උසස් පෙළ ප‍්‍රතිඵල අන්තර් ජාලයෙන් කඩිනමින් බැලූ තැනැත්තකු තම ඥාති පුත‍්‍රයකු ඉන් ඉහළින් සමත් බව දැන කාටත් කලින් එය ඔහුට දැන්වීමට එස්.එම්.එස්. පණිවුඩයක් යැවීය. ඊට ප‍්‍රතිචාර ලැබුණේ නැත.
මේ නිසා පසුදා උදෑසනම ඔහුට දුරකථන ඇමතුමක් දුන්නේ ආරංචිය තහවුරු කර ගන්නටය.
එහා පැත්තෙන් ආවේ කාන්තා කටහඬකි. මේ ඥාති පුතාගේ මව බව දැනගත් ඔහු ”අක්කේ මම පුතාට සුබ පතලා එස්.එම්.එස්. එකක් එව්වා” කීවා පමණකි.
”මේ උදේ පාන්දර මගෙන් මුකුත් අහගන්න එපා. පොඩි එකා විභාගෙ ෆේල් කියලා ඔහොම විහිළු කරන එක වැරදියි” ඇය කීවෙන් ඔහුට තරු පෙනිණි.
කරුණු සොයා බැලීමේදී අනාවරණය වූයේ තම ඥාති පුතාගේ නමට සමාන නමක් අන්තර්ජාලයේ තිබුණත් විභාග අංකය පැටලී තිබුණ බවක්ලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
උසස් පෙළ පාස්: සුබ පැතුම එස්.එම්.එස්.වලින් යැවුවාම යකා නැගලා
දෝහා Thursday, 21 February 2013 09:51 AM
විභාග අංකය නොදැන කොහොමද ප්‍රතිඵල බලන්නේ? (නි)
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 25 February 2013 09:59 AM
සේපාලි කියන විදිහට දැන් විභාග අංකය ඇතුළත් කළහම නමත් එනවා කියන එක ඇත්ත. මොකද ඉස්සර වගේ නෙවෙයි දැන් ඒ පහසුකම වැඩි දියුණු කරලා තියෙන්නේ. තාක්ෂණය දියුණු වුනාම අපි ඒවා අපගේ වුවනාකම් ඉටු කරන්න නිවැරදිව භාවිතා කිරීමේ කිසිම වරදක් නැත. වරද තියෙන්නේ තාක්ෂණය වැරදි ආකාරයට හා අනුන්ට හිරිහැරයක් වන පරිදි භාවිතා කිරීම තුළයි. මෙහිදී තාක්ෂණය අනුන්ට හිරිහැරයක් වන පරිදි භාවිතා කර නැතත් ඒ පහසුකම භාවිතා කිරීමේ දී දක්වා ඇති නොසැලකිල්ල මත යම් හෙයකින් සිත් රිදවීමක් සිදු වී තිබේ. මදක් සැලකිලිමත් වුවා නම් ඒ සිත් වේදනාව ඇති නොවන්නට ඉඩ තිබිණ.(නදී)
අසේල Monday, 25 February 2013 08:54 AM
ඕකට තමයි කියන්නේ වදින්න ගිය දේවාලය හිසේ කඩාගෙන වැටුණා කියලා. (නි)
වේහා Sunday, 24 February 2013 06:27 AM
මතක විදියට නම එන්නෙ නැහැ. අනික නොම්බරය හිතලා ගහන්නත් බැහැ. (නි)
පෙරේරා Friday, 22 February 2013 08:40 PM
මාමයි බෑණයි දෙන්නම පවු. (නි)
සේපාලි Thursday, 21 February 2013 10:14 PM
දැන් විභාග අංකය ඇතුළත් කළහම නමත් එනවා. (නි)
ලාල් Thursday, 21 February 2013 02:19 PM
ඇත්තනේ ගහෙන් වැටිච්ච මිනිහාට ගොනා අන්නා වගේ වැඩක්නේ (දී)
සුපුන් Thursday, 21 February 2013 11:30 AM
අනේ මෙහෙමත් රටක් (දී)
අජිත් Thursday, 21 February 2013 11:19 AM
ඇත්තටම මානසිකව වැටිලා ඉන්න ළමයෙකුට ඒක මාරු පහරක් (දී)
අසමින් Thursday, 21 February 2013 11:16 AM
වදින්න ගිය දේවාලය ඉහේ කඩන් වැටිලා (දී)
අශාන් Thursday, 21 February 2013 11:16 AM
තරු පෙන්න ඇති කට්ටියට (දී)
අශේන් Thursday, 21 February 2013 11:19 AM
කොරේ පිටට මරේ (දී)
වික්ස් Thursday, 21 February 2013 10:08 AM
පහන්ගේ කතාව මරු මීට වැඩිය. (නි)
වරුණ Wednesday, 20 February 2013 11:35 AM
ඔවු ඔවු. ඔහොම ඒවා නම් වෙනවා. (නි)
ආනන්ද Wednesday, 20 February 2013 07:46 PM
මේක ප්‍රභන්ධයක්ද? (නි)
ටීමා Wednesday, 20 February 2013 05:50 PM
විභාග අංකයෙන්නේ ප්‍රතිඵල බලන්න පුලුවන්. (නි)
චමින්ද Wednesday, 20 February 2013 04:53 PM
ටොම් පචයක් නේද?(නදී)
ධම්ම Wednesday, 20 February 2013 04:43 PM
චින්තා, උපසේන මහත්තයා කොයි වගේ මනුස්සයෙක්ද මන්දා? (නි)
සූසන් Wednesday, 20 February 2013 03:34 PM
මොනවා වුණත් හිනායනවා. (නි)
ගාමින්ද Wednesday, 20 February 2013 03:22 PM
අයියෝ සල්ලි (දී)
තාරක Wednesday, 20 February 2013 03:02 PM
පව් අසරණයා (දී)
ලාල් Wednesday, 20 February 2013 02:31 PM
අන්න දෙයියෝ සාක්කි (දී)
බමුණූසිංහ Wednesday, 20 February 2013 01:22 PM
ටිකක්වත් බොරු නෙමෙයි නම් කතාව මරු. (නි)
පහන් Wednesday, 20 February 2013 12:54 PM
අපේ පැත්තේ මනුස්සයෙක් හිටියා, එයාට විබාග ගැන දැනුමක් නැහැ. ඒත් හැමෝගෙන්ම ප්‍රතිපල අහනවා. මගෙනුත් ඇහුවා (ඒ කාලේ වැඩ 4 යි උසස්පෙළට ). මම කිව්වා පී 2යි කියු 2යි කියලා. මට කිව්වා ඊලග පාර උනන්දු වෙන්න කියලා. (නි)
චින්තා Wednesday, 20 February 2013 12:04 PM
උසස් පෙළ ප්‍රතිඵල නමින් හොයන්නේ කොහොමද? විභාග අංකයෙන් පමණයිනේ පුලුවන්. (නි)