(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ඇඳිරි නීතිය තිබියදී ගොවිතැන් කටයුතු සඳහා ලැබෙන සහනයට මුවාවී ආරක්ෂක අංශ රවටමින් උදේ හවස කසිප්පු පානය සඳහා යන එන පුද්ගලයකු පිළිබඳව යක්කලට නුදුරු ගම්මානයකින් වාර්තාවේ.
ගොවිතැනෙන් දිවි ගෙවන පිරිසක් වෙසෙන ගම්මානයකි. ඔහු දවස පුරා සුරා පානයෙන් කල් ගෙවන පුද්ගලයෙකි. ඔහු නිකරුණේ කාලය ගෙවනවා විනා කරන කටයුත්තක්ද නැත.
ඇඳිරි නීතිය පැනවීමත් සමග මේ පුද්ගලයාට දිනපතා චර්යාව අනුව කසිප්පු පානය සඳහා යාමට බාධාවක් ඇතිවිය. දින කිහිපයක් කල් ගත කළේ අමාරුවෙනි. මේ අතර ගොවිතැන් කටයුතුවලට බාධාවක් නොවන බව ගුවන් විදුලියෙන් ඔහුට ඇසුණේය. ඒ සමගම ගණදෙවි නුවණ පහළවිය.
පසුදා හිමිදිරියේම උදැල්ලක් පාපදියේ බැඳගත් ඔහු කෙලින්ම ගියේ කසිප්පු පොළටය. ආපසු ආයේය. හවසද ඒ ආකාරයෙන්ම ගියේය. ඒ අනුව දැන් දිනපතා ගමනේ යෙදෙන්නේ ගොවිතැන් කටයුතු සඳහා යන බව අඟවමිනි. ආරක්ෂක අංශ පරීක්ෂාවේදී කියන්නේ මම කුඹුරට යනවා හෝ කුඹුරේ සිට ගෙදර එන බවය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
උදැල්ල පෙන්නා ඇඳිරියෙන් ගැලවී දවස පුරා කසිප්පු ගහලා
Jay Thursday, 02 April 2020 07:01 AM
මේ කරන ගොන් කමෙන් ගොවිතැන් කටයුතු සඳහා යන අයටත් කෙලවෙනවා
himal Thursday, 02 April 2020 03:58 PM
උදැල්ලක් බැඳගෙන ඇඳිරි නීතිය කඩන අය ඉන්න පුළුවන්. ඒත් මේ පුවතේ ගැටළු ගොඩයි. මත්පැන් පානය කරලා එනවා. ඒත් ආරක්ෂක අංශයට තේරෙන්නේ නෑ බීලා කියලා. කරන වැඩක් නැත්නම් බොන්න සල්ලි කොහෙන්ද? ඊටත් වඩා මේ වැරැද්ද දන්නවා නම් ඇයි නිශ්චිතව දාලා අල්ලලා දෙන්නෙ නැත්තේ?