක පැවැති පිරිත් පිංකමකදී සිදුවීමකි. මෙම ගම්මානය බත බුලතින් සරුසාර සුන්දර ගමකි. එහි ජීවත්වූ පුදුගලයෙකි අප්පුහාමි. ඔහු විසින් ඉදිකරන ලද නව නිවෙසට ගෙවැදීම නිමිත්තෙන් ඔහු ගමේ පන්සලෙන් ස්වාමීන් වහන්සේලා වැඩමවා පිරිත් දේශනා කිරීමට සූදානම් කළේය.
එදින රාත්‍රී පිරිත් දේශනා කරන හාමුදුරුවන්ට දැහැත් සහ ගිලන්පසෙන් උපස්ථාන කිරීම සඳහා කවදත් තමාගේ දුකට සැපට සිටින ආරොන් මාමාට පැවරීය. ඔහුට වැඩ වැඩි අවස්ථාවලදී පොඩි තරහක් සමග නොසන්සුන්ව හැසිරෙන අවස්ථාත් නැතිවා නොවෙයි. පිරිත් දින මධ්‍යම රාත්‍රිය වනවිට ආරොන් මාමා වෙහෙසට පත්ව සිටියත් තම රාජකාරිය වෙන කෙනකුට පැවරීමට නම් ඔහු උත්සාහ කළේ නැත.
එදින ඔහු පිරිත් මණ්ඩපය අසල බිත්තියට හේත්තු වී අඩනින්දේ සිටි අවස්ථාවේ ‘උපාසක මහත්තයා දැන්නම් තේ කෝප්පයක් වැළඳුවා නම් තමයි අගේ’ යැයි ආරොන්ට ලොකු හාමුදුරුවෝ වදාළහ.
හාමුදුරුවන්ගේ ඉල්ලීම පරිදි හනික පිළියෙල කළ තේ කෝප්පය පිරිනැමීමට සූදානම් වූ අවස්ථාවේ ‘කොත්තමල්ලි එකක් වැළඳුව නම් අගෙයි’ යනුවෙන් හිමියෝ වදාළහ. එවරද ඔහු හැකි ඉක්මනින් කොත්තමල්ලි බඳුනක් රැගෙන ආවේය.
පිරිත් දේශනා කරන ලොකු හාමුදුරුවන්ට ආරොන් උපාසක රැගෙන ආ කොත්තමල්ලි කෝප්පය පිළිගන්වද්දී ඒ දෙස නොබලාම නැවත පැවසුවේ ‘උපාසක මහත්තයා මේ පාන්දර ජාමේ කෝපි කෝප්පයක් වැළඳුවා නම් හොඳයි නේද’ යනුවෙනි. මද කුකුල් කේන්ති කාරයකු වූ ආරොන් මාමා හනික කෝපි කෝප්පය සාදා රැගෙන ආ විට ලොකු හාමුදුරුවෝ එවර ඇසුවේ ‘මොනවාද? උපාසක’ යනුවෙනි. නිදිමතත් වෙහෙසත් මැද තරහකිනුත් සිටි ආරොන් උපාසක එකවරම පවසා සිටියේ ‘හාමුදුරුවනේ තේ, කොත්තමල්ලි කෝපි’ යනුවෙන් එසේ පවසා එය ලොකු හාමුදුරුවන්ට පිරිනැමීය.
ආරොන් උපාසකගේ පිළිතුරෙන් මහත් අපහසුතාවට පත් ලොකු හාමුදුරුවෝ වටපිට බැලීය. උපාසක මහතාගේ කතාව ඇසුූ සෙසු හිමිවරු මුවගට මද සිනාවක් නගාගෙන අහක බලාගත්හ.
බන්දුල පී. පතිරණ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ආරොන් උපාසකගේ තේ කොත්තමල්ලි කෝපි පානය