X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


එළුදෙනගේ කකුලේ තුවාලය වහන්න කලිසමක් අන්දලා

(ඉබ්බාගමුව - සම්පත් සෙනවිරත්න)
තම එළු පට්ටියෙහි එළුදෙනකගේ පාදයේ ඇති වූ තුවාලයක් නිසා එළු පට්ටි හිමිකාරිය විසින් එම එළුදෙනට කලිසමක් ඇන්දවීමේ පුවතක් කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වේ.


කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ එක්තරා ගමක වෙසෙන ව්‍යාපාරික කාන්තාවකි. සතුන් කෙරෙහි ඉමහත් ලෙන්ගතුකමක් දක්වන ඇය තරමක් විශාල එළු පට්ටියක හිමිකාරියකි.


දිනක් ඇයගේ එළු පට්ටියේ සිටින ගැබ්බර එළුදෙනකගේ කකුල බල්ලෙක් සපා කෑමෙන් තුවාල විය. දින කිහිපයක් තිස්සේ එම තුවාලයට තමන් දන්නා තරම් ගොඩවෙදකම් කළත් පලක් නොවූ නිසා ඇය අවසානයේ ප‍්‍රදේශයේ පිහිටි පශු වෛද්‍ය කාර්යාලයක් වෙත ත‍්‍රිරෝද රියකින් එළුදෙන ගෙනගියේ නිසි ප‍්‍රතිකාරයක් ලබා ගැනීමටය.


එළුදෙන පරීක්ෂා කළ පශු වෛද්‍යවරයා බෙහෙත් වර්ග කිහිපයක් දී උදේ හවස තුවාලයට දැමීම පිණිස එක්තරා කුඩු වර්ගයක් ද දුන්නේ ඒවා දැමීමෙන් අනතුරුව එළුදෙනට තුවාලය ලෙව කෑමට ඉඩ නොදෙන ලෙස හිමිකාරියට උපදෙස් දෙමිනි.


එළුදෙන සමඟ ආපසු නිවෙසට පැමිණි හිමිකාරිය ඌට කන්නට දී කකුලේ තුවාලයට වෛද්‍යවරයා දුන් බෙහෙත් කුඩු දමා එතැන ලෙවකෑමට නොහැකි වන අයුරින් එළුදෙන ලණුවෙන් කොටකර කණුවක බැන්දාය.


බෙහෙත් කුඩු දැමීමෙන් පසු තුවාලයේ ඇති වූ වෙනසක් නිසා හෝ  වෙනත් කරුණකට කොතරම් කොටකර බැන්ද නමුත් එළුදෙන තත්ත්පරයක් පුරාම තුවාලය ලෙවකෑමට උත්සාහ කරනු දුටු හිමිකාරිය එයට කුමක් කරන්නේදැයි දස අතේ කල්පනා කරමින් සිටින විට ඇයට කදිම අදහසක් පහළ විය.


වහා නිවෙස තුළට ගිය ඇය තම කුඩා පුතුගේ පරණ කලිසමක් සොයාගෙන විත් එළුදෙන බෑ බෑ කියද්දීම ඌට ඇන්දුවාය. ඉන්පසු එළුදෙන කොතරම් ලෙවකෑවත් උගේ දිවට ස්පර්ශ වන්නේ තුවාලය නොව කලිසම බැවින් හිමිකාරිය මහත් සැනසීමෙන් යුතුව දවසේ ඉතිරි වැඩවල නිරත වූවාය.



අදහස් (0)

එළුදෙනගේ කකුලේ තුවාලය වහන්න කලිසමක් අන්දලා

දයා නන්දසිරි Wednesday, 20 May 2015 03:27 PM

අන්න මොළේ (බ)

:       0       0

අවන්ති Friday, 22 May 2015 10:54 AM

ධර්මසූරිය ඒ ගැන නම් කියලා වැඩක් නැහැ .(හේ)

:       0       0

ලලිත් Thursday, 21 May 2015 08:57 PM

සතුන්ට හරිම කරුණාවන්ත හින්දා සත්ව කරුණාවට පස්සේ අභය දානය දෙන්න වෙන්න ඇති ලෙන්ගතුකමින් කරුණාවෙන් විශාල එළු පට්ටියක් පවත්වාගෙන යන්නේ? (නි)

:       0       0

සුසන්ත Thursday, 21 May 2015 10:58 AM

එකෙ එච්චර පුදුම වෙන්න දෙයක් නෑනේ (ම)

:       0       0

සමිත් මල්ලවඅාරච්චි Thursday, 21 May 2015 03:10 AM

කුරුණෑගල කියන්නෙ ලංකාවේ හොඳම පළාතනේ කොහොමත් (නි)

:       0       0

අහිංසා Thursday, 21 May 2015 01:27 AM

ධර්මසුරිය , කුරුණෑගල ගැන අපි නොදන්නා චෙස්! එහෙ ඉන්නේ ඔක්කො බෝධිසත්වයෝනේ (නි)

:       0       0

අශෝක Wednesday, 20 May 2015 06:57 PM

ත්‍රීරෝද රියකින් අරගෙන යනකොට දැඟලුවේ නැද්ද? (නි)

:       0       0

මිහිර Wednesday, 20 May 2015 04:08 PM

සත්ව කරුණාව සත්තු ටික ලොකු වෙනකල්ද.? (ර)

:       0       0

රියාල් Wednesday, 20 May 2015 03:45 PM

අනේ අප්පේ පොටෝ එකක් නෑනේ. කලිසම අන්දපු විදිය බලාගන්න (බ)

:       0       0

ධර්මසූරිය Wednesday, 20 May 2015 03:36 PM

කුරුණෑගල දිස්ත්‍රික්කේ මිනිස්සු කවදත් යහපත්.... මිනිසත් කම් වලින් පොහොසත්... සතා සර්පයාට වුනත් කරුණාවයි.(හේ)

:       0       0

නන්ද Wednesday, 20 May 2015 03:42 AM

" සතුන් කෙරෙහි ඉමහත් ලෙන්ගතුකමක් දක්වන ඇය" ට අපගේ ප්‍රණාමය (නි)

:       0       0

කුමාර Wednesday, 20 May 2015 02:43 PM

මටනම් මේකේ වරදක් පෙනෙන්නේ නෑ.මෙතන එම කාන්තාව දෙස උපහාසාත්මකව බලන්න ඕන නෑ. (බ)

:       0       0

ලක්මාල් Wednesday, 20 May 2015 01:01 PM

ඒ අදහසත් නරකම නෑ.(හේ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 20 May 2015 10:15 AM

මොනවා උනත් කදිම නුවන !(ම)

:       0       0

දයා අලහකෝන් Wednesday, 20 May 2015 08:17 AM

තැනට සුදුසු නුවණ කදිමයි (ම)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 20 May 2015 05:33 AM

හිමිකාරිය කළේ හොඳ දෙයක් .කලිසමේ එක කකුලක් වෙන්න ඇති අන්දන්න ඇත්තේ නේද? (බ)

:       0       0

වසන්ත Wednesday, 20 May 2015 05:24 AM

සතුන්ට කරුණාව ඇති කාන්තාවක් (නි)

:       0       0

සමන් Wednesday, 20 May 2015 05:12 AM

මාර ලෙන්ගතුකමක්නේ! මේ කියන අය සත්තු හදන්නේ කිරි බීමට විතරද? (නි)

:       0       0

සුනෙත් හේමන්ත Wednesday, 20 May 2015 04:56 AM

සත්ව හිංසනය වැඩිවෙන මෙවන් කාලයක මෙය අගය කළයුතු දෙයකි. එම කාන්තාව කළේ කුමක් වුවත් එය සතාගේ යහපත සඳහා කළ දෙයකි. (නි)

:       0       0

සඳුන් Wednesday, 20 May 2015 04:31 AM

එළුදෙන "බෑ, බෑ" කිව්වට, ඒ කියන්නේ "හා, හා" කියලා. ඒ කාන්තාව ඒක දන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site