X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


ඉර පනින්න බීලා උතුරු කොනෙන්ම නතරවෙලා

 

රාජ්‍ය ආයතනයක ප‍්‍රවාහන අංශයේ සේවකයෝ දෙදෙනෙක් පසුගිය දිනෙක කොළඹ ප‍්‍රධාන කාර්යාලයට ගියහ.

ඔවුන් එසේ ගියේ තම සේවා හැඳුනුම්පත් සකස් කරගැනීමටයි. දෙදෙනා තම කාර්යය ඉටුකර ගත් පසු ආපසු රජරට ප‍්‍රධාන නගරය බලා රාත‍්‍රී තැපැල් දුම්රියෙන් ගමන් පහසුව සලසා ගැනීමට තීරණ කළෝය.

එහෙත් ඒ දුම්රිය ගමන්වාරය රාත‍්‍රී 7.15 ට ඇරැුඹෙන බව කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් දැනගත් පසු දෙදෙනාට ඒ ගමනට තවත් පැය තුන හතරක් වේලාව ඉතිරිව ඇති බව අවබෝධ විය. ඒ කාල වේලාව ඇතුළත මී විතක රස විඳීමට ඔවුහු කතා කර ගත්හ. මේ සඳහා ඔවුන් දෙදෙනාම ආයතනයේ කනිෂ්ඨ සේවක භෝජනාගාරයෙන් තම සේවා හැඳුනුම්පතට ණය සහනයක් සැලසී තිබිණි.

ඒ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් මෙම සේවකයෝ දෙදෙනා අරක්කු බෝතලයක් හා කට ගැස්ම ද එතැනින් ලබාගත්හ. වැසිබර සැඳෑවේ මේ දෙදෙනා පදමට රත් වූ සෙයක් පෙනිණ. රාත‍්‍රී 7.15 ට කොළඹ කොටුවේ සිට තලේමන්නාරමට යන තැපැල් දුම්රිය වේදිකාවට ළඟා විය. සේවකයෙන් දෙදෙනා ලහි ලහියේ ඒ දුම්රියට ගොඩ වූහ.

තුන් වැනි පන්තියේ මැදිරියක අසුන් ගත් දෙදෙනාට වෙරිමත වැඩිකමට නින්ද ගියේය. අනුරාධපුරයෙන් අවසන් කළයුතු ගමන තලේමන්නාරම දක්වා ගොස් ඇතැයි ඔවුනට අවබෝධ වූයේ පසුදා අලූයම් කාලයේ තැපැල් දුම්රියේ ධාවනය නිමාවට පත් වූ බැවිනි.

ආපසු ඔවුන් දෙදෙනා අනුරාධපුරයට ගමන් කළේ කුලී රථයකිනි. ඒ සඳහා වැය කිරීමට මුදල් නොතිබුණත් සේවා හැඳුනුම්පතේ පිහිටෙන් දෙදෙනා ජාම් බේරා ගැනීමට සමත්විය.



අදහස් (0)

ඉර පනින්න බීලා උතුරු කොනෙන්ම නතරවෙලා

අබරන් Monday, 14 December 2015 05:13 AM

ඒ කාලේ උණු දේවල් අපේ කසුරිගෙන් අහගන්න තිබුනා. එතුමා කී පාරක් ගම්පහ කොළඹ එකම බසයේ ගිහින් ඇද්ද. (බ)

:       0       0

ලතා Wednesday, 16 December 2015 06:41 AM

ඔය වගේ දෙයක් මා දන්නා කෙනෙකුටත් වෙලා තිබුණා මතක් වෙද්දීත් හිනා යනවා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site