කුලියකුත් නොගෙන ඉන්න හිටින්න දුන් නිවෙස යළි ඉල්ලා ගන්නට යන විට එහි වහලත් දොරවලුත් සමග නිවසේ බඩු මුට්ටු ද රැගෙන ගොස් තිබූ පවුලක් පිළිබඳ පුවතක් මොනරාගලින් වාර්තා වේ.
මෙම නිවෙසේ අයිතිය වත්මන් ඌව පළාත් සභා මන්ත්‍රීවරයකු සතුය.
ඉන්න හිටින්නට තැනක් නැතිව අසරණ වී සිටි කුඹුක්කන ප්‍රදේශයේ පවුලකට තමන්ගේ වත්තක පිහිටි නිවෙසක් ලබා දී ඇත්තේ වත්තේ කටයුතුත් බලා කියාගෙන නිවෙසේ ඇති තරම් කාලයක් සිටින ලෙස පවසමිනි.
වසරකට අධික කාලයක් මෙම යුවළ එහි ජීවත් වී ඇති අතර හදිසියේම යන්නට ඕනෑ බව පවසා තිබේ. ඒ අනුව එම මන්ත්‍රීවරයා යන්නට අවසර දී ඇති අතර කුලී තැනකට යනවා නම් රුපියල් 4000ක මුදලක් ද දෙන්නට පොරොන්දු වී තිබේ. ටික දිනකට පසු මෙම පුද්ගලයා පැමිණ නිවසක් සොයා ගත් බවත් ඊට අවැසි කුලිය ලෙස රුපියල් හාරදහසක මුදල ඉල්ලා තිබේ.
ඊට පෙර තමන් කලින් සිටි නිවසේ තත්ත්වය පරීක්ෂා කිරීමට එම නිවසට ගොස් ඇති මන්ත්‍රීවරයාට තරු පෙනී ඇත්තේ නිවසේ වහල තබා ඉදිරිපස දොර ද නොමැති බව දැන ගැනීමත් සමගය.
අනතුරුව ගේ ඇතුළට ගොස් බලන විට තිබූ ඇඳ, පුටු, මේස හා කුස්සියේ තිබූ උයන පිහන දේවල් පවා මෙම පුද්ගලයා විසින් රැගෙන ගොස් ඇති බව මන්ත්‍රීවරයාට තේරුම් ගියේය.
මේවට පොලිසි ගියොත් මටත් ලැජ්ජයි. ආත්මෙත් ඉවරයි. හොඳ වෙලාවට මම රුපියල් හාරදාහ නොදී ගේ බලන්න ආවේ. නැත්තං ආයෙත් මං මේ ගොනාට තව අවුරුදු ගාණක් රැවටෙනවා යැයි තමන් සමග පැමිණි අතවැසියට පැවසුවාලු.
වැල්ලවාය අයි.ආර්. ඉන්දික
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉන්න හිටින්න දුන්නු නිවෙසේ සබ්බ සකලමනාවම උස්සන් ගිහින්