X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


එපාවුණ සොක්කාට තට්ටු කරන්න ගිය ලොක්කා මට්ටුවෙලා

 (කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
තමා හමුවට එන කෙනා ගැන නොදැන කළ කතා බහෙන් අලි අමාරුවක වැටුණු මහජන නියෝජිතයකු ගැන දකුණෙන් අසන්නට ලැබුණි.


මහජන නියෝජිතයාගෙන් ආයතනයක ප්‍රධානියකුට ලැබුණේ අණකි. ඒ තමා වහාම හමුවන ලෙසය. ඔහු හමුවන්නට තමාට එන්න යයි කියන්නේ නිකමට නොවන බව දැනගත් ආයතන ප්‍රධානියා මේ සම්බන්ධයෙන් සිටියේ දැඩි සැකයකිනි. ඒ ගමන යාමට දැඩි බියකිනි. මේ මොන මරාලයක් දැයි සිතුණි.


 ඔහුගේ බිය නැති කොට ඔහු සමග මහජන නියෝජිතයා හමුවීමට යාමට කාර්යාලයේ වඩාත්ම කැපී පෙනෙන සේවකයා ඉදිරිපත්වූයේ මේ අතරය.


දෙදෙනාම ඔහු ඉදිරියේය. වාඩිවෙන්න යයි විධානය නිකුත් වූයේය. ආයතන ප්‍රධානියා අසුන් ගත්තේ මහජන නියෝජිතයට ලම්භකවය. සේවකයා ඊට යාබදය.


‘‘මම තමුසෙට එන්න කීවේ වැදගත් කාරණාවකට’’ ඒ ඇසුණු සැනින් ‘‘මොකක්ද සර්’’ ඔහු කීවා නොව කියවුණේය. තමුසෙගේ ආයතනයේ ඉන්නවා අපේ රජයට විරුද්ධව වැඩකරන ඒ වගේම මාවත් තැන තැන විවේචනය කරන එකෙක්. උගේ නම තමයි අසවලා. තමුසේ එක්කෝ ඌව හදා ගන්න ඕන. නැත්නම් ඌව ඔතනින් දුරකට මාරු කරලා යවන්න ඕනෑ. හැබැයි මට ඕකාව අහුවුනොතින් කම්බස් කරනවා යයි මහජන නියෝජිතයා ආයතන ප්‍රධානියාට කියාගෙන කියාගෙන ගියේය.

යමකුට ආයතනයක් තුළ රජය විවේචනය කරන්න දෙන්න බැහැ නේද මහත්තයා යයි මහජන නියෝජිතයා ආයතන ප්‍රධානියා සමග පැමිණි සේවකයාගෙන් ද ඇසුවේය. ඔහු කිසිම වදනක් නොකියා යාන්තමට සිනා සුනා පමණි.


මේ සිදුවීම සිදුවී ගතවූයේ දින කිහිපයකි. ආයතන ප්‍රධානියාගේ ආරාධනයෙන් මහජන නියෝජිතයා මේ ආයතනයට එන්නේ උත්සවයක ආරාධිත අමුත්තා ලෙසය. උත්සවය යද්දීම තමාගේ උදහසට ලක්ව සිටි සේවකයා කවුදැයි යන්න පෙන්වන ලෙස ආයතන ප්‍රධානියාට කීවේය. ඒ සමගම මේ උත්සවය වෙනුවෙන් දැඩි කැපවීමක් කටයුතු කරමින් සිටි සේවකයකු ආයතන ප්‍රධානියා ඔහුට පෙන්නුවේය.


මහජන නියෝජිතයාට තරු පෙණුනේ එවිටය. ඔහු කවුදැයි යන්න නොදැන ගෝරනාඩු කර ඇත්තේ එදා තමා සම්මුඛ ව සිටි ඔහු බව පසක්වූ විට මහජන නියෝජිතයා ආයතන ප්‍රධානියාට කෑගැසුවේ මොකද එදා තමුසේ අර මිනිහා මට හඳුන්වා දුන්නේ නැත්තේ යයි කියමිනි.


‘‘සර් ඉතිං එදා ඇහැව්වේ නැහැනේ මේ කවුද කියලා. එහෙම ඇහුවානම් ඉතිං කියන්න තිබුණා යයි ඔහු කීවේය. මේකත් හොඳ පාඩමක් යයි මහජන නියෝජිතයා තමාටම කියා ගත්තේලු‍.



අදහස් (0)

එපාවුණ සොක්කාට තට්ටු කරන්න ගිය ලොක්කා මට්ටුවෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site