X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


උදව්කළාට දුන් මාළු කූරි දෙන්නා බෝට්ටු හිමිකරුටම විකුණන්න ගිහින් අලි ජංජාලයක්

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
දුන් අත් උදව්ව සඳහා නිවසට රැගෙන යාමට දුන් මාළු කූරියන් දෙදෙනා බෝට්ටු හිමිකරුටම විකිණීමට ගොස් අලි අමාරුවක වැටුණු අයකු පිළිබද පුවතක් දකුණේ  නගරයක ධීවර වරායකින් අසන්නට ලැබේ.


 ධීවර වරායට ගොඩ කරන ලද බෝට්ටුවක මාළු ගොඩට බෑමට ඔහු අත් උදව්දුන්නේය. ඒ යමක් යටි සිතේ රඳවාගෙනය. එසේ කළාම නිවසට රැගෙන යාමට මාළුකූරියකු දෙන්නකු ඒ සඳහා ලැබෙන බව දන්නා නිසාය. එය ධීවරයින් අතර සම්ප්‍රදායික ක්‍රමයකි.


මාළු බෑමට අත්උදව් දුන්නු ඔහුට නිවසට රැගෙන යාමට මාළු කූරියන් දෙදෙනෙකු ලැබුණේ එසේය. අඩියක් පුඩියක් ගැසීමට පුරුදු පුහුණුවී සිටි ඔහු ඒ සඳහා නොමිලයේ ලැබුණු මේ මාළුකූරියන් දෙදෙනා ඉතාම අඩු මිලකට විකිණීමට  තීරණය කළේය. මෙවැනි අයගෙන් මාළු මිලදී ගැනීමට වරායට එන අයද නැත්තේ නොවේ. ඒ තමන්ට මේ අයගෙන් අඩු මිලට මාළු මිලදී ගැනීමට හැකිවීම එයට හේතුවකි. 


මේ මාළු කූරියන් දෙදෙනා විකිණීමට එන අතරේ ජැංඩියට හැඳ පැළඳගෙන රන් අත් පළඳනාවක් හා රන් මාල දෙකක් කරට දමාගෙන මුහුණු ආවරණ හා ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ යතුරු පැදියෙන්  අයකු එනු බව ඔහු දුටුවේය. හොඳ දළකාරයකු වෙන්න ඇතැයි සිතූ ඔහු මේ අයට හොඳ මිලකට මේ මාළුකූරියන් දෙදෙනා විකිණීමට හැකියයිද සිතුවේය.


ඒ සිතිවිල්ලත් සමගම ඔහු යතුරු පැදිකරුට අත දමා නතර කර ගත්තේය. මහත්තයා මේ අලු‍ත්ම මාළු වටිනා ගානකට දෙන්න යයි කීවේය. මේ වේලාවට ගොඩට ආවේ තමාගේ ධීවර යාත්‍රාව බව සිතූ යතුරු පැදිකරු මේ කාගේ බෝට්ටුවේ මාළු දැයි ඇසුවේ ඒ පිළිබඳව වැඩි දුරටත් දැන ගැනීමටය.


එවිට ඔහු  මේ අසවලාගේ බෝට්ටුවේ මාළු යයි කීවිට ඒ තමාගේම බෝට්ටුවේ මාළු බව සක්සුදක්සේ දත් යතුරුපැදිකරු හිස් ආවරණය හා මුඛ ආවරණය ගලවා දැමූවිට ඔහුට දෙවියන් බුදුන් සිහිවූයේය. ‘‘යකඩෝ මේ අපේ බෝට්ටුව අයිති මුදලාලිනේ, අනේ සමාවෙන්න මට අඳුරගන්න බැරිව ගියා. කොහේද ඉතිං මේවා දමාගෙන ඉන්න කොට කොහොමද අඳුරන්නේ’’ යයි කියමින් ඔහු එතනින් හෙමිහිට මාරුවී ගියේ නිවසට රැගෙන යාමට දුන් මසුන්වලට කරන දේ බෝට්ටු අයිතිකරුගේ අතටම හසුවූ ලජ්ජාවත් සමගමය.

 



අදහස් (3)

උදව්කළාට දුන් මාළු කූරි දෙන්නා බෝට්ටු හිමිකරුටම විකුණන්න ගිහින් අලි ජංජාලයක්

Ra Saturday, 02 October 2021 07:16 AM

මිනිස්සුන්ගේ සැබෑ තත්වය

:       0       7

sachith Saturday, 02 October 2021 12:33 PM

මේ රටේ දියුණුවට තිබෙන ප්‍රධානම බාධාවක් තමයි... මේ බීමත්කම...

:       5       8

Janith Tuesday, 05 October 2021 11:21 AM

හොරකම් කරපු දෙයක් නෙමෙයිනෙ. ඇයි ලැජ්ජා වෙන්නෙ

:       1       3

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site