(රක්වාන විශේෂ බුද්ධික තැන්නපිට)
එය රක්වානට නුදුරු රක්ෂිත වනාන්තරයකි. පසුගිය දිනෙක මෙම රක්ෂිත වනාන්තරයේ ඇළ පාරක මැණික් ඉල්ලමක් මතුවිය. අහල පහළ මැණික් ගරන තරුණ පිරිස් පමණක් නොව අවට ගම්වල බොහෝ දෙනෙකුද දිවා රාත්‍රි දෙකෙහිම අනවසර මැණික් ගැරීමට රක්ෂිතයට ඇදී ආවේ වැඩි දිනක් යාමට මත්තෙනි.
මේ අතර මේ මහා පරිමාණ අනවසර මැණික් ගැරීම පිළිබඳව ප්‍රදේශයේ පොලිසියට පමණක් නොව අඩවි වන කාර්යාලයටත්, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියටත් තොරතුරු ලැබී තිබුණි. මේ ආයතන තුනෙන්ම වැටලීම් ආරම්භ වූ අතර දිවා රාත්‍රි දෙකේම අනවසර මැණික් පතල් පොළ වැටලීමට නිලධාරීන්ට සිදුවිය. රක්ෂිත වනාන්තරයට ඇතුළුවන සෑම මාර්ගයකම ඔත්තුකරුවන් යොදා අනවසර ඉල්ලම් ගොඩ දැමීමට මැණික් ගරන්නන් කටයුතු කළ අතර පොලිසියද විවිධ උපක්‍රම භාවිතා කරමින් වැටලීම් කරගෙන ගියේය.
මැණික් ගැරීම ජීවිකාව කරගත් අපේ ගමේ ගුණපාල අයියාද තරුණ පිරිසක් සමඟ රක්ෂිතයට රිංගා ගත්තේ මැණික් ඉල්ලම් ටිකක් ඇදගන්නා අදහසිනි. ඉල්ලම මතුවූ ස්ථානයට ළඟා වූ ගුණපාල අයියා ඇතුළු පිරිස වැඩට බැස්සා පමණි. පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඔවුන් වටලා ගත්හ. හොර පතල් කපා හුරු පුරුදු පිරිස හිස් ලූ ලූ අත දිව ගිය අතර කෙටි පාරකින් රක්ෂිතයෙන් එළියට ඒමට ගුණපාල අයියාට හැකිවිය.
තමන් පසුපස පන්නා ගෙන ආ පොලිස් නිලධාරීන් කොයි මොහොතක හෝ රක්ෂිතය තුළින් මතු වේ යැයි බියෙන් පසුවූ ගුණපාල අයියාට පහළ වූයේ කදිම උපායකි. රක්ෂිතය ආසන්නයේම සරුවට වැඩුනු තේ වත්තකි. තේ වත්තට පැනගත් ගුණපාල අයියා ඉල්ලං රැගෙන යාමට ගෙනා පෝර උරය කරේ එල්ලා ගත්තේය. ඉන්පසු ඔහු කළේ තේ ඉඩමේ තේ දළු නෙලීමය.
මේ අතර කැලයෙන් ඒ ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගුණපාල අයියා අසලට පැමිණ ‘‘මේ පැත්තෙන් කවුරු හරි දිව්වා’’ දැයි ඇසුවේ හති අරින ගමන්ය. ‘‘නෑ නෑ’’ යැයි තනිව වචනයෙන් උත්තර දුන් ගුණපාල අයියා අනෙක් පැත්තට හැරී කඩි මුඩියේ නැවත දළු නෙළන්නට පටන් ගත්තේය.
ගත වූයේ සුළු වේලාවකි. තේ ඉඩමේ සැබෑ හිමිකරු තම බිරිඳද සමග ඉඩමට පැමිණියේ ඔය අතරය. තමන්ගේ ඉඩමේ කවුරුන් හෝ දළු නෙළන බව දුර තියාම දුටු ඉඩම් හිමිකරු ‘‘කවුද ඕයි මගේ ඉඩමේ දළු කඩන්නේ’’ කෑ ගසන්නට විය. වැඩේ වැරදුනු බව දැනගත් ගුණපාල අයියාට දෙලෝ රත්විය. එම ස්ථානයේම ගිමන් හරිමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා වහා පැන ගුණපාල අයියා අල්ලා ගත්තේ තෝ පැනල දිව්ව මදිවට අපිට බොරුත් කිව්වා නේදැයි ගෝරනාඩු කරමිනි.
නෙළාගත් අමු තේ දළු කවරය ඉඩම් හිමිකරු අතට පත්වූ අතර ගුණපාල අයියා පොලිස් අත්අඩංගුවට පත්විය.
ගුණපාල අයියා දිනකට පසු පොලිස් ඇපමත නිවසට පැමිණියේය. රක්ෂිතයට ඇතුළුවීම, අනවසරයෙන් මැණික් ගැරීම යන චෝදනා යටතේ ඔහුට නඩු පැවරිනි.
ගුණපාල අයියාගේ වැරදුණු උපාය ගැන අදටත් ගම්වැසියෝ කතා වෙති.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉල්ලමට ලොල්වී දල්ලට යටවී කූඩුවේ