X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


එළවළු කැලි මුරකරුගේ පොලිසියෙන් ඇවිත් බේරාගනී රාජකාරියටත් බලපාලා

රාජකාරියට නිසි පරිදි වාර්තා නොකිරීමේ හේතු විමසීමේදී මාතලේ දිසාවේ උතුරු කොනේ රජයේ කාර්යාලයක මුරකරුවකු පැවසූ අරුම පුදුම කතාවකින් ආයතන ප්‍රධානියා මෙන්ම සෙසු කාර්ය මණ්ඩලය අන්දුන්කුන්දුන්වීමේ පුවතක් ඉකුත්දා වාර්තා විය. මුරකරු සති අන්ත දිනයන්හි සේවයට වාර්තා කිරීම නිසියාකාරව සිදු නොකෙරෙන බව ආයතන ප්‍රධානියාට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ලැබුණි.

ඔහු මේ ගැන වඩාත් විමසිලිමත් විය. සති අන්තයන්හි දින ගණනාවක් වරින් වර කාර්යාල පරිශ්‍රය නිරීක්ෂණය කළ ප්‍රධානියාට මුරකරු රාජකාරිය සඳහා නොපැමිණෙන බව සැක හැර දැන ගැනීමට ලැබුණි. සේවා දිනයක උදය කාලයේ මුරකරු ඇතුළු කාර්ය මණ්ඩලය කැඳවූ ආයතන ප්‍රධානියා රජයේ සේවයට නියමිත වේලාවට පැමිධෑම හා පිටවීම රාජකාරි කටයුතු නිසි පරිදි ඉටු කිරීම ආදී කරුණු ගණනාවක් ගැන ඔවුන් දැනුම්වත් කරන්නට විය. මේ අතර මුරකරු ඉකුත් දිනයන්හි නියමිත පරිදි රාජකාරියට වාර්තා නොකිරීම සම්බන්ධයෙන් ආයතන ප්‍රධානියා ඔහුගෙන් නිදහසට කරුණු විමසීය. “සර් මට රාජකාරියට වෙලාවට එන්න ලැබෙන්නෙ නැත්තෙ ගමනාගමන අපහසුකම් නිසයි. ගමේ ඉඳන් එන බස් එකෙන් තමයි වැඩට එන්නෙ.

ඒකෙ හැමතැනම එක එක කෑලි පටවලා. ගෝවා කෑලි, බටු කෑලි, වට්ටක්කා කෑලි, ඒ මදිවට හාල් කෑලිත් පටවලා. ඒ නිසා බස් එකේ ඉඩ ඇහිරිලා. ඒ නිසයි වැඩට වෙලාවට එන්න විදියක් නැත්තෙ. එහෙම නැතිව මගේ අඩුපාඩුවක් නිසා නෙවෙයි.” මුරකරුගේ කතාව ආයතන ප්‍රධානියාට මෙන්ම සෙසු අයට ද ප්‍රහේලිකාවක් වූයෙන් එකිනෙකා එකිනෙකාගේ මුහුණු බලාගත්හ. මුරකරු බේරා ගැනීමට කාර්ය මණ්ඩලයේ සිටි ඔහුගේ සගයෙක් ඉදිරිපත් විය. “සර් මෙයා මේ රස්සාවට එන්න කලින් අවුරුදු ගණනාවක් වැඩ කළේ ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයක. හාල් ගෝනියට, බටු ගෝනියට, වට්ටක්කා ගෝනියට මාර්කට් භාෂාවෙන් කියන වචන තමයි මෙයා කීවේ.” මුරකරුට රාජකාරිය නිසි පරිදි ඉටු කරන්නැයි ප්‍රධානියාගෙන් අවවාද කෙරුණු අතර අවවාදාත්මක ලිපියේ පිටපතක් මුරකරුගේ පෞද්ගලික ලිපි ගොනුවට ඇතුළත් කිරීමට ද නියම කෙරිණි.

(මාතලේ අධිකරණ වාර්තාකරු සසිරි රණහංස)



අදහස් (0)

එළවළු කැලි මුරකරුගේ පොලිසියෙන් ඇවිත් බේරාගනී රාජකාරියටත් බලපාලා

හිමාල් Thursday, 24 November 2016 03:50 PM

අවවාදාත්මක ලිපියක් නිකුත් කරන්න මේ ගැන පරීක්ෂණයක් කරලා නෑ. ඒ වගේම පුද්ගලික ලිපි ගොනුවට අවවාදාත්මක ලිපි ඇතුළත් කරන්න බෑ. එකම දේ පැමිණීම යහපත් කර ගන්න කියලා ලිපියක් නිකුත් කරන එක. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site