(වියලුව වාර්තාකරු)
පාසල් දරු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති සීල භාවනා වැඩසටහන් සඳහා පරිත්‍යාගශීලියකු විසින් ලබාදුන් යෝගට් තොගයක් එම දරුවන්ට නොදී වැඩසටහන සංවිධානය කිරීම සඳහා පැමිණ සිටි මව්පියන් පිරිසක් එක්ව බෙදාගත් බව කියවෙන පුවතක් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
නගරබද පාසලකි. නිරන්තරයෙන් දරුවන් ගුණ දහම්වලට යොමු කළ විදුහලේ ගුරු මණ්ඩලය පාසලේ සීල භාවනා වැඩසටහනක් සංවිධානය කළේ දරුවන්ගේ මව්පියන් ද සහභාගි කර ගනිමින්ය.
සිල් සමාදන් වූ දරුවන් මෙන්ම ගුරු පිරිස වෙනුවෙන් දාන මානාදිය පිරිනැමුණේ ද මව්පියන් හා ප්‍රදේශයේ දානපතියන්ගේ සහභාගිත්වයෙනි. දහවල් දානයෙන් පසුව සිල් පිරිස වෙනුවෙන් බෙදාදීම සඳහා යෝගට් පාර්සලයක් රැගෙන පැමිණි ප්‍රදේශයේ දානපතියකු එම පාර්සලය මවුපියන් පිරිසක් අත තැබුවේ ‘මට හදිසි වැඩක් තියෙනවා. ඔයාලා මේක සිල් සමාදන් වුණු දරුවන්ට බෙදන්න. මම ගිහින් එන්නම්’ යැයි පිරිසට පවසමිනි.
යෝගට් පාර්සලය දිග හල එක්තරා කාන්තාවක් ඉන් යෝගට් තුන හතරක් සිය ගමන් මල්ලට දමා ගත්තේ ‘ගෙදර ඉන්න පොඩි උන් දෙන්නට’ යැයි පිරිස සමග පවසමිනි.
එය බලා සිටි තවත් කාන්තාවක් ද එයින් යෝගට් කීපයක් සිය පසුම්බියේ දමාගෙන ඇත්තේ ‘මටත් ගෙදර පොඩි උන් තුන් දෙනෙකු ඉන්නවා’ යැයි සෙසු පිරිසට පවසමිනි.
මේ අයුරින් එහි සිටි කීප දෙනකුම විවිධ හේතු දක්වමින් යෝගට් හත අට බැගින් සිය ගමන් මලුවල දමා ගැනීම හේතුවෙන් යෝගට් පාර්සලයෙන් හරි අඩකටත් වඩා අතුරුදන්ව ඇති අතර සිද්ධිය මුල සිට බලා සිටි තවත් මව්පියන් පිරිසක් පවසා ඇත්තේ ‘දැන් ඉතින් දරුවන්ට දෙන්න වෙන්නේ යෝගට් බාගේ ගානේ තමයි, ඒ නිසා උඹල ඔය ටිකත් බෙදා ගනිල්ලා’ යනුවෙනි.
කෙසේ වෙතත් ඒ කීම තඹයකට මායිම් නොකළ පිරිස එම ස්ථානයෙන් හිමින් සීරුවේ මාරුවෙද්දී එහි සිටි තවත් අයකු පවසා ඇත්තේ ‘ඔව්වගේ සීතල ඉවර වෙන්න කලින් ගෙදර පලයල්ලා’ යනුවෙනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉස්කෝලේ දානෙකට ගෙනා යෝගට් මවුපියන්ගේ මලුවලට රිංගලා
Uditha Wednesday, 04 July 2018 12:58 PM
වැඩේ වැරදි අනුමත කරන්න බැහැ. නමුත් සුන්දර වරදක්. රටේ මහා අය කරන වැරදි විදිහට මේක අහලා හිනත් යනවා. සුන්දර වරදක්.....
තුශා Wednesday, 04 July 2018 02:56 PM
සිල් ගත්ත ළමයින්ට, බෙදාදෙන්න කියලා පරිත්‍යාග කරපු, යෝගට් ටික හොරෙන් ගත්ත එක සුන්දර වරදක් වෙන්නේ කොහොමද? මේ වාගේ හිතන මිනිසුන් නිසා තමයි අපේ මව්බිම අසුන්දර වෙලා තියෙන්නේ.
Bamunuarachchi Friday, 06 July 2018 05:16 AM
මේවා සුන්දර ලෙස දකින්නේ පට්ට හොරු