X Advertisement
IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ආලවන්ත උපාය වැරදී පොලිස් කූඩුවේත් ලගී

(වියලු‍ව වාර්තාකරු)

සැමියාගෙන් වෙන්ව හුදකලා ප්‍රදේශයේ පැල්පතක විසූ මැදිවියේ කාන්තාවකට ආලවන්තකම් පෙන්වීම සඳහා යෙදූ උප්පරවැට්ටියක් අතේ පත්තු වී පොලිස් කූඩුවේ ළගින්නට සිදු වූ පුද්ගලයකු පිළබඳ කියැවෙන පුවතකි.
සිද්ධිය මෙසේය.


ඇය සැමියාගෙන් වෙන්ව හුදකලාව එහෙත් නම්බුකාර ලෙස ජීවත් වූ මැදිවියේ කාන්තාවකි.

 

 ඔහු දරු මුණුපුරන් සිටින මැදිවියේ විවාහකයෙකි. ගම්මුන් පවසන පරිදි තෙවැනි හා පස්වැනි සිල්පදය නිතර කඩන්නෙකි.


 කලක සිටම පෙරකී කාන්තාවට ඇල්ම බැල්ම ලා ගෙන සිටි හෙතෙම කිහිප විටක්ම ඇයගේ පහස ලබන්නට උත්සාහ ගත්ත ද නම්බුකාර ලෙස ජීවත් වූ ඇයගෙන් ඊට කිසිදු අනුබලයක් නොලැබිණි.
  කීප විටක්ම ඇය හමුවී ඔහුගේ අදහස ඉදිරිපත් කළ ද ඇය සිනහමුසු මුහුණින් එය බැහැරකළේ තමාගේ මෙන්ම එම පුද්ගලයාගේ ද  ආත්ම ගෞරවය පිළිබඳ සිතමිනි.


රාත්‍රී කාලයේ  කුඹුරේ වතුර බැඳීමට ගොස් ආපසු එද්දී කීප විටක්ම හෙතෙම ඇයගේ නිවසේ දොරට තට්ටු කර එය ඇර ගැනීමට උත්සාහ ගත්ත ද කාන්තාවගෙන් ඊට ප්‍රතිචාරයක්   නොලැබිණි.
දින  කිහිපයක්ම කළ උත්සාහයන් ව්‍යර්ථ  වෙද්දි ඇයගේ නිවෙසේ දොර විවර කර ගැනීමට ඔහු යෙදුවේ අපූරු උපායකි.


 ගමේ ගොනුන්ගේ ගෙල බඳින ටකයක් හොයාගත් හෙතෙම දිනක් රාත්‍රියේ එය හඬවමින් හා ගවයෙකු සේ තප්පු ලමින් ඇයගේ නිවස වටා සැරිසරන්නට  වූවේ සිය උපාය ක්‍රියාවේ යොදවමිනි.
 උපාය සාර්ථක විණි. 


ඇය දැල් වූ  ලාම්පුවක් ද රැගෙන නිවසේ දොර විවර කර එළියට බැස්සේ ‘මේ  හරක් කොටි ටික මගේ මයියොක්කා ගස් ටික කන්න අදත් ඇවිදින්‘ යැයි පවසමිනි.


 මේ අතර නිවෙස ඉදිරිපස සැඟවී සිටි හෙතෙම වෙර යොදා කාන්තාව බදාගත්තේ ඇයට සෙලවීමට පවා ඉඩක් නොතබමිනි. එහෙත් ශක්තිවන්තියක වූ ඇය ඔහු තල්ලු‍ කොට නිවසට වැදී දොර වසා ගත්තේ කලක් හිතේ සඟවාගෙන සිටි සුද්ද සිංහල වදන් කීපයකින් ද සල්ලාලයාට සංග්‍රහ කරමිනි.


  පසු දින  ඔහුට එරෙහිව  පොලිස්  පොතේ පැමිණිල්ලක් ද වැටිණි.  ඔහුට දින  කීපයක් පොලිස් කූඩුවේ කූරු ගැනීමට ද අවසානයේ උසාවි යන්නට ද සිදු වූවේ සල්ලාලකමට දඬුවමක් ලෙසිනි.

 



අදහස් (1)

ආලවන්ත උපාය වැරදී පොලිස් කූඩුවේත් ලගී

ana Friday, 21 January 2022 01:17 PM

දැන් කොහේද ටක...? කුප්පි ලාම්පුත් අද නැහැ.

:       2       11

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site