X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


එන්නතට තදියම් වෙලා මැරුණ මස්සිනාගේ හැඳුනුම්පත ගෙනිහින්

(හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන)
කොරෝනා මර්දන එන්නත ලබා ගැනීම සඳහා මියගිය මස්සිනාගේ ජාතික හැඳුනුම්පත රැගෙන ගිය අපූරු පුද්ගලයකු පිළිබඳව කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය පෙදෙසකින් වාර්තා වේ.


 කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා එන්නත්කරණය ආරම්භ වූ කාලයේ සිටම එන්නත ලබා ගැනීමේ පුදුම හදිසියකින් සිටි පුද්ගලයකු වන මොහුගේ බිරිය සහ දරුවන් දකුණු පළාතේ පදිංචිකරුවන් වුවද මොහු වෙනත් පළාතක පදිංචිකරුවෙකි.


 පළාත් අතර සංචරණ සීමා පනවා ඇති නිසා මොහුට පදිංචි පළාතට ද යාමට නොහැකිය. රජයේ නොයෙක් කාර්යාලවල උසස් නිලධාරීන් සිටින බවට නිතර පම්පෝරි ගසන පුද්ගලයකු ලෙස හා සම සමාජවාදය හා සාධාරණත්වය පිළිබඳව නිතර කතා කරන්නකු වුවද ක්‍රියාවෙන් වෙනස් පුද්ගලයකු බවට ද මොහු ප්‍රසිද්ධියක් උසුලයි.


 මෙම පුද්ගලයා තම මෝටර් රථයේ නැගී එන්නත්කරණය සිදුකරන අල්ලපු ගමේ පාසලට ගියේය. එන්නත්කරණය සිදුකිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පෝලිමට එක්වී ලියාපදිංචි කිරීමේ කාර්ය කර ගැනීමට සූද‌ානම් වී ලියාපදිංචිය සිදුකරන නිලධාරියාට මස්සිනාගේ හැඳුනුම්පත ලබා දුන්නේය. හැඳුනුම්පතේ සඳහන් නම සහ ලිපිනය සඳහන් කරගත් නිලධාරියා උපන් දිනය විමසීය.


 මෙම පුද්ගලයාට ඉබේටම තමන්ගේ නිවැරදි උපන් දිනය කියැවිණි. වයස හැටක් සම්පූර්ණ නොවූ පුද්ගලයකු නිසා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා වෙත යොමු කළේය. මොහු වෙනත් වසමක පදිංචි අයෙකු බවත් මොහු රැගෙන විත් ඇත්තේ මියගිය අයෙකුගේ හැඳුනුම්පතක් බවත් ග්‍රාම නිලධාරිවරයා අනාවරණය කරගෙන ඇති අතර මෙම පුද්ගලයාට අවවාද කොට පිටත්කර යැවීය.


 එන්නත් විදගැනීමට පැමිණි පුද්ගලයන් සිද්ධිය දුටු අතර කතාව ප්‍රදේශය පුරා පැතිර යාමට වැඩි දිනක් ගත නොවීය.



අදහස් (2)

එන්නතට තදියම් වෙලා මැරුණ මස්සිනාගේ හැඳුනුම්පත ගෙනිහින්

Shen Friday, 13 August 2021 04:23 PM

කවුරුත් ඉතින් මැරෙන්න බය නිසානේ ඔය සේරම

:       0       1

ganegoda Friday, 13 August 2021 04:43 PM

හැම මනුස්සයෙක්ම එයාගේ හැඳුනුම්පත මුදල්පසුම්බියේ හෝ සාක්කුවේ තියාගන්නවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site