ළමයකුගේ උප්පැන්න සහතිකයක් අදාළ ළමයාගේ මවට නොගොස් වෙනත් මවකට තැපෑලෙන් පැමිණි සිදුවීමක් බුලත්කොහුපිටිය ප‍්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය සැකවින් මෙසේය. තමන්ගේ දරුවාගේ උප්පැන්නය තැපෑලෙන් එනතුරු ඇය මග බලාගෙන සිටියාය. මාස තුනහමාරක පමණ කාලයක් මේ වනවිට ගතවී තිබුණි. පසුගිය දින මේ මවගේ නමටත් ඇගේ සැමියාගේ නමටත් ලිපි දෙකක් පැමිණ තිබිණි.
දරුවාගේ මව එම ලිපි දෙක අතට ගත්තේ ළමයාගේ උප්පැන්න සහතිකය එහි ඇතැයි විශ්වාසයෙනි. ඇය මුලින්ම තමන්ගේ නමට ආ ලිපිය විවෘත කර බැලීය. එහි උප්පැන්නයක් තිබුණි. මවට සතුටක් ඇතිවූයේ තම කුළුදුල් දරුවාගේ උප්පැන්නය නිසාය.
ඇය උප්පැන්න සහතිකයේ ඇති නම සඳහන් තීරය දෙස ඇය බැලීය. ඇයට අදාහාගත නොහැකි විය. එහි සටහන්ව තිබුණේ යටියන්තොට පනාවත්ත ප‍්‍රදේශයේ මව්පිය දෙපළකට දාව උපන් දරුවකුගේ නම සටහන් උප්පැන්නයකි.
ඇය නැවත තම ස්වාමියාට ආ ලිපිය විවෘත කර බැලූවේ තමන්ගේ දරුවාගේ උප්පැන්නය එහිවත් තිබේදැයි සැකේටය. හරි පුදුමයකි. එම ලිපියේ තමන්ගේ දරුවාට අදාළ නිවැරදි උප්පැන්න සහතිකය තිබුණි.
කාගේ හරි දරුවෙකුගේ උප්පැන්නයක් එනතුරු මව්පියන් නොවිසිල්ලෙන් බලා සිටින බව තේරුම් ගත් මෙම මව තමන්ට අදාළ නැති උප්පැන්නය තැපැල් මහතාට නැවත භාරදුනි.
තැපැල් මහතා එය තමන්ගේ වියදමින් අදාල මව්පියන්ගේ නමට තැපැල් කර හැරීය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
උප්පැන්නය එනතෙක් මගබලා සිටියදී වෙනත් දරුවකුගේ උප්පැන්නයක් ලැබිලා
නිලූ විදානගේ සෞදි අරබිය Thursday, 13 March 2014 12:33 AM
රාජජ්‍ය සේවයනේ. පුටු රත් කරනවා. මාසේ පඩිය ලැබෙනවා. ඒ සේවය පතන අපි අසරණ වෙනවා. පොඩ්ඩක් අඩුපාඩුවක් උන ගමන් උද්ගෝෂණ කරනවා. දන්නේ දවසේ ඉදන් ඊට වැඩිය දෙයක් වෙන්නේ නැහැනේ මෙයාලගෙන්. ඒ කාන්තාවගේ හා තැපැල් මහතාගේ මනුස්සකම අගයන්න ඕනේ.(නදී)
සාගර Thursday, 13 March 2014 07:51 AM
හිත හොඳ මිනිස්සු මේ කතාවට සම්බන්ධ. (අ)
ආරියසේන Thursday, 13 March 2014 08:00 AM
දැන් කාලේ තැපැල් බෙදන හුඟක් දෙනෙක් අවංකයි.තමන්ගේ වියදමින් මුද්දර අලවා එය නියම ලිපිනයට බාරදෙයි. (අ)
පිටිගල Thursday, 13 March 2014 08:09 AM
හොඳ මිනිස්සු තාමත් ඉන්නවා. ඔවුන්ට මාගේ ප්‍රණාමය. (අ)
ශෂිමාල් Thursday, 13 March 2014 11:06 AM
සන්තෝශි.දරුවන් දෙදෙනාටම නිරෝගී සුවය පතමි. (අ)
සෙලනිචාස් Thursday, 13 March 2014 01:02 PM
ලිපිනය වෙනස් උනත් තාත්ත හරි ද දන්නේ නැහැ ;)(දී)
චන්දි Thursday, 13 March 2014 01:04 PM
මෙහි වරද කා අතද...? කොහොම උනත් මේ මවත්, තැපැල් මහතාගේ කරුණාවත් නිසා හොදයි නැත්නම් ඉතින්......?(දී)
ජමුනා Thursday, 13 March 2014 03:00 PM
අද ලංකාව කොච්චර දියුණුයි කිව්වත් මේ වගේ දේවල් ප්‍රමාදයි (දී)
ශාන්ති Friday, 14 March 2014 02:10 AM
ගොඩක් හොද වැඩක් (ත)
හංසිකා Monday, 17 March 2014 01:56 AM
කාගේ කාගේත් කරුණාව නිසා කාට කාටත් හොද බව අපිටත් පේනවා අක්කේ .(නදී)
කුමාරි Monday, 17 March 2014 10:15 AM
තමන් කරන දේ ගැන අවබෝදයෙන් නොකරන නිසා තමා මෙහෙම දේ සිදු වන්නේ. රාජකාරි කරන අයගේ දැන ගැනීමට මෙය පළවූ එක හොදා. පියුම් මහතාත් අර අම්මත් දෙන්නගෙම කරුණාව ගැන සතුටුයි. (නදී)