කතරගම පදිංචි තරුණයෙක් කතරගම රාජ්‍ය බැංකුවක උකස්කර තිබූ රුපියල් ලක්ෂයක් පමණ වටිනා රන් දම්වැලක් බේරාගෙන තම කමීසයේ උඩ සාක්කුවේ දමාගෙන පිටව ගියේය. ඒ පාපැදියෙනි. ඔහු කතරගම දෙටගමුවේ තරුණයෙකි.
තම බිරියට අයත් රන් දම්වැල මීට මාස කීපයකට ඉහත දී උකස් කොට මුදල් ලබාගත්තේ මුදල් හදිස්සියකටයි. බැංකුවේ සිට ගෙදරට කිලෝමීටර් කාලක් ගොස් සාක්කුව අත ගා බැලීමේදී රන් දම්වැල අතුරුදන් වී තිබිණි. ඔහු දෙලොව රත්වී සාක්කුව අතගා බැලූවේය. සාක්කුවේ අඟල් කාලක පමණ කුඩා සිදුරක් ඇති බව ඔහුට අවබෝධ වනවිට සියල්ල සිදුවී හමාරය.
එම ස්ථානයේ සිට බැංකුව දක්වා නැවත පාර සෝදිසි කරමින් ගියත් මාලය හමු නොවූ නිසා තම නිවෙස වෙත ගියේ ඔහුටම දොස් නගා ගනිමිනි.
රන්මාලය ලේන්සුවකවත් ඔතාගෙන ගියා නම් මේ පාඩුව සිදු නොවන බව ඔහුට අවබෝධ වනවිට මාලය තව කවුරුන් හෝ අහුලාගෙන ගොස් තිබිණි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
උකසින් බේරාගත් රන්මාලය සාක්කු හිලෙන් වැටිලා
විජේ Saturday, 09 February 2013 12:25 PM
මම්ත් මාලයක් උගස් කලා ඒක අරන් දෙනකම් බැනුම් කෝටියයි..!(නු)
සේකර Thursday, 14 February 2013 11:40 PM
ඒ මාලය පල නොදෙන මාලයක් වෙන්න ඇති (දී)
සඳරුවන් Thursday, 14 February 2013 12:57 PM
මාලයකින් ලොකු ප්‍රයෝජනයක් නෑනේ.. වැඩකට ඇති දෙයක් ගත්තනම් ඉවරයිනේ අපරාදේ..(ස)
කොඩිකාර Thursday, 14 February 2013 12:39 PM
කබලෙන් ලිපට වැටිල්ලක්.. හිල් සාක්කු තියෙන ඇඳුම් අඳින්නේ, බඩු උකසට තියන්නේ නැති බැරි කෙනෙක්නේ...(ස)
අසිකා Thursday, 14 February 2013 10:19 AM
මම නම් මෙච්චර දවසක් දාගෙන හිටපු මාලෙත් පරිස්සමට ගලවල තිබ්බා...(ස)
සෞර්යා Wednesday, 13 February 2013 04:07 PM
හොද වැඩේ සාක්කුව මහලා දෙන්න බැරිවුණාට. (නි)
ෂෙරීෆ් Wednesday, 13 February 2013 12:52 AM
අපරාදේ කරේ දාගෙන යන්න තිබුණේ. (නි)
නන්දන Tuesday, 12 February 2013 05:51 PM
දුප්පතා අපිටම තමයි ඕවත් වෙන්නේ.(නදී)
ආනන්ද Sunday, 10 February 2013 12:34 PM
ඒ මාලය තියා ගන්න පිනක් ඇත්තෙම නැහැ (දී)
ගිරිගෝරිස් Sunday, 10 February 2013 12:02 PM
දැන්වත් ඉතින් ඔය හිල මහගන්නකො අනේ. (නි)
ලක්මාල් Saturday, 09 February 2013 03:09 PM
මම යාලුවොත් එක්ක මුහුදේ නානකොට, මට දැණුනා යමිකිසිවක් මගේ ඇඟ හරහා යනවා. මම මාළුවෙක් කියලා හිතලා ක්ෂණිකව ඇල්ලුවා. බළනකොට කරේ තිබ්බ මාලේ ගැලවිලා. ඊට පස්සේනම් හරි පරිස්සමින්,(නු)
ලලිත් Saturday, 09 February 2013 01:54 PM
මොනවා කරන්නද උන දේ උනානේ. ඔයාගෙ නෝනට ඔයා නැති උනේ නෑනේ. උත්සහයෙන් ම තව එකක් හදවලාම දෙන්න. (ස)
සරත් Friday, 08 February 2013 10:04 AM
"ගෙදර ගිය කලට අඩදබර බෝයා " "මාලය දුන් කෙනෙක් මගේ නෑ සියෝයා " (ස)
මුතු Saturday, 09 February 2013 02:11 AM
කාට හෝ මෙතන වැරදිලා තියෙන පාටයි (ස)
සමිත Friday, 08 February 2013 09:35 PM
මොනවා කරන්නද දැං ඉතිං හිත හදාගෙන ඉන්න..!(නු)
ජූඩ් ඉතාලි Friday, 08 February 2013 09:11 PM
ඉමිටේෂන් එකක්වත් ගිහිං දුන්නානම් ගෙදරින් බේරිලා ඉන්න තිබුණා..!(නු)
හේරත් Friday, 08 February 2013 07:11 PM
මල්ලි මීට පස්සෙවත් හිල් සාක්කුවල මොනවත් දාගෙන යන්න එපා.. අපේ දැං කාන්තාවන් පිරිමින්ගේ සාක්කු හිල්වෙලා තියෙනවා දැක්කත් මහන්නෙ නැහැ.. ඉදිකටු අදුනන්නෙත් නැහැ..(නු)
වරුණ Friday, 08 February 2013 03:53 PM
මගෙත් අතේ තිබ්බ එකක් වැටුනා. ටික දවසක් යන කම් හිතේ අමාරුවෙන් හිටියේ. ඒත් ඒක මගේ නිසා අවුලක් වුනේ නැහැ. නමුත් මේ අසරණයගේ පවුලගේ එකක් මේත. දැන් ඉතින් ගමනක් යන්න ලෑස්ති වෙන වාරයක් ගානේ මේ අසරනයට බැනුම් අහ අහ ඉන්න වෙයි.(නදී)
එල්වි Friday, 08 February 2013 02:38 PM
ඔය පැතිවල ඔය වගේ දේවල් වෙනවා (ස)
දුමින්ද Friday, 08 February 2013 11:53 AM
නොසැලකිලිමත් ලෙස වැඩ කිරීම නිසා මීටත් වඩා පාඩු සිදුවිය හැක (ස)
සන්ජීව Friday, 08 February 2013 11:42 AM
මදැයි කොලා , බැංකුවෙම තිබුණානම් ආරක්ෂා වෙනවා ... ගෙදර ගිහාම හොඳට ලුණු ඇඹුල් ඇතුව අහගන්න වේවි නෝනගෙන් (ස)
සෙනරත් Friday, 08 February 2013 11:33 AM
දෙයක වටිනාකම නොදැන ක්‍රියාවෙන් බාල වැඩ කරන අයට වෙන්නේ පාඩුම තමයි. මේවායින් පාඩමි ඉගෙනගන්නවා නම් හොදයි.(නදී)
ඉසුරන්දි Friday, 08 February 2013 11:00 AM
ඒක එයාලට උරුම දෙයක් නොවෙන්න ඇති. කොහෙන් හරි යන්නත් එපැයි (ස)
ඉසුරන්දි Friday, 08 February 2013 10:59 AM
ඔය වගේ අතපසුවීම් අපිටත් කොතෙක් වෙලා ඇද්ද ? ඕකට හිනා වෙලා පලක් නෑ. ඒ මනුස්සයා. හිතේ වේදනාවකින් ඇද්ද මේ වෙලාවේ (ස)