මිතුරන් කළ විහිළුවක් නිසා කිරි එළදෙනකගෙන් යැයි සිතා ගොනකුගෙන් කිරි ගැනීමට ගොස් ගොනා පයින් ගැසීමෙන් ගව හිමියාට තුවාල සිදුවීමේ පුවතක් මොරගොල්ලාගම අවට ගම්මානයකින් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
උදේට තණ කෑමට රැගෙන යන ගවයින් හවසට ගෙනැවිත් නියමිත ස්ථානවල කණුවල ගැට ගසා නිවසට ගොස් පසුදින එළිය වැටීමට පෙර කළුවරේම පැමිණ කිරි ගැනීමට ගව හිමියා පුරුදු වී සිටී.
ඔහු ඉකුත් සතියේ දිනයකද උදේම එලෙස කිරි ගැනීමට ගියේය.
සුපුරුදු කණුවේ ගැට ගසා ගිය කිරි එළදෙන නිදාගෙන සිටි නිසා නැගිට්ටවා ඒ අසල වාඩිවී රැුගෙන ගිය උණුවතුරින් තණ බුරුළ සේදීමට සූදානම් වූවා පමණි.
ගවයා දුන් පා පහර ගව හිමියාගේ උරහිස ප‍්‍රදේශයට වැදීමෙන් ඔහු දැඩි වේදනාවට පත්ව ඇත.
කිරි ගැනීම පසෙක තබා වේදනාව අතරේ පසුවූ ඔහු නිවසට ගොස් එළිය වැටුනාට පසුව කීකරු එළදෙන පයින් ගැසුවේ ඇයි දැයි සොයා බැලීමට පැමිණ තිබේ.
තමා ගැට ගසා ගිය කණුවේ එම කිරි එළදෙන වෙනුවට එම පට්ටියේ සිටි ඒ හා සමානම ගොනකු ගෙනැවිත් ගැට ගසා කිරි එළදෙන මාරුකර ඇති බවත් කළුවරේ පුරුද්දට මෙන් පැමිණ කිරි ගැනීමට සූදානම් වීමේදී මිතුරන් කළ විහිලූවක් නිසා මෙම අකරතැබ්බයට මුහුණ පෑමට සිදුවී ඇති බවත් ඔහු පසුව වටහා ගෙන ඇත.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
එළකිරි වෙනුවට ‘ගොන් කිරි’ සොයා අමාරුවේ වැටිලා
අබරන් Monday, 07 December 2015 06:28 AM
හොඳ වෙලාවට ගොනා පයින් ගැසුවේ. පයින් නොගහ හිටියා නම් කිරි දොවනවා..(බ)
මර්වින් Monday, 07 December 2015 09:27 AM
අන්දරේ අර ඔලුව වැනුව නැති ඇතාගේ ඔලුව වැනෙව්වා වගේ.. (ර)
පිටබැද්දර ජයා Monday, 07 December 2015 09:52 AM
නිකන්ද ගොනා කියන්නේ .. (ර)
බටගල Monday, 07 December 2015 02:32 PM
ඇති ඔයින් බේරුනා (නි)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Monday, 07 December 2015 03:29 PM
මෝඩයෙක් කළ වැඩක් නිසා තව මනුස්ස ජීවිතයක් අනූ නමයෙන් බේරිලා .... (නි)
සිතිර Monday, 07 December 2015 03:37 PM
ජීවිතේට හානියක් නොවී බේරුනා ඇති (නි)
සිරි Monday, 07 December 2015 03:37 PM
මොකද අද අපේ බවලතුන්ගේ සද්දයක් බද්දයක් නැත්තේ? එයාලා නැත්නම් මෙතන ගතියක් නැහැ. (නි)
ටී. සුනිල් Monday, 07 December 2015 04:03 PM
මම අපේ උන්දැගෙන් ඇහුවා දෙයියෝ සාක්කියට ගියේ නැද්ද කියලා. පිටබැද්දර ජයා ඉන්න තැනක එන්නේ නැහැ කිවුවා (නි)
වීරරත්න Monday, 07 December 2015 04:42 PM
පිටබැද්දර ජයා ඉන්න නිසා අපේ බවලතුන් වර්ජනයක්වද්ද? කවුද බලමු මුලින්ම දොවාගත්ත කිරි ටික බොන්න එන්නේ කියලා. (නි)
ලතා Monday, 07 December 2015 06:44 PM
සෙල්ලම ලෙල්ලම වෙනවාමයි. ඒකෙන් ඇස් රතු වෙනවාමයි. මේ මනුස්සයාගේ ජිවිතයට හානියක් වුණා නම් විහිළු කළ තැනැත්තා මොකද කරන්නේ? (නි)
කාන්ත් Monday, 07 December 2015 07:35 PM
කළුවරේ පුරුද්දට වාගේ ආ කෙනාගේ නරක තැනකට ගවයාගේ පා පහර වැදී යමක් සිදුවුණා නම් කවුද වගකියන්නේ? ගවයා කියන්නේ අහිංසක සත්වයෙක්. හරක් එක්ක විහිළුවට ගිය යාලුවොත් හරක්ම වෙන්න ඕනෑ. (නි)
පද්මිණී Monday, 07 December 2015 08:10 PM
ජීවිතයට හානියක් නොවුණ එකම ඇති (නි)
ලලිත් Wednesday, 09 December 2015 07:38 PM
කිරි දොවන්න දන්න, පුරුදු කෙනෙක් එළදෙනගේ පසුපස කකුල් දෙක යටින් අතදමලා කිරි බුරුල්ල සෝදන්න කවදාවත් යන්නේ නැහැ. ඒ වැඩේ කරන්නේ එළදෙනගේ පැත්තකින් ඉඳලා. (නි)